chapter 2

398 57 2
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 02 )

" ඔන්න බලන්නකො මං කරන්නෙ මොකක්ද කියලා.... "

එහෙම කියලා ශෙනක්ෂි කෙලින් හිටගත්තෙ කඩාකප්පල්කාරී හිනාවකින් දූර්ෂා දිහා බලාගෙන. ඒ බැල්ම දිගෙ දූර්ෂා දිහා බලපු නිම්නාදිත් විහෙන්‍යත්  මුහුණට මුහුණ බලාගෙන හිනා වුනෙ ශෙනක්ෂි ගැන හොදින්ම දන්න නිසා.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

" දූර් පැටියෝ..... ලොචනා සැන්විච් එකත් අරන් මෙ පැත්තෙන් එලියට දිවුවේ...... "

අහක බැලු එක් මොහොතකින් ලොචනත් සැන්විච් එකත් අතුරුදහන් වෙලා තිබුණු නිසා දූර්ෂා වුන්නෙ මූණ බෙරි කරගෙන. ඒ මොහොතින් ප්‍රයෝජන ගත්ත ශෙනක්ෂි අමුතුම දයාවක් දූර්ට පැවෙ හොදකට නම් නොවෙයි.

" තැන්ක් යූ ශෙනක්ෂි..... "

" මගේ සැන්විච් එක මෙහාට දෙනවා ලොචියෝ............ "

දූර්ෂා ඇයට ස්තූති කරමින්ම සෝස් කප් එකක් ද රැගෙන ඒ දෙසට දිව එනවාත් සමගම ශෙනක්ෂි කකුල ඉදිරියට දිගු කලෙත් ඒ කකුලෙ පැටලිලා දූර් බිමට වැටුනෙත් එකවර. දූර් වැටෙනවත් එක්කම ඇයගෙ අතින් ගිලිහුණු සෝස් කප් එක පාවෙලා ඇවිත් දූර්ගෙ යුනිෆෝම් එක මතට වැටුනෙ හිතන්නවත් කාලයක් ඉතිරි නොකර. දූර්  අඩන්න වගේ මූණ හදාගෙන සෝස් තැවරුනු  යුනිෆෝම් එක දෙස බලද්දි ශෙනක්ෂි ඇතුලු අනෙක් සියලු දෙනාම සමච්චල්යට සිනාසුනා. ගවීන් ඇතුලු පාසල් පාපන්දු කණ්ඩායමෙ සාමජිකයන්ද කැන්ටින් එක දෙසට ආවෙත් ඒ එක්කම.

කැන්ටින් එකට මැද බෝලයක් වගේ පෙරලිලා වුන්න දූර්ව දැකපු ගාවින්ට ද සිනහ නොවි බැරි වුණා.

" අප්පටසිරි...... බුල්ඩෝසර් එකක් පෙරලිලා... මෙ පැත්තෙ පාර වහන්න වෙන සීන් එකක් නෙ වෙලා තියෙන්නේ... "

ගාවින්ගෙ කතාව නිසා සමච්චල්සහගත සිනා හඩ තවත් වැඩි වුනෙ දූර්ව තව තවත් අපහසුතාවයට පත් කරමින්. දූර් අපහසුවෙන් නැගිටින්න උත්සහ කරනවත් එක්කම ගාවින්ට පිටුපසින් සිටි සාතික් ඉදිරියට විත් දූර් වෙත අත දිගු කලෙ ඇයට සිනහවෙන කිසිවෙකුවත් ගනනට නොගෙන. සාතික්ගෙ රැවිල්ලකට ලග බැල්ම ශෙනක්ෂිව නිහඩ කලෙ හරි අපුරුවට.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Onde histórias criam vida. Descubra agora