😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 25 )
" ශිට්!!!!! කෙල්ලගෙ වෙලාව හොදයි... "
ඔහු නැවතත් වෙරෝසා රථය වෙත එන්න හැරුනෙ හිස් අතින්ම.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
සිදුවූ කිසිවක් සිතා ගත නොහැකිව දිව ආ දූර් නතර වුණේ රෝහලේ හදිසි අනතුරු ඒකකය අසල. ඒ අතරේ විහෙන්‍යත් නිම්නාදිත් රෝහල් කොරිඩෝව දිගේ බර අඩි තියමින් ඇවිදිමින් සිටියේ බොහෝ නොසන්සුන්ව. දූර්ට තවමත් සිදුව ඇති දේ සිතා ගන්න බෑ.
" ඔයා පලිගත්තා දූර්... ඔයාට ඕන දේ සිද්ධ වුණා.... "
තත්පරෙන් තත්පරේ ම දූර්ගේ හිත තුල දෝංකාර දෙන්නේ විහෙන්‍යගේ ඒ නොසරුප් වචන. කෙතරම් උත්සාහ කලත් විහෙන්‍යා කියූ ඒ වචන වල තේරුම නම් දූර්ට තාමත් තේරුම් ගන්න බෑ.
" මට කාගෙන්වත් පළිගන්න ඕන නෑනෙ... "
දූර්ගේ හිත කිව්වේ එහෙම. කොතරම් දෙනෙකු ඇයගේ සිත රිදවා තිබුණත් ඒ එක් අයෙකු ගෙන් වත් පලි ගන්න තියා පළිගැනීම කියන වචනයටත් දුර් දැක්වූයෙ පුදුම අකමැත්තක්. සෑම විටම දූර්ගෙ හිත ක්‍රියා කළේ ඕනාවටත් වඩා අහිංසකව. ඉතිං කෙල්ලන්ගේ සිහින කුමාරයා වූ සාතික්ද ඇයට මෙතරම් ඇලුම් කරන හේතුව වූයේ ද එයමයි. විෂූල්ගේ සිත නැවත නොගත හැකි සේම පැහැර ගෙන තිබුනේද ඇයගේ ඒ අහිංසක ගුණාංගයයි. දූර්ගෙ ඒ අහිංසක කම නිසාම ඇයව රිද්දන්න බලන් ඉන්න පිරිසත් වැඩි වුන එක නොරහසක්.
රෝහල් කොරිඩෝවේ විහෙන්‍යත් නිම්නාදිත් පෙනෙන මානයේ සිට දූර් කල්පනා කරමින් උන්නේ ඔවුන් සිටින තත්වය අනුව කෙලෙස කතා කළ යුතුද කුමක් ඇසිය යුතුව ද යන්න. ඒ මොහොත වන විටත් නොසන්සුන්ව එහෙට මෙහෙට ඇවිදිමින් සිටි විහෙන්‍යගේ ඇස් දූර් ලග නතර වෙන්නෙත් ඒ මොහොතේදීය.
" ආ..... අහිංසකත්වයේ ප්‍රතිමූර්තියත් මේ ඇවිත් තියෙන්නේ.... දැන් ඉතින් මෙතනට මෙයා විතරයි අඩුවෙලා තිබුනෙ.... "
විහෙන්‍යා කට උලුක් කරමින් දූර්ට බැන වදින්නට වූ හේතුවවත් ඇය දැනගෙන වුණේ නෑ. විහෙන්‍යාගෙ හැසිරීම තේරුම් ගත නොහැකි වූ දූර් පසෙකින් සිටි නිම්නාදි දෙස බැලුවේ සිදුවන්නේ කුමක්ද කියලා අහන්න වගේ බැල්මකින්.
YOU ARE READING
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...