😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 34 )
සාතික්ව වේදිකාවෙන් පහළට ගෙනියන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. හෙම්බත් වෙලා වෙනම ලෝකෙක වුන්න සාතික්ට නින්ද යන්න බෙහෙත් එන්නත් කරන්න වෛද්‍යවරියට සිද්ද වුණා. සාතික්ගෙ අප්‍රාණික සිරුර රෝහල වෙත රැගෙන යන්න ක්‍රියාත්මක වුනෙ ඊළග මොහොතෙ.
සාතික් තවමත් හුස්ම ගන්නවා එත් ඔහු දැන් හදවත මැරුනු හිස් ජීවතයක් විතරක් වෙලා. සාතික් සේම දූර් ද හුස්ම ගන්නවා ඇති මැරුණු හදගැස්මක් එක්ක...
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" අවුරුදු තුනක්...!!
අවුරුදු තුනක් කියන්නෙ ලොකු කාලයක්... ඒ අහිමිවීම් විතරක්ම තිබුණු මගේ ජීවිතෙ අමාරුම කාලෙ... මුලින්ම දූර් ඊළගට මගේ අම්මා... දූර් නොකියම ගියා එතකොට අම්මා.. එයාට යන්න වුණා... "ගෙවුන අවුරුදු තුනක අමිහිරි මතකයන් ගැන සාතික්ගෙ වචන වලින්ම කිවුවොත් එලෙසය.
දූර්ගෙ හදිසි වෙන්වීමෙන් පසු මානසිකව දුර්වල වූ සාතික්ගෙ ප්‍රතිකාර සදහා වසුන්දරාටත් ප්රකාශ්ටත් ඉන්දියා ගමන කල් දාන්න සිද්ද වුණා. සාතික්ගෙ මානසිකත්වය යහපත් වන තුරු ලංකාවෙ සිටි ඔවුන් මාසයකට පසු ඉන්දියාවට එන්නෙ සාතික්ගෙ අකමැත්ත උඩ. නමුත් ශ්‍රීලංකාවේදි දූර් හා බැදුනු මතකයන් සාතික්ගෙ මානසික සුවතාවයට බාදාවක් වුණා. ඒ නිසාම අකමැත්තෙන් වුවත් සාතික්ව ඉන්දියාවට ගෙනයන්න ප්‍රකාශ් වසුන්දරා දෙදෙනා කරන්න පුලුවන් හැමදේම කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාතික්වද ඔවුන් සමගින් රැගෙන යන්න ඔවුන්ට පුලුවන් වුණා.
විෂූල් ලෝචී දෙදෙනාව අවසන්වරට සාතික්ට හමු වුනෙ ගුවන්තොටුපලෙදි. මගී පර්යන්තයෙන් සාතික් ඇතුලු වීමට පෙර සුභ පැතුම් එක් කල විෂූල් ඔහු වෙත දිගු කලෙ කොල කැබැල්ලක්.
" මෙච්චර කාලයක් මෙක මං ළග තිබුනෙ.... එදා දූර්ව හොස්පිට්ල් ගෙනියද්දි මෙක උඹේ ජැකට් එකෙන් වැටිලා... ඇත්තටම සාතික් මං මෙක කලින් උඹට දුන්නෙ නැත්තෙ ඊරිසියාවට.... එත් මං දන්නෙ නෑ අපි ආයෙ කවදා කොහොම හම්බවෙයි ද කියලා... ඒ නිසා මට තවත් මෙක රහසක් විදියට තියාගන්න බෑ... "
CZYTASZ
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romans#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...