Chapter 14

235 47 3
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 14 )


" ඇයි බැරි විෂූල්‍.... ඔනම කෙනෙක්ට ඔනම මොහොතකදි ඔනම කෙනෙක් වෙනුවෙන් ආදරයක් ඇති වෙන්න පුලුවන්....
උඹ වගේම මමත් දූර්ට ආදරේ කරනවා ඒකයි ඇත්ත.... "


දූර්ට ආදරේ කරන බව සාතික් කිවුවේ හදවතින්ම. සාතික්ගෙ හඩේ තිබුණු ස්තීර බව නිසාම එය විහිලුවක් හෝ බොරුවක් නොවන බවට විෂූල්‍ට විශ්වාසයි. විෂූල්‍ මොහොතින් මොහොත නොසන්සුන් වුනෙ මෙතෙක් දිනක් සැකයක් පමණක් වූ දේ ඇත්තක් වී ඇති බව තේරුම්ගද්දීය.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

"පලයන් සාතික්....  මෙතනින් පලයන්...
මට උඹ කියන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ....
මම පැරදිලා ඉවරයි....  දැනටමත් පැරදිලා ඉවරයි... "

විෂූල්‍  දෝතින්ම හිස බදාගෙන දණින් වැටුණේ වේදනාවේ උපරිම යේදී. සාතික්  ද ඇයට ආදරය කරනවා නම් දුර්ගේ ද තෝරාගැනීම නිසැකවම සාතික්  වන බවට විෂූල්ට විශ්වාසයි.  විෂූල්‍ට අද වන තුරු තිබුණු එකම බලාපොරොත්තුව වූයේ දුර සාතික්ව තෝරා ගත්තත් ඔහු ඇයව තෝරා නොගන්නාවි යන්නය. ඉතිං සාතික් ද ඇයව තෝරා ගත්තා නම් විෂූල්ගෙ  අවසන් බලාපොරොත්තුව ද සුනුවිසුනු වී යාම කාහට නම් වැළැක්විය හැකිද.

දෝතින්ම හිස බදාගෙන දණින් වැටී සිටින විෂූල්ගෙ  උරහිස මත අත තිබු සාතික් කතා කරන්නට වුණා.



" උඹ ඉන්නෙ ලොකු වැරදි වැටහීමක විෂූල්‍... "




සාතික්ගෙ ඒ කතාවට විෂූල්‍ හිස එසවූයේ පුදුමෙන්.


" ඔව් විෂූල්‍  උඹට වැරදිලා....
ඇත්ත උඹයි මමයි දෙන්නම දූර්ට ආදරේ කරනවා හැබැයි ඒ දෙවිදියකට.... "



" දෙවිදියක් ඒ කිව්වේ... "

විෂූල්‍ නැගිටලා සාතික්ගෙ දොවුරෙන් අල්ලගත්තෙ වේයෙන්. සාතික්  පිළිතුරු දෙනතුරු ඔහුගේ ඇස් වලට එබීගෙන ඉන්න විෂූල්ගෙ නොසන්සුන් බව ඒ මොහොත වන විට මදක් නිවි  ගොසින් තිබුණා.

විෂූල්ගෙ  ග්‍රහණයෙන් මිදුණු සාතික් විෂූට පිටුපා සිටගත්තේ කලිසම් සාක්කුවට අත්දෙකම ඔබා ගනිමින්. ඇස් දෙක වහගෙන බරැති සුසුමක් වාතලයට මුසු කළ සාතික් අපහසුවෙන් හඬ අවදි කළේ තත්පර කිහිපයකට පසුවය.


🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Where stories live. Discover now