Chapter 28

174 41 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 28 )


" මොකක්ද මෙතන වෙන්නෙ.... "

ඔවුන් දෙදෙනා සිටි තැනට මදක් එහායින් ඇසුනු කටහඩ නිසාම ගැස්සිලා වගේ විෂූල්ගෙ තුරුලෙන් ඈත් වුන දූර් බිම බලාගත්තෙ වරදක් කර හසු වූවාක්  වැනි හැගීමකින්.


😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋


" දැන් කාලෙ හැදෙන තරුණ ළමයි නම් අන්තිමයි....  ඔය දෙන්නා මේක පාක් එකක් කියලද හිතාගෙන ඉන්නේ ගැරඩි දෙන්නෙක් වගේ වෙලීගෙන ඉන්න... "


" අංකල්...., ඔයා හිතපු දේ නෙමේ මෙතන වුනෙ.... "


" යනවා යනවා අයිසේ.... ඇටෙන්පොත්තෙන් එළියට එන්න කලින් මගුල් විසේ මුන්ට.... තව එනවා මට කියාදෙන්න... "


" මොකක්ද දැන් අංකල් කියන්නේ.... ඔයා වැරදි තමයි අංකල් මොකද මේ ඉන්නෙ මගේ...... මගේ..... මගේ හොදම යාලුවා... "



අවුරුදු හැත්තැවකට වැඩි පෙනුමැති මහළු මිනිසෙකු  සමගින් රණ්ඩුවට යාමට තරම්ම විෂූල්‍ මනසින් ව්‍යාකූල වී වුන්නා. බොරු රණ්ඩුවක පැටලෙන්න යන විෂූව දූර් මෝටර් රථයට නංවාගත්තෙ තරවටු කරලාය.


" අපේ සීයා වගේ මනුස්සයෙක් එක්ක රණ්ඩුවට යන්න ඔයාට පිස්සුද විෂූ... "


විෂූල්‍ මෝටර් රථය පණගන්වන තුරුත් මහළු මිනිසා පාරෙ අනෙක් පස සිට ඔහුන්ට මොන මොනවදෝ කියමින් විටෙක හැරමිටිය දිගු කරමින් බැනවදින්නට වුණා.


" අංකල් අපි ගැරඩි නෙමේ හූ.............. "


මෝටර් රථය ඉදිරියට ධාවනය කරමින් විදුරුවෙන් එළියට එබුනු විෂූල්‍ කෑගැහුවේ මහළු මිනිසාගෙ කේන්තිය තවත් අවුස්සන්න. බලාපොරොත්තු වූ ලෙසම මහළු මිනිසා ද නොසරුප් වචන බොහොමයක් කියමින් මෝටර් රථය පිටුපසින් අඩි කිහිපයක් දිව ආවෙ විෂූල්‍ පසු බැලුම් කණ්නාඩියෙන් බලාගෙන් හිනා වෙද්දි.


" ඔයා නම් නරකයි විෂූ.... "


බොරු තරහකින් අහක බලාගෙන දූර් එහෙම කියද්දි විෂූල්‍ මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ දූර්ගෙ මූණට ආයෙත් හිනාවක් ගෙන බලාපොරොත්තුවෙන්.


🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Onde histórias criam vida. Descubra agora