Chapter 20

232 42 2
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 20 )

" මොකක්ද කිවුවේ....? "

සාතික්ගෙ ඇස් වල තිබුණු ඒ නුරා ප්‍රේමනිය හැගීම දූර්ගෙ හදවත මොහොතකට නතර කලා වැනිය. විසල් වූ දූර්ගෙ දිදුලන ඇස් දිහා බලාගෙනම සාතික් රත් පැහැ ඒ දෙතොල් මතට බර වුනෙ දූර් නෙතු පියාගද්දීය. නුරා පෙම් වසන්තයක ආල පුරමින් ගෙවුන ඒ සොදුරු මොහොත නිම වුනෙ දෙදෙනාගෙම මතක පොත් අතර නොමැකෙන ලෙසින් ඒ හැගීම් සටහන් තැබුවාට පසුවය.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

රෝහල් කොරිඩෝවේ පුටුවකට බර වී ඇගිලි පටලවමින් ශෙනක්ෂි බොහෝ නොසන්සු මොහොතක් ගත කරන්නට වුනෙ දූර් විසින් සාතික් හට මොනවා කියා වි දැයි සිතාගත නොහැකිවය. ශෙනක්ෂි කෙතරම් බිය වී සිටයද කිවහොත් දූර්ගෙ කාමරයෙ දොර ඇරෙන වැසෙන වාරයක් පාසාම ඇයගෙ හදගැස්ම නතර වන්නෙ ඉබේටම.  නලළත රැදෙන දා බිංදු පිසලමින් සිටි ශෙනක්ෂිගෙ අමුතු හැසිරිම ලෝචීගෙ හිතට සැකයක් පතුරවාලන්නට තරම් හේතු වුණා.


" අහ් පොලිසිය එනවා.... "


කොරිඩෝවේ එක් කොනකින් මතු වුන පොලිස් නිලදාරින් ඔවුන් දෙසට එන විට ශෙනක්ෂි සන්සුන් වෙන්න කෙතරම් උත්සහ කලත් ඇය හුන් අස්නෙන් නැගිටුනෙ ඉබේටම. ගැහෙන දෙපාත් වෙවුලන දෑතුත් ඇයව මනසින් බොහෝ දුර්වල කරලා තිබුණා.

පොලිස් නිලදාරින්ට ඉදිරියෙන් පැමිණි හෙදිය  ඔවුනට දොර විවර කර දුන්නෙ දූර්ගෙ කාමරයේය.
කාමරයෙ දොරින් පොලිස් නිලදාරින් ඇතුලට එන විට දෑත් පටලවාගෙන සිටි සාතික් දූර් ඔවුන්ගෙන් වෙන් වුණා. සාතික් දෙයත් බැදගෙන සයනය අසලින් මෑත් වෙද්දි දූර් බොහෝ ලෙන්ගතුව සිනාසුනෙ පොලිස් නිලදාරින් සමඟ.


" කොහොමද දැන්.. ? "

පොලිස් නිලදාරිවරයා එසේ අසද්දි දූර් හිස සෙලවුවේ හොදයි කියන්න.


" අපිට දුවගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න තියෙනවා..... "

ලියකියවිලි වගයක් පෙරලමින් පොලිස් නිලදාරිවරයා එසේ කියද්දි විවර වූ දොර අභියස සිටගත්තෙ ශෙනක්ෂිය. හැමෝගෙම අවදානය පොලිස් නිලදාරියා සතු වුවත් දූර්ගෙ බැල්ම ශෙනක්ෂිගෙ උවන මත නතර වුනෙ කලකිරිමකින්. දූර් බලා සිටිද්දීම  දෙයත් එකතු කරමින් ඇස් වල කදුළු පුරෝගත්ත ශෙනක්ෂි කියන්න හදන කතාව දූර්ට තේරුම්ගන්න අපහසු වුනේ නෑ. බෙහෙවින් අසරණ වෙල වුන්න ශෙනක්ෂි දිහාම බලාගෙන ඉන්න දූර්ගෙත් ඇස් වලට කදුළු පිරුණු හේතුව ඇයවත් දන්නෙ නෑ.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora