Chapter 19

263 45 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 19 )

" අයියෝ ලොක්කා පිස්සු කතා කරන්න එපා.... අර කෙල්ල පොලිසියට ගියොත් එහෙම අපිට කෝටි දහඅටත් නෑ මුකුත් නෑ.... කාන්තිගෙ මිස්ගෙ පොට් එකෙ දාසයෙ පොඩි කෑල්ලක් ඉන්නවා.... රෑ වෙලා ලොක්කට ගෙනත් දෙන්නම්... මේ වගේ නෙමේ ලොක්කා ඒක.... දැන් දෙයියන්ගෙ නාමෙන් මොණරු ගැන හිතලා මෙ වැඩෙ ඉවර කරලා ඉමු ද.... "


අජිත්ගෙ පෙරැත්ත මත ශල්‍යකර්ම සදහා බාවිතා කරන සැත අතට ගත්තද වෛද්‍යවරයාගෙ රාගික සිතුවිලි දිව ගියෙම දූර් කෝමල වූ ගැහැණු සිරුරේ නග්න වූ අවයවයන් මතටය. ගැහැණු සිරුරේ හැගීම් අවුලවන්නා වූ පිරිපුන් කෝමල රේඛාවන් ඉදිරියෙ වෛද්‍යවරයාට ඔහුගෙ උපන් රාගික සිතුවිලි දමනය කරගැනීමට පවා පාලනය කරගත ද නොහැකි තරම්ය.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

අජිත් දෙයත් බැදගෙන බිත්තියට හෙත්තු වුනෙ ලැබෙන්නට යන කෝටි ගණනක මුදල් කන්දරාව ගැන සිහින දකිමින්ය. වෛද්‍යවරයා සැත රැගෙන දූර් අසලට විත් අජිත් දෙස බැලුවෙ ඔහුගෙ ආශාවට අජිත්ගෙන් අවසන් මොහොතෙ හෝ අවස්ථාවක් උදා වේයැයි සිතාගෙන. වෛද්‍යවරයාගෙ බැල්ම තේරුම්ගත් අජිත් අතින් හිස කෙස් අවුලුවා ගත්තෙ මදක් කිපුණු  බවකින්ය.



" අයියෝ ලොක්කටත් මේ වෙලාවෙම....
හරි හරි කරන දෙයක් ඉක්මනින්.... "



අජිත් තරහින්ම සද්දෙට දොර වසාගෙන පිටතට යද්දි වෛද්‍යවරයාගෙ මුහුණෙ ඇදුනෙ රාග ගින්නේ ඇවිලෙන කාමුක සිනහා රැල්ලක්. සැත පසෙකින් තිබු වෛද්‍යවරයා ශර්ටයෙ බොත්තම් පන්නන්නට පටන්ගත්තෙ ඇස් වලින් පවා දූර්ව ගිල දමමින්.



" උඹ මගේ වෙන්න ලැස්ති වෙයන්... "



දූර්ගෙ මුහුණ පුරා ඇගිලි තුඩු යවමින් ඇයගෙ ගෙලට පහත් වූ වෛද්‍යවරයාව පසෙකට ඇද දැමුවේ ඒ මොහොතෙම කාමරයට ඇතුලු වූ සාතික්ය. පසෙකට තල්ලු වී ගිය වෛද්‍යවරයා බිත්තියට හෙත්තු වී නතර වුනෙ සිදු වූයෙ කුමක් ද කියා තේරුම්ගත නොහැකි ලෙසට. දූර් දෙසත් වෛද්‍යවරයා දෙසත් බැලු සාතික්ගෙ ඇස් නතර වුනෙ බොත්තම් ලිහිල් කල ශර්ටයෙන් මතු වී පෙනෙන වෛද්‍යවරයාගෙ නිරුවත් පපුව මත.


🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora