Chapter 8

339 51 3
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 08 )


" මං කිවුවේ ලස්සනයි.... කාර් එක... "

කට කොනින් හිනාවෙගෙන සාතික් ව්‍යංගයෙන්  කතා කලෙ මෝටර් රථය ගැන නම් නොවේ. සාතික් දෙස පුදුමයෙන් බලාගෙනම විෂූල්‍ දූර්ගෙ අත ලිහිල් කරන විට දූර් අත ඇදලා ගත්තෙ හුස්ම ගන්නත් අමතක වුණා වගේ. දූර් වේගයෙන් ගැහෙන හදවතින්ම බිම බලාගත්තෙ සාතික් දිහා බලන්න බැරිකමට. නමුත් සාතික්ගෙත් විෂූල්ගෙත් බැල්මන් එකිනෙකා හා යා වුනෙ සීතල යුද්ධය පෙරනිමිති පාමිනි.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

" මූ මොනාද මෙහෙ කරන්නේ..... "

සාතික් අමුතු හිනාවකින් ඔවුන් දෙස බලන් ඉද්දි විෂූල්‍ ඇහුවෙ දූර්ගෙ මූණට එබීගෙනය. දූර් අහිංසක ලෙසින් සාතික් දෙසත් විෂූල්‍ දෙසත් බලන විට සාතික් දෙයත් බැදගත්තෙ කට කොනක මැවුනු හිනාවකුත් එක්ක.

" මේ..... විෂූල්‍ මේ..... "

කියාගන්න දෙයක් නොමැතිව දූර් අපහසුවෙන් වචන අමුණන විට පිටතට පැමිණියෙ බෝඩිමේ ආන්ටිය.

" ඔන්න ළමයි මම එක පෙට්ටියක් අරන් ආවා... "

දූර් විසින් බඩු  අසුරන ලද පෙට්ටියක් උස්සගෙන එළියට ආව ආන්ටි තිදෙනා සමගම සිනාසුනෙ බොහෝ ලෙන්ගතුවය.


" කෝ දෙන්න ආන්ටි..... මම ගන්නම්... "


ආන්ටිගෙ අතින් බඩු පෙට්ටිය අරගන්න ඉදිරිපත් වුනෙ සාතික්. සාතික් පෙට්ටියත් උස්සගෙන කාර් එකට යන දිහා විෂූල්‍ බලන් වුන්නෙ තේරුම්ගත නොහැකිව. බඩු පෙට්ටිය සාතික්ගෙ අතට දුන් ආන්ටි දූර්ට කරදර නොකරම  නිවස තුළට ගියෙ අමුත්තෙකු පැමිණ සිටි නිසාය.


" ආ.... ආන්ටිගෙ වැඩකට ද අරු ඇවිත් තියෙන්නෙ... "


විෂූල්‍ හිතුවෙ එහෙම. ගැටගහන්න උත්තරයක් පේන තෙක්මානයක නොතිබුණු මොහොතක දූර්ගෙ වාසනාවට විෂූල්ගෙ මුවින්ම සාධාරණ උත්තරයක් පිට වුණා.


" ඔව් ඔව්..... ආන්ටිගෙ වැඩකට වෙන්න ඇති.....
ඔයා දැන් යන්න විෂූ අපි හෙට කොලෙජ් එකෙදි මීට් වෙමූ... "


🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Donde viven las historias. Descúbrelo ahora