😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 06 )
සාතික් ඔයා.......????
දූර් කතා කලෙ වචන අමුණගන්න පුලුවන් වුන පළවෙනි තත්පරයෙම.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" සාතික් කවුද පුතේ ආවේ.... "
දූර් තවමත් පුදුමයෙන් සාතික් දිහා බලන් ඉන්න අතරෙ නිවස තුළින් ඇසුනෙ වසුන්දරාගෙ හඬ.
දූර් නැවතත් අඩියක් පිටුපසට තියලා නිවසෙ අංක තහඩුවට එබුනෙ ඇයට වැරදීමක් වුණා දෝයි සිතමින්.
" මට වැරදිලා නෑ.... මේ බී හැට හයම තමයි... "
දූර් සිතින් මුමුණන්නට වුනෙ කුමක් කරන්නදෝයි සිතමින්. අත් දෙකත් බැදගෙම සාතික් උලුවස්සට හේත්තු වුණේ දූර් පැමිණි කාරනය පවසන තුරුය. නමුත් දූර් වුන්නෙ කියන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව.
" කවුද පුතේ.... "
වසුන්දරා නැවත වරක් අසමින්ම සාතික්ගෙ දකුණු අතට එහායින් එළියට එබුනා.
එළියට වෙලා හිටගෙන වුන්න දූර්ව දුටු වසුන්දරා බෙහෙවින් සුන්දර සිනහවක් ඇයට පිළිගැන්නුවේ ලෙන්ගතුකමින්ය. සාතික්ව තල්ලු කරගෙනම දූර් ළගට ආව වසුන්දරා සමග දූර් හිනා වුනෙ සාතික් දෙසද වරින් වර බලමින්.
" දුව.... දූර්ෂා නේද... "
වසුන්දරා ඇහුවෙ දූර්ගෙ නම මතක් කරමින්. වසුන්දරාගෙ මුවින් දූර්ගෙ නම පිටවෙද්දි සාතික්ට කැස්සක් ආවෙ ඉබේටම. දූර් ද ගැස්සිලා ගියෙ වසුන්දරා ඇයව හදුනන බව නොදැන සිටි නිසාය.
" ආන්ටි මාව දන්නවද.... "
දූර් ඇහුවෙ පුදුමයෙන්.
" ගාමිණී මට කිවුවා.... ඔයා අද එයි කියලා..... "
වසුන්දරා කතා කරන්නෙ දූර්ගෙ අප්පච්චි වන ගාමිණී ෆර්නැන්ඩස් ගැනය. සිදුව ඇති දේ ඇයට වැටහුනෙ එවිටය. අප්පච්චි දූර්ගෙ පැමිණිම ගැන කලින්ම වසුන්දරාව දැනුවත් කර තිබුණා.
" අනේ ඇයි අපි මේ තවත් එළියට වෙලා කතා කරන්නෙ... එන්න යමු ඇතුළට.... "
KAMU SEDANG MEMBACA
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romansa#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...