😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 15 )
ගීතය අතරතුර දූර් දෙස නොබලා ඉන්න කෙතරම් උත්සාහ කලත් සාතික්ගෙ මුවින් බොහෝ පදවැල් මිමිණුනෙ දූර්ගේ උවන මතදීය. විෂූල් ඇයගේ කෙහෙරැළි අවුස්සමින් පැද්දෙමින් කරන එක එක විකාර නිසාම දුර ඒ මොහොත ගත කළේ බොහෝ අපහසුවෙන් මෙනි. දූර් විෂූල් දෙදෙනා දෙසත් සාතික් දෙසත් වරින්වර බලමින් සිදුවන දේ තේරුම් ගත නොහැකිව වුන්න වසුන්දරාගෙ හිතට දැනුනෙ කුමක් හෝ නරකක් වෙන්න යන බවය. ගීතයෙ පදවැල් වල තේරුම වසුන්දරාගෙ මෙන්ම සාතික්ගෙද හිත රිදවන්නට හේතු වුණා. විෂූල්ගෙ විකාර වැඩ නිසාම ගීතයට සම්පූර්ණ අවදානය යොමු කරන්න තරම් මනසක් දූර්ට ඉතුරු වෙලා තිබුනෙ නෑ.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" හායි දූර් ගුඩ් මෝනින්.... "
" ගුඩ් මෝනින් දූර්... "
" ආ.... දූර් කොහොමද ඉතිං.... "කොලේජ් එකේ පිවිසුම් දොරටුවේ සිට ම මුහුණට හමුවන බොහෝ දෙනා දූර් සමගින් බොහෝ මිත්රශීලීව කතා කරන්න අමතක කලේ නෑ. ඇතැමුන් ආගිය තොරතුරු අසමින් මීට පෙර කිසිදාක නොතිබුණ මිත්රත්වයක් ඇතිකරගන්න මහත් පරිශ්රමයක යෙදුණා. මීට පෙර දූර් සිනාසුනත් ඇය සමගින් සිනා නොවී ඔළුව උදුම්මාගෙන සිටි බොහෝ දෙනා ද ඇය හමුවී කතා කරන්න තරම් මුළු කොලෙජ් එකම එක දවසකින් වෙනස් වෙලා කියලයි දූර්ගෙ හිත කිව්වේ.
"දෙවියනේ... මොන වගේ වෙනසක් ද මේ.... "
ඇය තනිවම සිනාසෙන්නට වුණේ ඇයගේ දෛවයේ එකවරම සිදු වූ වෙනස ගැන සිතමින්. කොලෙජ් ජීවිතය එපා වෙලා තිබුණු දූර්ට ආයෙත් සතුටින් කොලේජ් එන්න ඕන කියන හැඟීම ඇති වුනේ ඒ මොහොතේදී.
" දූර් අක්කී අනේ අපි සෙල්ෆියක් ගමු.... "
දෙවන වසරේ සිසුවියන් කිහිප දෙනෙක් ඇයව වට කරගත්තේ ඇයත් සමඟින් ඡායාරූපය ගැනීමට අවසර ඉල්ලමින්. මේ වෙනස දූර්ට හිතාගන්නවත් බෑ. කෙනෙකුගේ ජිවිතේ මේ තරම්ම ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද කියලා දූර් හිතන්න වුනේ දෙවන වසරේ සිසුවියන් සමඟින් ඡායාරූප වලට පෙනී සිටින අතරතුර.
ESTÁS LEYENDO
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...