Chapter 26

179 35 0
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 26 )


"  කොහෙද යන්නේ... එලියට වෙලා ඉන්නවා.... "

සාතික්ගේ පිටුපසින් ඒකකය තුළට ඇතුළුවීමට ගිය දුර්ව නතර කළ විහෙන්‍යා  ඇයට පැමිණිය නොහැකි වන සේ දොර වසා දැමුවේ වේගයෙන්. දූර් අඩියෙන් අඩිය පිටුපසට තල්ලු වී ගොස් බිත්තියට හෙත්තු වුනෙ ඇස් වල කදුළු පුරෝගෙන.


😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋


නොකල වරදකට ඇය වැරදිකාරිය කර තීන්දුවද දී අවසන් වූ මොහොතකට තනිවම හඩනවා ඇරෙන්නට ඇයට වෙනත් විසදුමක් තිබුනෙ නෑ. සාතික්ගෙ දුරකථන අංකයෙන් දූර්ට කෙටි පණිවිඩයක් ලැබුනෙ ද ඒ මොහොතෙදි. පිටි අල්ලෙන් කදුළු පිසලමින්ම දූර් දුරකථනය තිරය මතට එබුණා.



" එයී අඩන්නෙ නැතුව ඉන්නවා මෝඩී... මං දන්නවා ඔයා කවදාවත් හිතාමතා කාටවත් වැරැද්දක් කරන්නෙ නෑ කියලා....
මං ශේනූව බලලා එන්නම් ඔයා එළියෙන් ඉන්න.... අපි දෙන්නම එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගමුකෝ... "


ඇස් වල කදුළු පුරෝගෙන  සාතික්ගෙ කෙටි පණිවිඩය කියවූ දූර්ගෙ මුහුණ පුරා සිනහ රැල්ලක් ඇදුනේ ඉබේටම. මොහොතකට කලින් සාතික් ඇයට විරුද්ධ වේවියැයි සිතුන සිතිවිල්ල පවා දූලි කරමින් සාතික් ඇය හා සෑම විටම ඉන්න බවට විශ්වාසය දූර්ගෙ හිත සොරාගත්තා. සාතික්ගෙ ආදරය ගැන තත්පරයකට හෝ සැක කිරීම ගැන දූර් ලැජ්ජා වුණා.

සාතික්ගෙ කෙටි පණිවිඩය උඩින් හරි ආදරෙන් ඇගිලි තුඩු යවමින් කල්පනාවක වුන්න දූර් පියවි සිහියට ආවේ ශෙනක්ෂිගෙ කාමරය තුළින් ඇසුන ගෝරනාඩුවත් සමග. මොන මොනවදෝ බිදෙන පෙරලෙන ශබ්දයත් ශෙනක්ෂිගෙ කෑගසන හඩත් අතරින් කලබලයෙන් කාමරයෙන් පිටතට ආ සියල්ලෝම දෙස දූර් බැලුවෙ වික්ෂිප්ත වෙලා. විහෙන්‍යාගෙත් නැන්දාගෙත් ඇදුම් වතුරෙන් නෑවිලා තිබුනෙ කවුරුන් හෝ ඔවුන්ට වතුර පහරක් එල්ල කලාක් සේය.


" යනවා එළියට........ මට ඔය කාත් එක්කවත් කතා කරන්න ඔනෙ නෑ... "


විවර වූ දොරෙන් ඔවුන් පිටතට තල්ලු වී එනවාත් සමගම කාමරය තුළ වුන් ශෙනක්ෂිව දූර් දැක්කෙ ඡායාවක් වගේ. ශෙනක්ෂි වෙනුවට ඇය දුටුවේ මුලු මුහුණම වෙලුම් පටි වලින් වෙලාගෙන සිටි අයෙක්ව.


🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Where stories live. Discover now