😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 16 )
" ඔයා මොනවද මෙතන කරන්නෙ... "
තනිවම මුමුණමින් වුන්න ශෙනක්ෂි ගැස්සිලා ගියෙ සාතික්ගෙ හඩට.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" අහ්.. මේ... ඔයාගෙ පොත වැටිලා තිබුණා සාතික්..... "
ලියුම අනෙක් අතෙහි සගවාගෙන සාතික් වෙත බිම වැටිලා තිබුණු පොත දිගු කරමින්ම ශෙනක්ෂි නැගිට සිටියා. අත් දෙකත් බැදගෙන රැවුමකට ලග බැල්මකින් ශෙනක්ෂි දිහා බලාගෙන වුන්න සාතික් පොත උදුරගත්තෙ ශෙනක්ෂිව ගනනකටවත් නොගෙනය.
" ඔයත් බලන් ඉන්නකො සාතික්... මං මොකක් ද කරන්නෙ කියලා... "
බෙහෙවින් කුරිරු සිනහවක් මූණ පුරා ඇදගත්ත ශෙනක්ෂි ලියුම බොහෝ පරිස්සමට ලගින් තියාගත්තෙ පසු ප්රයෝජනය සඳහාය.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
" අම්මා... ප්රශ්නයක් ද මොකක් හරි.... "
සෝෆාවට වෙලා කල්පනා කරමින් වුන්න වසුන්දරාගෙන් සාතික් ඇහුවෙ ඇය ලගින්ම ඉදගන්න ගමන්.
" අහ් සාතික්.... කෝ දූර් ආවෙ නැද්ද... "
වසුන්දරා දොර දෙස බලමින් ඇසුවේ දූර් නොපෙන්නට සිටි නිසාය. සාතික්ට කලින් දූර් නිවසට ඒම සෑම දිනකම සිදුවන්නක් වුනත් අද එහි ප්රතිවිරුද්ධ දේ සිදුව තිබුණා.
" දූර් හිමිට එයි අම්මා... මං අද ටිකක් කලින් අවා.. මොකද අපි අද ඉදම්ම ප්රැක්ටිස් පටන්ගන්න ඉන්නේ...
අම්මා මං හිතන් ඉන්නෙ ප්රැක්ටිස් වලට පරණ ගරාජ් එක ගන්න... කමක් නෑ නේ... "" කමක් නම් නෑ එත් පුතේ.... පොඩ්ඩක් අස් කරගන්න වෙයි එහෙනම්.... "
" එකනෙ අම්මා මං අද කලින් ආවේ... "
සාතික් බොරු ආඩම්බරකමකින් කියද්දි වසුන්දරාට සාතික් ගැන දැනුනෙ නම් බොහොම අහිංසක ආඩම්බරයක්. සාතික් වැනි පුතෙක් අම්මා කෙනෙකුට ආශිර්වාදයක් වගේ. ඉතිං එවැනි පුතෙකුගෙ මව වන වසුන්දරාට තම පුතා ගැන සිතමින් ආඩම්බර වෙන්න ඔනාවටත් වඩා දේ තිබුණා. නමුත් වසුන්දරා නම් කිසිදු දිනක මාන්යයෙන් ඔලුව උදුම්මවාගත් ගැහැණියක වුනෙ නෑ. අම්මාට මෙන්ම සුන්දර හදවතක් ඇති සාතික් ද ඔහුගෙ හැකියාවන්ගෙන් තවත් අයෙක් පාගාදමන්න කිසිදු මොහොතක උත්සහයක් හෝ නොගත්ත තරම්ය.
YOU ARE READING
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...