Chapter 36

249 39 0
                                    


😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 36 )

" කාර් එකෙ කී එක ගේන්නකෝ මං පාරට ගිහින් බලන්නම්.... ඔය මෙ අවට පොඩ්ඩක් බලන්න.... "

ගිහාන් මෝටර් රථයේ ඉගිල්ලෙන විට සාචී ඇයට පුලුවන් හැමතැනකම සොයන්නට වුණා.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

පරිසරය අරක්ගෙන තිබූ රාත්‍රි අදුර මැදින්  සාතික් මහා මාර්ගයෙ ඉදිරියට ඇදෙන්නට වුණා. කලු පැහැති ජැකට්ටුවේ හිස් වැස්මෙන් හිස ආවරණය කරගත් සාතික් අත් දෙක කලිසම් සාක්කුවෙ ඔබාගෙන වැලි කැට ගනන් කරන්නාක් සේ මොහොතකට හෝ හිස නොසොවාම ඉදිරියට ඇදෙන්නට විය. මධ්‍යම රාත්‍රියට ආසන්න වූ ඒ මොහොතෙ ඉදහිට යන මෝටර් රථයක් යතුරුපැදික් ඇරුනාම දහවලෙ වූ කාර්යබහුලත්වය එහි නොවීය. තැන තැන රංචු ගැහෙන කොල්ලන් නම් පාරෙ අහුමුළු වල එමටය. වීදී පහන් වල නියෝන් එළිය අතරින් ඔහේ අඩි තියන සාතික් නතර වුනෙ විෂූල්ගෙ විශාල මන්දීරයකට සමාන නිවස ඉදිරියේය. නිවස පෙනෙන මානයෙ ඉවෙන් මෙන් නතර වුනත් ඇස් උස්සලා ඒ නිවස දෙස බලන්නතරම්වත් සාතික්ට හිත හදාගන්න බෑ. තවත් තත්පර කිහිපයකින් ලොකු හුස්මක් ගත්ත සාතික් දෑස් ඔසවා ඒ විසල් නිවස දෙස බලන්නට විය.

කළු පැහැති විශාල ගේට්ටුවට උඩින් පෙනෙන බැල්කනිය වෙත සාතික්ගෙ බැල්ම දිව යන්නෙ නිතරගයෙන්ම.

" දූර්.....! "

බැල්කනිය මතට වී ඈත අහස දිහා බලාගෙන කල්පනා කරන්න දූර්ව අදුරගන්න සාතික්ට අපහසු වුනේ නෑ. දූර්ව දුටු තත්පරයෙම පහන් කණුවකට මුවා වුන සාතික් ඇය දෙස නැවතත් බැලුවෙ හොරැහින්. විටෙක ඇය සුළං රැලි හා දග කරන කෙහෙරැලි කීකරු කරන්නීය. තවත් විටෙක දකුණතෙ වූ කෝපි කෝප්පය තොල ගාන්නීය. තවත් මොහොතකින් සුපුරුදු ලෙසින්ම ඇය කල්පනාවට වැටෙන්නීය.

" එයා වෙනස් වෙලා නෑ.... තාමත් මං ළග වුන්නා වගේමයි... "

ඇයගෙ සුන්දරත්වය හොරැහින් විදගනිමින් සිටි සාතික්ට කියවුනෙ ඉබේටම. අවුරුදු තුනකට පස්සෙ දකින ඒ රූපයෙන් ඇස් අහකට ගන්න සාතික්ට ලෝබයි. මුලු දවසම වුනත් පහන් කණුවට මුවාවෙලා ඇය දිහා බලන් ඉන්න පුලුවන් නම් ඔහු එයද ස්වකැමැත්තෙන්ම සිදු කරාවි. ඒ තරමටම දූර්ගෙ ආදරෙ ලග සාතික් අසරණ වෙනව. පොඩි එකෙක් වගේ සාතික් ලගම දැවටෙමින් වුන්න කාලය ඔහු කොහොම අමතක කරන්නද. ඒ අහිංසක ආදරය ඔහු කොහොම අමතක කරන්න ද. දූර් නිසා සාතික් කෙතරම් දේ විදදරාගත්තද පුංචිම තරහක්වත් සාතික්ගෙ හිතෙ ඒ අහිංසකාවිය වෙනුවෙන් තිබුනෙ නෑ. දූර් පොඩි එකෙක් වගේ මෝඩ ප්‍රශ්න අහපු අතීතයේ දි පොඩ්ඩක් සැර කලාට සාතික්ට කවදාවත් ඇය හා තරහගන්න පුලුවන් වුනෙ නෑ.

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Tempat cerita menjadi hidup. Temukan sekarang