😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 10 )
" සාතික්.... මේ..... "
සාතික් ද නිහඩවම ඇය දෙස බලන් ඉද්දි දූර්ට දැනුනෙ අමුතු හැගීමක්. ඒ හැගීමෙන් මිදෙන්න ඔන නිසාමයි දූර් ඔවුන් අතර මුනිවත බිදින්න සිතුවේ. නමුත් ඊළග තත්පරයෙම සාතික් ඔහුගෙ දබරැගිල්ල දූර්ගෙ දොතොල් මත තද කරෙ ඇයගෙ කතාව නතර කරවමිනි.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
සාතික් වුන්නෙ තවමත් දූර්ගෙ ඒ මියුරු හඩින් මත් වෙලාය. සාතික් මීට පෙර කිසිදු දිනක දැනගෙන සිටියෙ නෑ දූර්ට මේ තරම් මියුරු ලෙසින් ගායනයෙ යෙදිය හැකි බව. ඒ නිසාම ඔහු සිතුවිලි අතර අතරමන් වුනෙ මෙය විශ්වාස කරන්නට නොහැකි ලෙසිනි.
" දූර්.... මේ ඇත්තටම ඔයාද...... "
සාතික් කතා කලෙ දූර්ගෙ ඇස් වලටම එබීගෙන. සාතික්ගෙ ඇස් වලින් මිදුණ දූර් බැල්ම පහතට හරවාගත්තෙ බරැති සුසුමක් වාතලයට මුසු කරමින්. පහතට නැඹුරු වුනු දූර්ගෙ මුහුණ දෝතින්ම ගෙන නැවතත් ඔහුගෙ මුහුණ වෙත ඇයව හරවාගත්තා.
" මං වෙනුවෙන් තව එක පාරක් සින්ග් කරනවද..."
පැත්තකින් තිබු ගිටාරය නැවතත් දූර්ගෙ අතට දෙමින් සාතික් ඇහුවේ ඒ කටහඩ ආයෙත් අහන්න තිබුණු ආශාව නිසාම. ගිටාරය සාතික්ගෙ ලගින් තියපු දූර් වචනයක්වත් කතා නොකර යන්න හැදුවෙ සාතික්ගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්. නැගිටලා යන්න හදපු දූර්ගෙ අතින් අල්ලලා ඔහු ළගින්ම ඉන්දුවාගෙන සාතික් ගිටාරය අතට ගත්තෙ හිනා වෙවි. සාතික් දූර්ගෙ ඇස් දිහාම බලාගෙන ගිටාරයෙන් බොහෝ හැගීම්බර වාදනයක් වයන්න පටන්ගත්තා. දූර්ට එතැනින් නැගිටලා යන්න හිත ඉඩ නොදෙන තරමටම ඒ වාදනය ඇයගෙ හදවත ස්පර්ශ කලා. භාරතයෙ සංගීත සුළගින් හමා ආ කල් හො නා හෝ ගීතය සාතික්ගෙ හඩින් දූර්ව හැගීම් අතර නිහඩ කලා
" හර් ගහී බදර් රහී හේ රූප සින්දගී..
චාන්ව් හේ කභිහි කභීහ් හේ ධූප සින්දගී...
හර් පර් යහා... ජී බහර් ජියෝ... ජෝ හේ සමා... කල් හෝ නා හෝ... // "
YOU ARE READING
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...