chapter 5

346 48 4
                                    

😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋

(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )

කොටස........ ( 05 )

" ගිහාන්............!!!!!!!!! "

විවේකාගාරයෙ හිදගෙන සිටි සාතික් ද කෑගහගෙනම ක්‍රිඩාංගනය දෙසට දිව ගියෙ පාපන්දු කණ්ඩායමෙ සාමජිකයන් ගිහාන්ව වට කරගද්දි.

😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋

තරගයෙ අවසන් විනාඩි විස්ස අතරතුර ගිහාන් අනතුරකට මුහුණ දුන්නෙ අවසනාවන්ත ලෙසය. ඔහුගෙ පාදයක් අනතුරට ලක්ව තිබුනෙ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමෙ ක්‍රිඩකයෙකුගෙ අවිදිමත් පහර දීමක ප්‍රතිඵලයක් ලෙසිනි. ගිහාන් වේදනාවෙන් කෑගැහුවේ ප්‍රක්ශකාගාරය මොහොතකට නිහඩ කරමින්.

එක්ස්ට්‍රා ප්ලේයර් කෙනෙක්ව ගන්න වෙයි.... මෙයාට ප්ලේ කරන්න දෙන්න බෑ....

ගිහාන්ව පරීක්ෂා කල වෛද්‍යවරයාගෙ පිළිතුර වුනෙ එයයි. ප්‍රතමාධාර කණ්ඩායම ඔහුව ඉකමනින්ම රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන අතරෙ ගිහාන් සාතික්ගෙ අතින් අල්ලගත්තෙ දැඩි විශ්වාසයකින්.

" මං වෙනුවෙන් ප්ලේ කරපන් සාතික්.... "

ගිහාන්ගෙ එකම ඉල්ලීම වුනෙ එයයි. සාතික් ඔහුගෙ අත තදින්ම අල්ලගත්තෙ ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන බවට පොරොන්දු වෙන්න වගේ.

සිදු වූ අනතුරත් සමග තරගය විනාඩි කිහිපයකට නතර කරනු ලැබුවේ ප්‍රින්ස්ටන් කණ්ඩායමට නව ක්‍රිඩකයෙකු තොරාගැනීමට අවස්ථාව ලබා දෙමින්ය.

" ගිහාන්ගෙ පොසිෂන් එකට ශාන් ව දාන්න.... "

ගාවින් මුරන්ඩු ලෙස කතා කලෙ සාතික් එහි සිටින බව හෝ ගනනකට නොගෙන. සාතික් වැනි දක්ෂයෙකු සිටියදිත් ශාන් වැනි දක්ෂතා අතරට නොපැමිණි නවක ක්‍රිඩකයෙකු තෝරාගැනීම ගැන අනෙක් සමාජිකයන්ගෙ අප්‍රසාදයට හේතු වුණා. කෙතරම් විරුද්ධතා මැද වුවත් ශාන්ව තොරාගැනීමට ගත් තීරණය ගාවින් වෙනස් කිරීමට සුදානම් වුනෙ නෑ. ගාවින්ගෙ මෙම අඥාන ක්‍රියාකලාපයට එරෙහිව සාතික් ඉදිරියට ඇදුණා.

" ගාවින් උඹ කැප්ටන් වෙන්න ඇති...
එත් උඹට බෑ මං මේ මැච් එකට ප්ලේ කරන එක නවත්තන්න....
සාතික්ට මේ ටීම් එකෙ තියෙන තැන නැති කරනව තියා හිතන්නවත් උඹට බෑ....
අන්න ඒ නිසා පුලුවන් නම් සාතික්ව.. ග්‍රවුන්ඩ්  එකෙදි සෙකන්ඩ් කරලා පෙන්නපන්.... "

🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰Where stories live. Discover now