😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 11 )
" ශිට්... මෙක දෙන්න බැරි වුණා නේ.... "
අනෙක් අතෙහි තිබුණු අයදුම්පත දෙසත් ඈතට දිව යන දූර් දෙසත් බලමින් සාතික් ඔහුගෙ හිසකෙස් අවුල් කරගත්තේ අමුතු හැගීමකින්.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
ලෝචිත් දූර්ෂාත් වුන්නෙ කැන්ටින් එකෙ. ළඟකදි ඉදන් බඩගිනි නොදැනෙන දූර් අද හුස්මක්වත් නොගෙන නූඩ්ල්ස් පිඟන් දෙකක්ම ගිල දමමින් වුන්නෙ ලෝචී පුදුමයෙන් බලන් ඉද්දි. දූර්ට දවසින් දවස සිදුවන මේ වෙනස්කම් වලට හේතුව ලෝචීට හිතාගන්න බෑ. උපරිම සතුටකදීත් දුකකදීත් ඔනෑවටත් වඩා කෑම ගන්න එක දූර්ට පුරුද්දක් වෙලා තිබුණා. සාතික් නිසාම දූර්ගෙ හිත සතුටින් පිරිලා තිබුණා. මේ තරම් කෑම කන්න හේතුවත් එයමයි.
" හත් අවුරුද්දක් සාගතෙන් ඉදලා වගේ මොකද බන් මේ....
හිමින් කාපන් දූර්.... "නිකට අත තියාගෙන ලෝචී බය වෙලා වගේ එහෙම කියද්දි කොහෙදෝ ඉදන් ආව විෂූල් දූර් ලගින් ඉදගත්තෙ ඇය වෙත වතුර වීදුරුවක් ද ලං කරමින්. දූර් ඇස් උස්සලා බැලුවෙ විෂූල් හිනා වෙවි ඇයගෙ හිස අතගාන විටය.
" ඔයා කන්න දූර්.... මෙ කැහැටු ලෝචී ඔවා කියන්නෙ ඊරිසියාවට.... ඔයා බෝලයක් වගේ ඉද්දි තමයි මට නම් ලස්සන.... "
විෂූල් එහෙම කියද්දි දූර් නූඩ්ල්ස් පිඟාන පසෙකට කලෙ වතුර වීදුරුව ඇය වෙත ඇදගන්න ගමන්ය.
" බොන්න.. බොන්න... "
දූර්ගෙ වතුර වීදුරුව අල්ලගෙන ඇයට වතුර පොවන්නට උත්සහ කරන විෂූල් දිහා ලෝචී බලන් වුන්නෙ මොකද මෙ වෙන්නෙ කියන හැගීමකින්. සිදුවන දේ ගැන අකමැත්තක් තිබුණත් එය නොපෙන්නවාම දූර් වතුර උගුර කිහිපයක් ගිල දැම්මෙ මවාගත් හිනාවකින්ය.
" මොන විකාරයක් ද මේ.... ඒ කෙල්ලගෙ අත් දෙක තාම හොදට තියෙනවා විෂූල්... "
විෂූල්ගෙ කෝලම් බලන් ඉන්න බැරි තැන ලෝචී එහෙම කියද්දි දූර්ට දැනුනෙ ලොකු අපහසුතාවයක්. ලෝචී වෙත කට ඇද කෙරු විෂූල් නැවතත් දූර් වෙත හැරුනෙ සුපුරුදු හිනාවකින්ම.
![](https://img.wattpad.com/cover/310586428-288-k438583.jpg)
YOU ARE READING
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...