😋 #චබී_&_Mr_පර්ෆෙක්ට් 😋
(🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 )
කොටස........ ( 27 )
" අංකල් ඔයා..... "
දූර් පුදුමයෙන් අහන්නෙ ඔහු දෙසත් අව්කණ්නාඩිකරු දෙසත් වරින් වර බලමිනි.
😋🍜🍜😋🍜🍜😋🍜🍜😋🍜🍜😋
මෝටර් රථය තුළ වූ සුරුට්ටු දුම දූර්ට අප්රසන්න බවක් එක් කලා. දූර්ට සමගින් මෝටර් රථය තුළ වුන්නෙසුරුට්ටුකාරයා පමණයි.
" සැහෙන කාලෙකින්........ "
ඔහු නැවතත් සුරුට්ටුවක් දල්වාගනිමින් කතා කලෙ ගැඹුරු හඩකින්ය.
" ඔව්..... අම්මගෙ ෆියුනරල් එක පස්සේ නෙ... "
දූර්ගෙ මූණ ලග දග කරන දුම් අතින් එහාට කරමින් දූර් පිළිතුරු දුන්නෙ නොදි බැරිකමට වගේ.
" හරියටම හරි..... ඉට පස්සෙ දෙන්නත් එක්ක අතුරුදහන් වුණා නේ.... "
" නෑ.... අතුරුදහන් වුණා නෙමේ අංකල්.... අප්පච්චිට ඔන වුනෙ මෙහෙ හැමදේම අමතක කරලා රට යන්න.... "
දූර් අහිංසක ලෙසින් ඔහේ කියවන් යන්නෙ කිසිදු බරක්පතලක් නොමැතිවය.
" ඉතිං.... කවද්ද ආයෙ ආවේ...... "
" අහ්... නෑ නෑ අංකල්... මං රට ගියෙ නෑ.... අප්පච්චි විතරයි ගියේ......
අංකල් ඔයාව හම්බවුනා කියලා මං අප්පච්චිට කියන්නම්කෝ....
එහෙනම් මං දැන් යන්නද අංකල්.... මට කොලෙජ් යන්නත් ලේට් වෙනවා..... "අත බැදි ඔරලෝසුවේන් වෙලාව බැලු දූර් බෑගය කරට දමාගෙන ලැස්ති වුනෙ මෝටර් රථයෙන් බැසගන්න. දූර් තවමත් හිතන්නෙ ඔහුගෙ හමුවීම අහම්බයක් කියලා. දූර් මෝටර් රථයේ දොර විවර කරන්න සුදානම් වූ තත්පරයෙම දොරගුලු ක්රියාත්මක වුනෙත් දූර් පුදුමයෙන් නැවතත් ඔහු දෙස බැලුවෙත් එකවර.
" අංකල්....???? "
සිදුවෙන්න යන දේ ගැන තවමත් දූර්ට තේරුමක් නෑ. මේ ලෝකය දූර් දකින තරම් සුන්දර නැති බව සාතික් ඇයට සියවරක් පමණ පහදා දී තිබුණත් දූර් තවමත් හිතන්නෙ අනිත් මිනිස්සුත් ඇය තරම්ම අහිංසකයි කියලා. මිනිසුන් තේරුම්ගැනිමේ විෂයෙදි නම් දූර් හැමදාමත් ගන්නෙ අසමත් ලකුණු. අනිත් අයත් දූර් වගේ කියලා හිතන එක ඇයගෙ ලොකුම දුර්වලතාව වුණා.
ČTEŠ
🍔 චබී & Mr. පර්ෆෙක්ට් 🥰
Romance#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ...