කුස්සියෙ අයිනෙ පැදුරක් දාන් නිදා ගන්න, කුස්සියේම බිම ප්ලාස්ටික් පිගානකට බත් ටික දාන් කන මට ඒ ගෙදර හිරගෙයක් උනත් ලස්සනට කපලා සාත්තු කරලා තියෙන ඉස්සරහ ගාඩ්න් එකත් දූවිලි බිදක්වත් නැතුව ලස්සනට, පිළිවෙළට තියෙන ගෙදරත් පිටින් එන කෙනෙක්ට නම් සිටු මැදුරක් මතක් කරලා දෙනව ඇති...
පාන්දර නැගිටලා ගෙදර ඉන්න හැමෝටම උයලා දීලා, ගඩ්න් එකත් අතු ගාලා දාලා, මුලු ගේම අස් කරලා දාලා මන් ඉස්කෝලෙට එනකොට සමහර වෙලාවට 7.45 විතර වෙනවා. ඒ අතරේ රෑට හැමෝම නිදා ගන්න ගියාම පාන්දර වෙනකන් පාඩම් කරන්නෙ දවසෙ අනිත් වෙලාවට මට වැඩක් නොතිබ්බත් ඉස්කෝලෙ වැඩ කරන්න තහනම් වෙච්ච නිසා.
ඔව්.. මන් ඉස්කෝලෙ යනවා. මගෙ පන්ති බාර මැඩම්ට පින් සිද්ද වෙන්න.
" උබේ මැඩම් මට කතා කර කර අහනව ඇයි උබ ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ කියලා. ඒ ගෑනිටත් වෙන ළමයි නෑ වගේ තෝ වගේ මූසලියෙක් පස්සෙ මෙච්චර පන්නන්නෙ. හැමදාම මහ එකී නැති උන නිසා කියන එකම කියන්න බැරි නිසා උබට පුළුවන් ඔය ගියා වගේම ඉතුරු ටිකත් ඉස්කෝලෙ යන්න.. "
" ආහ් අම්මා... මට නම් බෑ මේ අවජාතකී එක්ක එකට ස්කූල් යන්න... "
" නෑ බබා.. මේකි කවද්ද වාහනේක ගිහින් තියෙන්නෙ.. ඒ නිසා වෙනදා ගියා වගේ බස් එකේම යයි. ඔයා ඒ ගැන හිතන්න එපා පැටියෝ.. "
" ok ok whatever... මතකනෙ.. ඉස්කෝලෙ කවුරුත්ම උබ මගේ කවුද කියලා දැන ගන්න බෑ ඕකේ!! පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා ඉන්නවා. "
අන්න ඒ විදියට යන්තන් මට මගෙ ඉස්කෝල ගමන මගින් නවත්තන්නෙ නැතුව දිගටම කරන්න පුළුවන් උනා. නැන්දයි එයාගෙ දුවයි මගෙ නෑදෑයො කියලා දන්න එකම කෙනා මගෙ පන්ති බාර මැඩම් විතරක් නිසා මමයි යෙනුමියි එකම පන්තියේ උනත් වෙන කවුරුත්ම අපි නෑදෑයො කියලා දන්නෙ නෑ..
ඒත් ඉතින් අපේ නැන්දා ඉස්කෝලෙ ටීචර් ඉස්සරහ රඟ පාන චරිතෙ එක්ක මන් එයාලගෙ නෑදෑයෙක් කියලා වෙන අය දැන ගත්තත් එයාලට කිසි ප්රශ්නයක් වෙන්නෙත් නෑ. මොකද පිට අය ඉස්සරහ අපේ නැන්දා කියන්නෙ හතර පෝයටම සිල් ගන්න, එයාගෙ පවුලෙ නම්බුව නැති කරපු නංගිගෙ දුවව උනත් එයාගෙම දුව වගේ බලා ගන්න හරිම අහිංසක, හොද හිතක් තියෙන කෙනෙක්.
ඒත් පුංචි කාලෙ ඉදන් අපේ අම්මගෙ යාලුවෙක් උන මගෙ පන්තිබාර මැඩම්ට නම් ඒ සුදු හුණු ගාපු චරිතෙ යට තියෙන කලු චරිතෙ ගැන අමුතුවෙන් කියන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි අවුල කියන්නෙ අපේ නන්දා තාමත් දන්නෙ නෑ ජීවන්ති මැඩම් කියන්නෙ අපේ අම්මට හිටපු හොදම යාළුවා කියලා. ඒ නිසා එයා එයාගෙ සුදු චරිතෙ මැඩම් ඉස්සරහ හරි තාත්ත්විකව රඟ පානවා.
*******************💜️
හලෝ....
මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ දෙන එකද එක පාර දිග.... එකක් දෙන එකද හොද??
🙃
සරංහෙයෝ....💟
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...