" අහ්ම් අහ්ම්.. "
කොහොම හරි අර නපුරට බැන බැන බට්න් එක ප්‍රෙස් කරාට පස්සෙ ඇහුන උගුර පාදන සද්දෙත් එක්ක තමා මට මතක් උනේ මං ඉන්නෙ ලිෆ්ට් එක ඇතුලෙ තනියම නෙමේ කියලා. ඇතුලට එද්දි කවුරුහරි හිටියා වගේ දක්කත් මං වැඩියෙ ඒ ගැන අවදානෙ දුන්නෙ නැත්තෙ ඒ වෙලාවෙ මං හිටියෙ තුන් පාරක්ම මේ මගුල වරද්දපු එකාගෙ ජාතිය අමතන ගමන් නිසා. ඒත් ඉතින් දැන් මං කෑ ගහපු එක ඇහෙන්න ඕනෙ නැතිම කෙනා ඒක අහන් ඉදලා. හුවෑහ් මේක අස්සෙ මේ මනුස්සයා මාව මරලා හංගයිද දන්නෙත් නෑ. අම්මෙ ඔයාගෙ දූට ඔයා ලගට එන්න කාලෙ හරි. මේම අකාලෙ මැරෙන්න වෙනවා කියලා දන්නවා නම් අන්තිම කැමැති පත්‍රෙ ලියලා එනවනේ.. පොඩ්ඩක් ඉන්න ඒත් ඒම ලියන්න මට අන්තිම කැමැත්තකුත් නෑනෙ..
" ම්..ම්..ම්...මියාන්හේ, මියාන්හේ ස්..සර්.. චොම්මල් මියාන්හේ.. "
මෙච්චර වෙලාවක් රටේම නැති බූත හිත හිත මං එයා දිහා බලන් ඉදලා කියලා තේරුනේ මං දිහාට යොමු වෙලා තිබ්බ ඒ ඇස් තවත් හීනි කරන් මං දිහා බලනකොට. ඒ නිසා ඉක්මනින් අංශක අනූවටම නැමිලා ආචාර කරපු මට ආයෙත් මතක උනා මං මේ ඉන්නෙ පොඩි ලිෆ්ට් එකක් අස්සෙ කියන එක. නැමිච්ච පාරට අතේ තිබ්බ ෆයිල් මිටිය බැලන්ස් නැතිව වැටෙන්න යද්දි ඒක අල්ල ගන්න ඉක්මනට කෙලින් වෙච්ච මගෙ ඔලුව ගිහින් පිටිපස්සෙ බට්න් එකක ආයෙ වැදුණේ මට මුලු සෞරග්‍රහ මණ්ඩලේම පෙන්නලා. මොකද මං කලින් බට්න් එක එබුවෙ නහයෙන් නිසා මං හිටන් හිටියෙ ඒකට ගොඩක් ලගින්. ඉතින් පිටිපස්ස හැරුනම ඉන්න කෙනාව දැකලා ජීවිත ආරක්ෂාව උදෙසා තවත් අඩියක් පස්සට ගිය නිසා කෙලින් උන ගමන් මගෙ ඔලු ගෙඩිය පිටි පස්සෙ තිබ්බ ලිෆ්ට් එකේ බට්න් තිබ්බ තැන ආයෙ වැදුණා.
ෆයිල්ස් ටික පපුවට තද කරන් මන් ඔලුව අතගාලා බලුවෙ පැලිලා නෑ නේද කියලා. අද දවසට මට මේ වෙච්ච කරදර නම් හොදටම ඇති දෙවියනේ. ඌයි අම්මා.. ඒක නම් රිදෙනවා. ඒත් මන් ඔලුවෙන් අත ගන්නත් කලින්ම මාව එක පාරටම ඉස්සරහට ඇදිලා ගිහින් මොකක් හරි තද දේක මගෙ මූණ ඇනුනා. ෆීලිං ඕසම්.. හම්මා නහය නෑ වගේ..
" යාහ් තමුසෙට ඇත්තටම මොලයක් නැද්ද ආහ්?? යන යන තැන මෙහෙම හැප්පෙන්නෙ. පණ නැද්ද? "
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...