ඉස්සර කොච්චර ඇගට මහන්සියක් දැනුනත් එයා කියන හැම වැඩේම කරන්නෙ, ඊළග දවසෙ හරි වෙලාවටත් කලින් ඔෆිස් එකේ ඉන්නෙත් එයා ගැන හිතේ තිබ්බ බයටවත්, ගෞරවයටවත් නෙමේ කියලා මට දැන් තේරෙනවා. නැන්දලගෙනුයි ගමේ අයගෙනුයි කන්දක් බැනුම්, අපහාස අහපු මගෙ හිත එයාගෙ පුංචිම බැනුමක් ඉස්සරහදි උනත් ගොඩක් අසරණ වෙන්නෙ ඒ නිසයි. ආදරේ.. හරි පුදුමයි. අපි ගොඩක්ම අසරණ වෙන්නෙත් ශක්තිමත් වෙන්නෙත් ආදරේ ඉස්සරහ කියලා පොත් වලින් කියවලා තිබ්බත් ඒ ගැන හරියටම තේරෙන්න නම් ආදරයක් ඇති වෙන්නම ඕනෙ තමා. ඒත් මගෙ ආදරේ කවදාවත් මගෙ වෙන්නෙ නැත්
Ara - " ඔන්නි... ඔන්නී.... යාහ් ඔන්නියාහ්.."
" ඒ ආරාගෙ කට හඩ නේද? දෙයියනේ මේ කෙල්ල බීලවත්ද? "
මන් හෝද හෝද හිටපු බෝල් එකත් එහෙමම තියලා එලියට දිව්වෙ ආරාගෙ කට හඩට. ඇහුන සද්දෙ විදියට නම් මේ කෙල්ල අද බඩ ගාගෙන වෙන්න ඇති එන්න ඇත්තෙ. මං එතනට යනකොට දැක්ක දේ නිසා මං හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. එයා හිටියෙ තනියම නෙමේ. ටේ ඔප්පත් එක්ක. නිකන් නෙමේ ටේ ඔප්පා ආරාව එක්කන් ඇවිත් තියෙන්නෙ කරේ තියාගෙන. ඒ නිසා ආරගෙ කකුල් දෙක විතරයි ඉස්සරහට පේන්නෙ. ඔක්කොටම වඩා හපන් ටේ ඔප්පගෙ මූණ. ආරා දාගෙන කොල්ලගෙ කොණ්ඩෙන් අදින නිසා මූණ නිකන් අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ. අමාරුවෙන් තොල හපාගෙන පනින්න දගලන හිනාව පාලනය කරගෙන මං එයාලා ලගට යනකොටයි දැක්කෙ ටේ ඔප්පායි ආරායි විතරක් නෙමේ එතන තවත් කෙනෙක් ඉදලා කියලා. ජංකුක් සර්.. ඔව් ඒ හිටියෙ එයා. එයාගෙත් මට වඩා වැඩි වෙනසක් නෑ. හිනාව කාගෙන ටේආරා ජෝඩුව දිහා බලන් ඉන්නවා.
Ara - "යාහ් දඩූස්... තෞසෙ දන්නෝද, තෞසෙ දන්නෝද මෙහ් ආරා ක්යන්නෙ කවුත කියලා.. ආහ්.. දන්නෝද? මං....මං ඇවිල්ලා.. මෙහ් ඇත්තටම මං කවුත ඒයි?"
Tae - " යාහ් ඔය කොණ්ඩෙ අතෑරපන් යස්සනියේ... ඇයි ඔයා මේ තරම් මගෙ කොණ්ඩෙන් පලි ගන්නෙ.. ආහ් ඌහ්.. ඌයි රිදෙනවා ඔම්මාහ්හ්.. "
Ara - " හිකිස්.. ඒක හරි මරු ඒයි.. බොම්බයි මොටයි වගේ.. මට කන්...න හිතෙන්වා.. හව්... බ්..බැලෑක්... "
හරිනේ.. මේ යස්ස කෙල්ල ඇදගෙන හිටිය ටේ ඔප්පගෙ කොණ්ඩෙ කෑලි ටික තවත් හයියෙන් එහෙට මෙහෙට ඇදල එක පාරම කටේ දාගත්තා. ඒකත් කමක් නෑ ඒත් ඊළග තප්පරේම ටේ ඔප්පගෙ මුලු ඔලුවම ආරා මෙච්චර වෙලා කාපු බීපුවයින් වැහිලා ගියාම නම් මට විතරක් නෙමේ ජංකුක් සර්ටත් එයාගෙ හිනාව නවත්ත ගන්න බැරි උනා. මං ළඟ තිබ්බ දොර බදන් හිනා වෙද්දි එයා මල් පෝච්චියක් බදන් හිනා වෙනවා.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...