Ara's pov
අනේ මන්දා ජංකුක් සර්ට උදේ පාන්දර අමු කැවිලද නැත්තම් අමුවෙන් කැවිලද කියලා ඔන්නිගෙ ඇගට අර විදියට පනින්න. ඇරත් මින්හො ඔප්පා වැරැද්දක් කලේ නෑනෙ.. ceoත් එකයි department headඩුත් එකයි.. අහ් ඔව්.. දඩූස්.. එ..එයාට පුළුවන් වෙයි මට උදව් කරන්න.
ජංකුක් සර් ඔන්නි එක්කන් යනවා බලන් ඉදපු මං ඉක්මනින් යූ ටර්න් එකක් අරන් ටේහ්‍යුන් සර්ගෙ කැබින් එක පැත්තට දිව්වෙ මේ වෙලේ එයාට විතරයි ඔන්නිව බේර ගන්න පුළුවන් නිසා. මොකද ජිමින් සර් මේ දවස් ටිකේම ඉන්නෙ රටින් පිට නිසා එයාට කොහොමත් උදව් කරන්න බෑ. ඉතින් වෙනදා වගේම පුරුදු විදියටම මං ටේහ්‍යුන් සර්ගෙ කැබින් එකට යන්න යද්දි කොහෙන්ද මන්දා පාත් උන අතක් ඇවිත් ආපු වේගෙන්ම මාව පස්සට ඇදලා දැම්මා..
" තමුසෙ කොහෙද මේ කඩන් බිදන් දුවන්නෙ? මැනර්ස් කියලා දෙයක් නැද්ද? මේක DH ගෙ කැබින් එක. "
ඔහ් මෙයාද එතකොට දඩූස්ගෙ අලුත් සෙකට්‍රි. ඇත්තමයි මේ සොම්බි ඩෑල් එක ඇරෙන්න වෙන මොකෙක්වත් හිටියෙම නැද්ද දන්නෑ අර බූතයටත් සෙකට්‍රි කර ගන්න. ට්‍රේන් ටු බුසාන් එකෙන් හොරෙන් පැනපු සොම්බියෙක් වගේ කට වටේම රතූ පාටට මේකප් උලන් ඉද්දි සෝස් කන්නත් බය හිතෙනවා.. ආයිශ් මේ ගෑනි ගැන පස්සෙ බලා ගමු. ඔක්කොටම කලින් ඔන්නිව අර යස්ස බොසාගෙන් බේර ගන්න ඕනෙ.
Ara - " අම්.. සොරි. මට ටේහ්‍යුන් සර්ව පොඩ්ඩක් හම්බෙන්න ඕනෙ. මට විනාඩි දෙකක් ඇති. මං ඉක්මනින් එන්නම්.. "
" ඒයි.. එහෙම තමුසෙට ඕන ඕන වෙලාවට සර් හම්බෙන්න ඇයි තමුස් එයාගෙ ෆියොන්සෙද? අපොයිමන්ට් එකක් නැත්තම් තමුසෙට සර්ව හම්බෙන්න බෑ.. "
හරී..හරි. ඔයාට ඕනෙ මං ගෙදර දාලා ආපු යස්සයව ආයෙ මට ආරූඪ කරන්න නම් ඒක එච්චර හොද වැඩක් නෙමේ බබා.. හරි ආරා හරි.. ලොකූ හුස්මක් ගමු. මේ සොම්බියා කියන දේ අහන්න ඕනෙ නෑ.. දොර ඇරියා ඇතුලට ගියා. ඕකේ ලෙස්ස්ගෝ..
" යාහ් ඔහොම නවතිනවාහ්... යූ ලිට්ල් බිච්... "
සොමිබි මෑම් තවත් මොන මොනාදෝ කියලා කෑ ගහනවා ඇහුනත් ඒ එකක්වත් ගණන් ගත්තෙ නැති මං ටේහ්‍යුන් සර්ගෙ කැබින් එක ඇතුලට ආවෙ සර් කර කර ඉදපු වැඩේ නවත්තලා ඔලුව උස්සලා මං දිහා බලද්දි. හුටා.. අමතක උනා.. එන්න කලින් තට්ටු කරන්න කියලා මේ මනුස්සයා දිව ගෙවෙනකන් කියලා තියෙනව නේද? ඒකත් කමක් නෑ ෆයිනල් රිසාල්ට් එකෙන් මේ වගේ පොඩි පොඩි වැරදි වලට මාක්ස් අඩු කරනවත් කිව්වා.. අර සොම්බියා නිසා තමා ඔක්කොම. දැන් මොකද කරන්නෙ?? හරි පත්තු උනා..
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...