4

203 37 0
                                    

උදේට වගේම හවසටත් බස් එකේම යන එක කොච්චර මහන්සි උනත් මං ඒ ගෙවෙන පැය ගානට පුදුම තරම් ලෝබ කලා..මොකද මට මන් හුස්ම ගන්නව කියලා දැනුනෙ ඒ වෙලාවට විතරයි...

දින සති ගෙව්නෙ හරියට පියාඹනව වගේ.. එදත් වෙනදා වගේ දවසක් උනා පන්ති බාර මැඩම් ඉස්කෝලෙන් පස්සෙ පැයක කාලයක් කරපු අමතර පන්තිය පටන් ගන්නකොටම මැඩම් මට කිව්ව ආරංචිය අහනකන්ම..

දෛවය...

විශ්වාස කරන්න පුළුවන්ද?

ඔයල මොකද හිතන්නෙ?

" ඉමාශි.... කොරියාවෙ තියෙන ලොකු කම්පැනි එකකින් ස්කොලර්ශිප් එකක් දීලා තියෙනවා. එයාලා ඉල්ලන කොලිෆිකේශන්ස් වලට අනුව තෝර ගන්න ස්කොලර්ස්ලගෙන් අන්තිමට තේරෙන හොදම හතර දෙනෙක්ව එයාලා එයාලගෙ කම්පැනි එකේම ට්‍රේනීස්ල විදියට බදවගෙන පර්මනට්ලි ජොබ් එක දෙනවා. ඉතින් කෙල්ල.. මං හිතනවා මේක ඔයාට ලැබුන ගොඩාක් ලොකු අවස්ථාවක් කියලා. ඔයාගෙ හීනෙට යන්න.. "

ජීවන්ති මැඩම් එදා ඒ කිව්ව කතාව මට තවත් විශ්වාස කරන්න බෑ. අන්තිමේදි මට මේ හැමදේකින්ම ඈත් වෙලා අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන් වෙන්නද යන්නෙ? හිතට දැනුන ඒ නුහුරු හැගීමත් එක්කම වෙව්ලන අත් වලින් මං මැඩම් මං දිහාට දික් කරන් හිටපු ඇප්ලිකේශන් එක ගත්තෙ හිත ඇතුලෙ පොරකන දාහක් දේවල් ඇස් වල බැඳුණු කදුලු පටලෙකින් පෙන්නන ගමන්.

එදා නැන්දලා නිදා ගන්න ගියාට පස්සෙ හරි පරිස්සමට පොතක් ඇතුලෙ දාලා තිබ්බ ඇප්ලිකේශන් එක අතට අර ගත්තු මන් ඒකත් අරන් කුස්සිය ළඟ තිබුනු පුංචි මේසෙට ගිහින් වාඩි උනේ අන්තිම පාරටත් මං මේ කරන්න යන දේ හරිද කියලා මගෙන්ම අහන ගමන්.

" මාශි.. මං දන්නවා පුතේ ඔයාට ඔයාගෙ නැන්දා කවදාවත් මේ දේට කැමැත්ත දෙන්නෙ නෑ කියලා. ඒ නිසා අපි හැමදේම රෙඩි කර ගන්නකන් මේ හැමදේම හංගලා තියා ගන්න වෙනවා. ඔයා බය වෙන්න එපා. මගෙ අතින් වෙන්න ඕනෙ හැමදේම මන් ඔයා වෙනුවෙන් කරනවා. මගෙ හොදම යාළුවා වෙනුවෙන් මට කරන්න තියෙන්නෙ ඒ දේ විතරයි. දන්නවා අමාරුයි තමයි. කවුරුත්ම නැති රටක තනියෙන් ජීවත් වෙන එක. අල්ලන් ඉන්න. අඩුම හිත නිදහසේ ජීවත් වෙන්න හරි පුළුවන් එතකොට. මොනම දේකටවත් ඔයාව වට්ටන්න දෙන්න එපා. ඔයා දක්ශයි. හැමදේම හොදින් වෙයි..."

මැඩම් මට ඇප්ලිකේශන් එක දුන්න වෙලේ කිව්ව හැම වචනයක්ම ආයෙම මතක් කරන් මං ඇප්ලිකේශන් එක පුරවන්න ගත්තෙ වෙනදට වඩා වැඩියෙන් එළිය දෙන්න වගේ පායලා තිබුණු හදඑළියෙන්. හදට කතා කරන්න පුළුවන් උනා නම් ඒ තමා මේ ලෝකෙ මන් ගැන වැඩියෙන්ම දන්න එකම කෙනා වෙන්නෙ. මගෙ දුකේදි මාත් එක්කම දුක් උනේ. සතුටෙදි මාත් එක්කම හිනා උනේ හද විතරමයි. අදත් මාත් එක්ක ඒ වගේම ඉන්නවා. අම්මා නැති උනාට පස්සෙ කන්න බොන්න දීලා බලා ගත්තු නැන්දලට මං මේ කරන්නෙ වැරැද්දක්ද කියලා හිතේ කොනක වරදකාරී හැගීමක් තිබුණත් මං ඒ හැමදේම අමතක කරලා ඇප්ලිකේශන් එක පුරවන්න ගත්තෙ දෛවය මට මේ තරම් අවස්ථාවක් දීලා තියෙද්දිත් ඒක මග ඇරගන්න තරම් බොළඳ වෙන්න ඕනෙ නැති නිසා.

" මං සල්ලි හම්බකලාට පස්සෙ නැන්දලාට සලකන්න පුලුවන්නෙ... "

පුරෝලා ඉවර කරපු ඇප්ලිකේශන් එකත් පපුවට තුරුල් කරන් ඈත අහසෙ පායලා තිබුණු හද දිහා බලන් එහෙම හිතපු මං ජනේලෙත් වහලා දාලා ආයෙත් ඇප්ලිකේශන් එක පරිස්සමින් පොත් ගොඩට යට කරලා නිදා ගන්න ගියේ දැනටමත් පාන්දර 2 පහු වෙලා තිබුණු නිසා.

ඊළග දවසෙ උදේම නැන්දලාගෙ ගෙදර බෙල් එක වදිනකොට උදේම ලෑස්ති වෙලා මං ගෙනියන්න ඕනෙ බඩු ටික පුංචි බෑග් එකකට අසුරන ගමන් හිටපු මට ඇහුනෙ දොරේ බෙල් එක වදින හඩත් අපේ මාමා ගිහින් දොර අරින සද්දෙ. ආව අමුත්තා කවුද කියලා හොදටම දන්න නිසා මමත් කුස්සියත් සාලෙත් වෙන් වෙන තැන තියෙන බිත්තියට මුවා වෙලා හිටියෙ දැන් ඒ ඇවිත් ඉන්න කෙනා කියන්න යන දෙයින් මේ ගෙදර මිනිස්සු කොයි වගේ හැසිරෙයිද කියන්න තිබ්බ බය නිසා.

" කොහොමද මිස්ටර් කරුනාරත්න. සුබ උදෑසනක්. ප්‍රශ්නයක් නැත්තම් මං ටිකක් ඇතුලට එන්නද? "

" ඔහ්.. එන්න.. එන්න මැඩම්.. මේ ඇහුනද... මෙන්න මේ ළමයින්ගෙ ඉස්කෝලෙ මැඩම් ඇවිත්. පොඩ්ඩක් පහලට ආවානං.. "

ඊට ටික වෙලාවකට පස්සෙ මාමයි ජීවන්ති මැඩමුයි ඇවිත් සෝෆා එකේ වාඩි වෙනකොට උඩ තට්ටුවේ හිටපු නැන්දයි යෙනුමියිත් පහළට ආවා..

" මැඩම් මේ හදිස්සියේ ආවෙ... අපෙ ළමයි මොකක් හරි වැරැද්දක්වත් කරලද ඒ පාර."

" අහ් නෑ නෑ මිසිස් කරුනාරත්න. මං ආවෙ නම් පොඩි දෙයක් කියන්න තමා. කෝ.. ඉමාශිටත් එන්න කියන්නකො. මොකද එයා තමා මෙතන ඉන්නම ඕනෙ කෙනා.

*********************💜️

හලෝ....❤️

ආයෙ ආවෝ.. මේක හොදද මන්දා අප්පා. ඔයාලා කියන්නෙ නෑනෙ කොටටද දිගටද ඕනෙ කියලා. ඉතිම් මං මේ විදියටම දෙන්නම්...

සරංහෙයෝ 💟

destiny Where stories live. Discover now