" ආහ් කුමාරිහාමි නැගිට්ටද?? " ගිහින් මාමට කන්න මොනා හරි හදපන්. කොහොමත් උබ ඉගෙන ගත්තා කියලා මෙලෝ වැඩක් තියෙනෙව කියලයෑ.. උබට කොහොමත් වෙන්නෙ ඉස්සරහටත් මෙහෙම බත් තම්බ තම්බ ඉන්න තමා.. "
හැමදාම උදේට නැන්දගෙන් ඔය වගේ බැනුම් අහන එක දැන් මට හුරු වෙලා.. උදේම ඇහෙන ඔය වගේ වචන නිසා මන් ගැනම කාලකන්නි හැගීමක් දැනුනත්, මේ අපායෙන් පැනලා යන්න හිතුනත්, ජීවිතෙන්ම පැනලා යන්න හිතුනත් මං තාම ජීවත් වෙනවා... විහිළුවක් උනත් හෙට දවස මීට වඩා හොද වෙයි කියලා හිතලා මං ජීවත් වෙනවා.
මං... ඉමාශි රණතුංග.
ඉපදෙද්දි මට හිටියෙ මගෙ අම්මා විතරයි. ඔව් ඔයාලා හරි හැමෝම කියනවා වගේ මාත් අවජාතකයෙක්. ඒත් දැන් මං අප්පෙක් විතරක් නෙමේ අම්මෙකුත් නැති අනාතයෙක්.
O/L ඉවර වෙලා යන්මට මට දා හත පිරීගෙන එද්දි හදිස්සියේ ඇති උන පපුවෙ අමාරුවක් නිසා මට මගේ කියලා මේ ලෝකෙ හිටපු එකම කෙනත් මාව දාලා යන්නම ගියා. කොච්චර අඩු පාඩු, අග හිගකම් තිබ්බත් මට විශ්වාසයි අම්මා එක්ක හිටපු කාලෙ තමා මගෙ ජීවිතේ ලස්සනම කාලෙ කියලා.
මුලු ගමම විතරක් නෙමේ තමන්ගෙම පවුලෙ මිනිස්සුත් මායි අම්මයි දිහා බලුවෙ හරියට කණු වේගන යන මස් කෑල්ලක් දිහා බලන තරම් පිලිකුලෙන්. මං ඔයාලගෙන් දෙයක් අහන්නද?
කසාදයක් බදින්නෙ නැතුව ළමෙක් ලැබෙනවා කියන්නෙ ඒකෙ තේරුම ඒ ළමයා වටේ ගිහින් හදා ගත්ත ළමෙක් කියන එකද?
එහෙමත් නැත්තම් රැවටුනා කියලා දැන දැනත් තමන්ගෙ එකම ආදරේ සංකේතෙ හදා ගන්න එක වැරැද්දක්ද?
සිද්ද උනේ මොකක්ද, කවුද හරි, කවුද වැරදි කියලා කවුරුත්ම ඇහුවෙ නෑ. ඇත්තටම රේප් වෙච්ච ගෑනු ළමෙක් දිහා බලන බැල්ම රේප් කරපු එකා දිහා බලන බැල්මටත් වඩා පහත් වෙච්චි සමාජෙක ඇත්තටම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.
කෙනෙක් තවත් කෙනෙක්ගෙ පිටින් පේන දේ දිහා බලලා ඒ මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියලා තීරණේ කරන්නෙ කොහොමද කියලා මට තාම හිතා ගන්න බෑ.
ඉතින් එදා ඉදන් මට ජීවත් වෙන්න උනේ නැන්දලත් එක්ක. ඇත්තටම මගෙ භාරකාරත්වය අකමැත්තෙන් උනත් එයාට ගන්න උනේ මගෙ අම්මට හිටපු එකම නෑයා එයා නිසයි.
මගෙ නැන්දලට මහ ලොකු සල්ලියක් නැතැත් සාමාන්ය මධ්යම පාන්තික පවුලට වඩා වත්කමක් තිබ්බා.. ඒ නිසාමද කොහෙද ගමේම තිබ්බ ගෙවල් එක්ක බලද්දි නැන්දගෙ ගෙදර කැපිලා පේන්නෙ කියලා මට හිතෙනවා.. ඒත් ඒක මට නම් තනිකරම හිරගෙයක් විතරයි...
******************💜️
හලෝ... පැටව්නේ..❤️
Dream boy එකෙන් පස්සෙ ඕනකමින් ලියන්න ගත්ත පළවෙනි පොත මේක. ඇත්තටම තාමත් මට බයස් ගැන ඇරෙන්න වෙන කෙනෙක් ගැන ඔයාලට ෆීල් වෙන්න ලියා ගන්න බෑ. මං උත්සහයක් ගත්තා ජිමින් මේන් එකක් ලියන්න. ඒත් ඒක ඔයාලට දනෙන්නෙත් නෑ ඇත්තටම මට ඒක ලියන්න අදහස් එන්නෙත් නෑ.🙂🙂 ඒ නිසා ඒක ලියන එක නවත්තන්න හිතුවා මන්.
හරී ඒක නෙමේ.. ගොඩාක් කාලෙකින් නිසා ගොඩාක් අයට මාව මතකත් නැතුව ඇති. හරියට නිකන් ආයෙ මුල ඉදන් ලියන්න ගන්නවා වගේ feeling එකක් දැනෙන්නෙ මට🙂.
පුළුවන් තරම් try කරන්නම් ඔයාලව ආයෙ එකතු කර ගන්න. ඉතින් මං හිතනවා මේකට ඔයලා ආස වෙයි කියලා.
අනිත් කතා දෙක වගේම මොංගල් කතාවක් තමා. කියවලා බලලා හොද නරක ඕනෙ එකක් කියන්න. ඔයාලගෙ එක වචනෙ උනත් ඕතරීට ගොඩාක් වටිනවා...❤️🥺
Jeonara____
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...