මාශිගෙයි ජංකුක්ගෙයි පැත්ත එහෙම වෙනකොට මේ පැත්තෙ ආරා උදේ පාන්දරම කුක්ගෙ ජාතියම අමතන ගමන් කම්පැනි එකට යන්න ලෑස්ති උනේ හය වෙනි පාරටත් හෝන් කරන වෙහිකල් එක දිහා ජනේලෙන් ඔලුව දාලා බලලා,
" තව විනාඩියා...යී.. "
කියලා කෑ ගහන ගමන්. ඔයාලා බලනව ඇති නේද ආරට පරක්කු වෙලා ඇහැරුන එකටයි කුක්ගෙ ජාතිය ඇමතිල්ලටයි තියෙන සම්බන්දෙ මොකක්ද කියලා. මේකයි.. හැමදාම උදේට මාශිගෙ දවසේ ප්‍රථම රාජකාරිය වෙන්නෙ ආරව නැගිට්ටවන එක. ඉතින් ඒ පුරුද්ද නිසා කෙල්ල කොච්චර එලාම් තියලා නිදා ගත්තත් කවදාවත් වෙලාවට ඇහැරෙන්නෙ නෑ. ඉතින් අදත් උනේ ඒක. යන්තමට එලාම් එක රිපීට් වදින සද්දෙට ඇහැරුන කෙල්ල වෙලාව දැක්කම වෙලාව 6.30 කියලා වැටිලා තිබ්බත් තව වෙලා තියන නිසා තව විනාඩි පහක් නිදා ගන්නවා කියලා හිතලා බ්ලැන්කට් එක ආයෙම ඔලුවෙ ඉදන් පොරොවන් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.
ඉතින් එහෙම ඇස් පියන් අරින විනාඩි පහට ඔරලෝසු කට්ට කැරකිලා තියෙන සීඝ්‍රතාවෙ ගැන හිතන ගමන් කෙල්ල ඉක්මනින් ඇදෙන් බිමට පැන්නෙ දැනටමත් 7.15 පහු වේගෙන ඇවිත් තිබ්බ නිසා.
" ඔක්කොටම මුල අර මොට්ට බොසා තමා. ඇයි යකූ ඒ මිනිහට පුදුම තදියමක්නෙ තිබ්බෙ ඔන්නියව අච්චර පාන්දර එක්කන් යන්න. හනිමූන් කපල් එකකටවත් නැතුව ඇති එහෙම තදියමක්... හුවෑහ් මටමයි වෙන්නෙ.. "
ඔන්න ඔහොම තමා ආරගෙ පරක්කු විල්ලට කොහෙවත් ඉන්න අහිංසක කුක්ව ඈදුනේ.. කොහොමින් කොහොම හරි ආයෙමත් වතාවක් හෝන් සද්දෙ ඇහෙන්න කලින් වාහනේට නගින්න කෙල්ලට පුළුවන් උනා.
ආරා අද කම්පැනි එකට ගියත් එයාට අද වෙන කවරදාටත් වඩා ලොකු පාලුවක් දැනුනේ මාශිත් නැති නිසා. ඒ වගේම කලින් බලන්න අකමැති උනත් හැමවෙලේම බලන්න ලැබෙන, කොච්චර අකමැති උනත් කරන්න සිද්ද වෙන තවත් දෙයක් එයාට මේ දවස් ටිකේම ගොඩක් මිස් උනා. ඒ තමා එයාගෙ දඩූස්වයි, දඩූස් එයාට දෙන වැඩ කන්දරාවයි. කලින් හැමදාම වගේ දකින්න ලැබෙන නමුත් දැන් කලාතුරකින් විතරක් දකින්න ලැබෙන ඒ හිනාව, සතුටින් දිලිසෙන ඇස් මොකක්දෝ හේතුවකට ආරාට ගෙනාවෙ කියාගන්න නොතේරෙන මහ අමුතු හැගීමක්. සතුටක්, දුකක්... නෑ ඒ හැගීම වචනවලට පෙරලන්න බෑ.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...