මාශි රූම් එකෙන් යනකන් ඉදපු කුක් ඒ එක්කම වගේ කැබින් එකෙන් එලියට ඇවිත් කා පාක් එකට ගියෙ කොහෙ යන්නද කියලවත් හරි හැටි තේරුමක් නැතිවයි. එයා අරමුණක් නැතුවම කා එක රෝඩ් එකට දාලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තෙ තමන්ගෙ ජීවිතේ විතරක් නෙමේ පාරෙ යන අනිත් අයගෙ ජීවිත ගැන පවා කිසිම තැකීමක් නොකර. එයා කොච්චර වේගෙකින් ඩ්‍රයිව් කරාද කියනවා නම් අන්තිම තප්පරේදි බ්‍රේක් නොකෙරුවා නම් අහිංසක හැල්මොනි කෙනෙක්කුයි, චූටි පැටියෙකුයි මේ ලෝකෙ දාලා යන්නම යන්න තිබ්බා.
කා එක නැවතුන ගමන්ම කොල්ලා කරේ මුකුත් හිතා ගන්න බැරුව අත් දෙකෙන්ම ඔලුව බදා ගත්තු එක. එක තප්පරයකින් එයා නිසා අහිංසක ජීවත දෙකක් නැති වෙන්න තිබ්බා.. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමේ. තමන්ට තමන්වමත් පාලනය කර ගන්න බැරිතරම් යන ඉක්මන් කේන්තිය නිසා. හරි හමන් දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව අද එයා මාශිගෙ හිත කොච්චර රිද්දන්න ඇතිද කියලා කොල්ලට තේරුනේ ඒ වෙලාවෙයි.
තවත් කා එක ඇතුලට වෙලා ඉන්න බැරි නිසා ඉක්මනින් වගේ ශීට්බෙල්ට් එක ගලවන ගමන් කුක් කා එකෙන් එලියට ආවෙ තාමත් අර පුංචි පැටියව තුරුල් කරන් බිමට නැමිලා ඉන්න හැල්මොනි ගාවට යන්න උනත් ඊට කලින් දුවන් ආපු කෙනෙක් ඒ දෙන්නවම බදා ගන්නකොට ඉස්සරහට තියන්න උස්සපු කකුල කොල්ලා එහෙමම බිමින් තියා ගත්තා. එයාට ආයෙ ආයෙම මතක් උනේ මීට ටික වෙලාවකට කලින් තමන් අතින් වෙන්න ගියපු ඒ භයානක සිද්ධිය.
ඇස් වලින් කදුලු කැට ගලන් යනකොට කොල්ලා කරේ තමන් ඉස්සරහ ඉන්න පුංචි පවුල දිහා බලන් ඉන්න එක විතරයි. දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක සෙනගක් එතන වට වෙලා හිටියත් ඒ කිසිම කෙනෙක් ගැන එයාට හිතන්න ඕනෙ උනේ නෑ.. ඒත් එක්කම වගේ නැගිටපු අර පුද්ගලයා කුක්ගෙ කොල(ර්) එක අල්ලන් එක පාරක් මූණට පන්ච් කරේ කුක්ට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර. ඒ කෙනා ආයෙමත් ආපිට හැරිලා තමන්ගෙ පවුලෙ අය ලගට යන්න කලින් කුක් දිහා බැලුවෙ අනුකම්පාවකින්ද, තරහවකින්ද කියන දේ වෙන්කර ගන්න බැරි බැල්මකින්..
වට උන පිරිස ටිකෙන් ටික අඩු වෙලා යද්දි අන්තිමට ඒ මහ පාර අයිනෙ ඉතුරු උනේ ජංකුක් විතරමයි. පාරෙ යන එන දහසක් මිනිස්සු මැද්දෙ උනත් කොල්ලට දැනුනෙ මහ ලොකූ තනිකමක්. ඒක අද එයා මේ ඉන්න තැනට එයාව ඇදලා දැම්මෙත් එයාමයි නේද කියන එක ආයෙ ආයෙම මතක් කලා. ආයෙමත් කා එකට නැග්ග කොල්ලා steering wheel එකට ඔලුව තියාගෙන කෑ ගහලා අඩන්න පටන් ගත්තෙ තවත් දරාගෙන ඉන්න බැරිම තැන. ඒත් ඒ එක්කම වගේ එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තත් පලවෙනි පාර කට් වෙලා යනකන්ම ඒ කවුද කියලවත් බලන්න කොල්ලා මහන්සි උනේ නෑ. ඒත් නොනවත්වා රින්ග් වෙන ෆෝන් එක තවදුරටත් ප්‍රතික්ෂේප කරන්න කොල්ලට පුළුවන් කමක් තිබ්බෙ නෑ.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...