හවස් වෙනකන්ම පුංචි උන් එක්ක දගලලා අපි ගෙදර එන්න යනකොට හවස හතර විතර වෙලා තිබ්බා. යන ගමන් කන්වීනියන් ශොප් එකක් ළඟින් නවත්තලා රයිස් කේක්, රාමෙන් එක්ක අයිස් ඩ්රින්ක් දෙකක් බීලා ලෝ බජට් ලන්ච් එකක් ගත්ත නිසා හොදටම බඩ පිරිලා තිබ්බත් ආයෙම කා එකට යන්න තිබ්බ නොකැමැත්ත නිසාම මං එයාවත් ඇදන් ටිකක් ඇවිදින්න ආවෙ කා එක ශොප් එක ඉස්සරහම නතර කරලා තියෙද්දි..
Jk - " යාහ් බබා කා එකක් තියන් මොකටද අනේ මේ පයින් බඩ ගාන්නෙහ්.. "
Mashi - " හැමදාම කා එකේ යනවනේ. අද වෙනසකටත් එක්ක පයින් ඇවිදිමු ඒයි.. ඔයා ලමිස්සි යෑ අව්වෙ චුට්ටක් ඇවිදින්න බැරි වෙන්න.. කෝ කෝ යං යං.. අහ් අර තියෙන්නෙ.. "
මං එහෙම කියනකොට මූනත් ඇද කරන් මට රවපු එයා ගස්සගෙන ඉස්සරහට ගියෙ මමත් හිනා වෙවීම එයාගෙ පස්සෙන් යන්න ගද්දි.. ජංකුකී ආසම නැති දෙයක් තියෙනවා නම් ඒ පයින් ඇවිදින එක තමා.. ඒ මනුස්සා කැමති නෑල්ලු එලියෙ තියෙන පොලියුටඩ් එයා එකටයි අව්වටයි.. අනෙව් ඉතින් මාත් එක්ක නම් ඔය ලොකු කම් හරියන්නෙ නෑ. ඇයි යකොව් මොන මගුල කරන්නත් ඉස්සෙල්ලා පොළවෙ පය ගහලා ජීවත් වෙන්න දැන ගන්න එපැයි. සල්ලි තිබ්බ පලියට පියරු බබාලා වගේ ජීවත් වෙලා බෑනෙ..
මූණත් රතු කරන් ශේඩ්ස් දාලා යන එයාගෙන් ඇත්තටම පෙනුනෙ ගොඩක් කඩවසම් පෙනුමක්.. බේජ් කලර් ට්රවුසර් එකට වයිට් කලර් ශර්ට් එකක් ඇදලා ඒක යට කරලා වැලමිට ළගට අත් දෙක නවලා ඉදපු එයාට මෙසී ලුක් එකකට හදපු කොණ්ඩෙන් ආවෙ සරාගී කඩවසම් බවක් කිව්වොත් හරි.. ඒකට හොදම සාක්ශිය තමා එයාව පහු කරන් යන ගොඩක් අයගෙ අවදානය හැම වෙලාවෙම එයාට යොමු වෙන එක.. ටිකක් ඉස්සරහට යද්දි සෙනග වැඩියෙන් ගැවසෙන හරියකට ආවම මෙච්චර වෙලා මට ගස්සන් අත් දෙකත් සාක්කුවේ දාන් ඉස්සරහින් ගියපු එයා මං ළගව ඇවිත් මගෙ අතින් අල්ලන් මාව එයාගෙ පැත්තට ළං කරන් ඇවිදන් ගියෙ සමහර කෙල්ලො එකට පැටලුන අපේ අත් දිහා බලලා මූණ දෙක කර ගනිද්දි..
කොරන්න දෙයක් නෑ කෙල්ලනේ හී ඉස් ඕල්රෙඩි මයින්.. ආව මෙතන පැනි හලන්න.. අපිට සමාන්තරව වගේ ටිකක් එහායින් ඇවිදන් ආව කෙල්ලො රංචුවක් තවමත් එයා දිහා කන්න වගේ සැරින් සැරේ බලද්දි මං ඇවිදින ගමන්ම ඉස්සිලා එයාගෙ ලිප්ස් වලට පෙක් එකක් දුන්නෙ අර කෙල්ලන්ගෙ මූණ ඇද වෙලා යද්දි.. ආව මෙතන බලන්න.. ගෙදර ගිහින් ඇස් වහ ටිකක් පුච්චවන්න ඕනෙ. මට පේන්නෙ මේ මනුස්සයගෙ සිකුරා උච්චද කොහෙද මේ ටිකේ. කේන්දරේවත් බැලෙව්වා නම්.. අහ් බලන්න මෙයාලට කේන්දර එහෙම තියෙනවද දන්නෑ. අහලා බලන්නෝනෙ..
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...