Mrs. Jeon - ආදල් ඔයා හරියටම හත වෙනකොට මං එවලා තියෙන ලොකේශන් එකට යන්න ඕන. මොකද මන්- "
Jk - " මොකද ඔයා කැමති නෑ අර නට් එක පොඩ්ඩක්වත් රස්තියාදු වෙනවට.. ආයිශ් ඔම්මා ඊයෙ ඉදන් ඔයා ඔය ටික සියපාරකටත් වඩා කියන්න ඇති. "
Mrs. Jeon - " මොකද මං දන්නවනෙ තමුන් ඒ ළමයට සලකන විදිය. දැන්වත් ටිකක් වගකීමෙන් වැඩකරන්න ආදල්. "
Jk - " යාහ් එතකොට මමද ඔයාගෙ ළමයා නැත්තම් ඒ නට් එකද ආහ්?? බලන්නකො අප්පා.. "
Mr. Jeon - " හරි හරි නෝනෙ.. කොල්ලා වෙලාවට එතන ඉදී. හරි එහෙනම් දැන් පරිස්සමින් යන්න ceo මහත්තයා. "
ඊයෙ දවසෙ කොහොම හරි අමාරුවෙන් කුක්ව එයුන්හා එක්ක ඩේට් එකකට යවන්න mrs jeon කැමති කරවා ගත්තත් කොල්ලා මේකට යනකන් සත පහකට විශ්වාස කරන්න බැරි නිසයි ඊයෙ හවස එයා මේ දෙන්නා වෙනුවෙන් බුක් කරපු හොටෙල් එකේ නමේ ඉදන් හෙට කොල්ලා හැසිරෙන්න ඕන ආකාරය දක්වා අකුරක් නෑර සවිස්තර වාර්තාවක් එයාට ජේකේගෙ මූණ පේන හැම් වෙලේම සපයන්න වග බලා ගත්තෙ. අන්තිමට අද උදේ කුක් ඔෆිස් යන්න සූදානම් වෙලා පහළට ආව වෙලෙත් එයා සුපුරුදු දේශනාව පටන් ගන්න යද්දි කොල්ලා කොහොම හරි එතනින් පැන ගත්තෙ ලිවින්ග් ඒරියා එකේ නිව්ස්පේපර් එකක් බල බල ඉදපු මිස්ටර් ජියෝන්ගෙත් සහය ඇතිව. කාර් කී එකත් අරන් දුවන් කුක් දිහා බලන් ඉදපු මිසිස් ජියෝන් ආපහු හැරුනෙ අම්මගෙයි පුතාගෙයු රණ්ඩුව නැවතුන නිසා ආයෙමත් නිදහසේ නිව්ස්පේපර් එක කියවන්න ලෑස්ති වෙන මිස්ටර් ජියෝන් දිහාවට.
Mrs. Jeon - " අනේ මන්දා හනී. ඒ කෙල්ල අපේ එකත් එක්ක කොහොම වසයිද කියලා.. "
Mr. Jeon - " අයියෝ එච්චර හිතන්න එපා නෝනෙ. ඔයා එක්ක මේ මං ඉන්නෙ අපූරුවට."
මිස්ටර් ජියෝන් කියව කියව හිටපු ආටිකල් එකට අවදානෙ දෙන ගමන් වැඩි දුර හිතන්නෙ නැතුව මිසිස් ජියෝන්ට උත්තර දුන්නත් ඊළග තප්පරේම තමන් කියපු හරුපෙ හරියට මීටර් උන නිසා පත්තරේට උඩින් හොරෙන් මිසිස් ජියෝන් දිහා බැලුවෙ හැංගෙන්න බිත්තර කට්ටක්වත් ළඟ පාත තියෙනවද කියලා බලන ගමන්. මිස්ටර් ජියෝන්ගෙ වෙලාවට ඒ වෙලේම ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා මිසිස් ජියෝන් මිස්ටර් ජියෝන් දිහා " පස්සෙ බලාගමුකො අපෙ මහත්තයා.. " වගේ ලුක් එකකින් බලන ගමන් ගිහින් ෆෝන් එක ආන්සර් කරේ ඒ දිහා බලන් ඉදපු මිස්ටර් ජියෝන් සැනසුම් සුසුම් හෙලනකොට.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...