Mashi's pov...
ඊයෙ එයා මාව අපාර්ට්මන්ට් එක ළඟින් බස්සපු වෙලේ මං කරපු දේ එක්ක මටම මං ගැන ලැජ්ජා හිතෙද්දි මං එක තප්පරයක්වත් එතන නොයිද දුවන් ආවෙ එයා තාමත් ශොක් වෙලා වගේ මං දිහා බලන් ඉද්දි. මං තවමත් දන්නෙ නෑ එයා එදා මට කෑ ගැහුවෙ මොන හේතුවකටද කියලා.. ඒත් මට දුකක් තිබ්බෙ නෑ. මොකද කොච්චර කෑ ගහුවත් ඒ කේන්තිය අස්සෙත් තිබ්බෙ ආදරේම විතරයි. ඒක මට හොදටම දැනෙනවා. ඉතින් එහෙම ආදරයක් ඉස්සරහ එයා ගැන අහිතක් හිතන්නෙ කොහොමද මං හීනෙකින්වත්. කලින් දවස් දෙකේම ඔෆිස් ආවට කතා කරන්නවත් ලැබුනෙ නෑනෙ පුප්ප පුප්ප හිටපු නිසා. ඒ නිසා අද මං ආරටත් කලින්ම ඔෆිස් එකට ආවෙ එයා කොහොමත් උදෙන්ම ඔෆිස් එකට එන නිසා.
වෙනදට යන වෙලාවට වඩා පැය බාගෙට කලින් ඔෆිස් එකට ආවත් තවමත් හිස් වෙලා තියෙන ceo කැබින් එක දිහා විටෙන් විටේ බලන ගමන් උන්නු මන් එක පාරට ගැස්සිලා ගියෙ කන ලගින්ම වගේ ඇහුන සද්දෙ නිසා..
Ara - " බුහ්හ්... "
Mashi - " බුදාම්මෝහ්.. "
Ara - " මොකද නිකන් දොර දිහා බලන් පිලිකුල් භාවනාව වඩනවද? "
Mashi - " ...... "
Ara - " අහ් හා.. හාරි හාරි.. කර ගෙන යන්නකො ඔයා එහෙනම් අපි කැපුනා. "
එහෙම කියපු ආරා මල් හිනාවකුත් දාන් මට ඇහැකුත් ගහලා එයාගෙ ටේබල් එකට ගියෙ මං එයාටත් රවලා ආයෙමත් දොර දිහා බලද්දි. ඇයි යකූ අටත් පහු වෙලා මේ මිනිහ අද ඔෆිස් එන්නෙ නැතුවවත්ද? ඒත් ඊයෙ එහෙම එකක් කිව්වෙ නෑනෙ.. දොරටත් රවලා මං ආයෙම ෆයිල් එකට මූණ ඔබා ගත්තෙ හැම වෙලේම දොර දිහා බලන් ඉන්නව කියලා කාට හරි නෝට් වෙයි කියලා හිතුන නිසා..
ටික වෙලාවක් යනකොට සේරමල්ලා දඩි බිඩි ගාලා ඉන්න ඉන්න තැන් වලින් නැගිටිද්දි මමත් ටක් ගාලා ඉන්න තැනින් නැගිට්ටෙ එයා ඇවිත් කියලා තේරුන නිසා. තද දුබුරු පාට බ්ලෙසර් එකට යටින් ඇදලා තිබ්බ කලු පාට ශර්ට් එකට එයා අද ඕනාවටත් වඩා කඩවසම්ව පෙනෙද්දි හිනා පොදක් රැදිලා නැති මූණට ඒ බෝල ආඩම්බරකාර ඇස් ගෙනාවෙ චිත්‍රයකටත් වඩා ලස්සනක්. එයා එන මගට කී දාහක් දෙනා බෝව් කලත් ඒ එක්කෙනෙක් දිහාවත් පුංචිම බැල්මක් දැම්මෙ නැති එයා අපේ ඩිපාර්ට්මන්ට් එක ළඟින් යනකොට යන්නේ මගෙ ළග එක තප්පරයකට ඒ ඇස් නතර කරලා. තප්පර ගාණක පුංචි දෙයක් උනත් ඒ ඇස් මගෙ ඇස් එක්ක පැටලෙන ඒ මොහොතෙත් හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්.. හරියට මුලු ලෝකෙම ඒ තප්පරේදි නතර උනා වගේ.. කන්මුල් වලට ලේ පිරීගෙන එද්දි මං බිම බලා ගත්තෙ එයත් කෙලින්ම එයාගෙ කැබින් එකට යද්දි.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...