6

202 42 5
                                    

" තුණුරුවන්ගෙ සරණයි මගෙ පුතාට.. පරිස්සමින් යන්න එහෙනම්.. "

" ම්.. මැඩම් මේ මට කරපු උදව්ව කවදාවත් මට අමතක වෙන්නෑ මැඩම්. අම්මා නැති මට අම්මෙක් උනාට මැඩම්ට පින්.. පරිස්සමින් ඉන්න අම්මා.. "

මං ඒ වචනෙ කියද්දි මැඩම්ගෙ ඇස් වලින් බිමට වැටෙන්න පොර කකා හිටපු කදුලු බිංදුවක් ඒ කම්මුල් තෙමාගෙන පහලට යන විදිය මං දැක්කා.. අන්තිම පාරට මගෙ දෙවනි අම්මා උන ජීවන්ති මැඩම්ට සමු දීලා මං ආවෙ දැනටමත් මගෙ ෆ්ලයිට් එකට ටික වෙලාවක් විතරක් ඉතුරු වෙලා තිබ්බ නිසා..

" බිස්නස් ක්ලාස් ටිකට් එකක්.. ඒකත් නිකන්ම් ස්කොල් එකකින් එන ස්ටුඩන්ට් කෙනෙක්ට දෙන්න තරම් මේ jj industries වල ඕනර් කොච්චර පෝසත් වෙන්න ඇතිද??.. "

ඕකත් හිත් හිත මන් මගෙ සීට් එක හොයන් යද්දි වින්ඩෝ එකට මෙහා තිබුණු මගෙ ශීට් එක මට හම්බුනා. බිස්නස් ක්ලාස් නිසා ඩබල් සීට්ස් විතරයි ඒකෙ තිබ්බෙ. මගෙ එහා පැත්තෙ සීට් එකේ කවුරුත්ම හිටියෙ නෑ.. අම්ම්. ඇත්තටම නෑ නෙමේ හිටියා. ඒ මනුස්සයා කලු කුමාරයගෙ අක්කෙ පුතා වගේ කලුම කලු පාට මාක්ස් එකකට කලු පාට බකට් හැට් එකක් දාලා කලුම පාට අවුට් ෆිට් එකක් ඇදලා හිටිය විදියට ළාවට පේන ස්පෙක්ස් දෙක නැත්තම් ඇත්තටම එකපාරට බලපු කෙනෙක්ට පේන්නෙ කලු පාට රෙද්දක් විතරක් ශීට් එක උඩ තියෙනවා වගේ.

"බැලූ බැල්මට එයා කොරියන් වගේ.. කමන්නෑ දැන් කොහොමත් යන්නෙත් එහෙට නිසා මං ටිකක් මෙයා එක්ක කතා කරලා බලනවා. කාත් කවුරුත්ම නොදන්න රටකට යද්දි අඩුම එක අදුරන මනුස්සයෙක්වත් ඉන්න එක හොදයිනේ.."

එහෙම හිතපු මං මගෙ සීට් එකෙන් වාඩි වෙලා ඒ කෙනා දිහාට හැරුනා... එතකොටයි මං එයාව හරියටම දැක්කෙ.. වොහ්.. එයා ගොඩාක් හැන්ඩ්සම් පාටයි..

" මාස්ක් එකයි බකට් හැට් එකත් දාලා ඉද්දි මේ තරම් හැන්ඩ්සම් නම් ඒ මූණ කොච්චර ලස්සන ඇතිද??.. මෙයා ඇක්ටර් කෙනෙක්ද දන්නෑ.. නැත්තම් අර යෙනුමියා හැම තිස්සෙම කියන වෙන්ඩෝල් වගේ නමක් තියෙන අය.. මොකක්ද අයි.. අයිඩොල්.. ම්ම්... අහ් හරි අයිඩල්. ඒම කෙනෙක්ද දන්නෙත් නෑ. අනේව් ලස්සන.. කියූ...ට් කලු කුමාරයෙක් වගේ.. "

destiny Where stories live. Discover now