23

164 36 4
                                    

Next day...

ඊළග දවසෙ උදේම ජංකුක් මාශිව පික් කරන්න එයාගෙ අපාර්ට්මන්ට් එක ළගට ඇවිත් හිටියෙ කලින් දවසෙ එයා කිව්ව විදියටමයි. මේ ගමනට මාශිවම එක්කන් යන එකට එයාගෙ හියොන්ලට රටේ නැති පැහැදිලි කිරීම් දීලා මේ ගමන ස්ටාෆ් එක නැතුව තනියම යන්න හදා ගත්තෙ ටේගෙ බලවත් අකමැත්තෙ යටතෙ..

Flashback

Tae - " හරි දැන් ඔය ගමනට මාශියව ගෙනියන්නෙ එයාට ඒකෙන් ඉගෙන ගන්න දේවල් තියෙන නිසා කියන එක හරියි කියමුකො. ඒත් ඇයි හැම පාරම ඔය වගේ වැඩකට ස්ටාෆ් එකත් එක්ක හියොන්ලා කාව හරි යවන උබ අද තනියම මේ කෙල්ලත් එක්ක යන්න හදන්නෙ ආහ්?? "

Jk - " ආයිශ් හියොන් මේ පාර එයාලා ක්ලියර්ලි කියලා තියෙනවා මේ ඉවෙන්ට් එකට මං එන එක ගොඩක් ඉම්පොර්ටන්ට් කියලා. "

ටේත් එක්ක තවත් මේ ගැන කතා කරොත් අනිවාරෙන්ම දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හිත රිදෙන නිසා කුක් ඔෆිස් රූම් එකෙන් එලියට යන්න ආවෙ ඇත්තටම එයා මේ කරන දේ වැරැද්දක් කියලා එයාගෙම හිත කෑ ගැහුව නිසා..

Tae - " උබ මොනාද කරන්න හිතන් ඉන්නෙ කියන එක නම් මං දන්නෙ නෑ. හැබැයි මතක තියා ගනින් ඉයුන් කියන්නෙ උබට එපා වෙලාවට අහක දාන්න පුළුවන් සෙල්ලම්බඩුවක් නෙමේ කියන එක. "

ජංකුක් රූම් එකෙන් යන්න හදන දිහා බලන් කියපු ටේ තවත් විනාඩියක්වත් එතන නොයිද කුක්වත් පාස් කරන් රූම් එකෙන් එලියට ගියෙ මෙච්චර වෙලාවක් නොහිතා හිත යට හංගන්න උත්සහ කරපු ප්‍රශ්නෙ ආයෙමත් ඇස් ඉස්සරහට එනකොට.

" කවදාවත් නොහිතපු විදියට කෙනෙක් ගැන ආදරයක් ඇති උන එකට ඇත්තටම වැරැද්ද මගෙද හියොන්?? ආදරේ කියන දේ මට අයිති නැද්ද එතකොට... "

ටේ ගියාට පස්සෙ වැහිලා ගිය දොර දිහා බලන් තමන්ටම මුමුණගත්තු කුක් ලොකු හුස්මක් පිට කරේ අසරණපාට හිනාවක් මූනෙ ඇදෙද්දියි..

Flashback end

Mashi - " ඔයා ප්‍රශ්නෙකින්ද?? හිතට වද දෙන දෙයක් තියෙනවා නම් මාත් එක්ක කියන්න පුළුවන් ඔයාට.."

යන්න පටන් ගත්ත ගමන පුරා පැතිරිලා තිබ්බ දිගු නිහැඩියාව බිදින ගමන් මාශි කතා කරේ කවදාවත් නැතුව ජංකුක්ගෙ මූණෙ තිබ්බ මලානිකබව නිසා.

destiny Where stories live. Discover now