මාශිව ඩ්‍රොප් කරලා ගෙදර ගිය කොල්ලට පොඩ්ඩක්වත් මතක තිබ්බෙ නෑ එදා අරහෙම පිස්සුවක් කෙලලා මාශිගෙ හිත විතරක් නෙමේ ඉයුන්හාගේ හිතත් තමන් රිද්දපු බව. රටක් රාජ්‍යයක් ලැබුණා වගේ ෆුල් ආතල් එකේ මැන්ශන් එකට අඩිය තිබ්බ කොල්ලගෙ දර්ශන පථය එක්වරම අවහිර උනේ ලිවින්ග් රූම් එක මැද්දෙම හිටන් අත් දෙකත් බැදන් තමන් දිහා බලන් ඉන්න මිසිස් ජියෝන් නිසා. ඊට ටිකක් එහායින් මිස්ටර් ජියෝන් සෝෆා එකේ වාඩි වෙලා හිටියෙ තරමක් තද බැල්මකින් ජංකුක් දිහා බලාගෙන. තිබ්බ වාතාවරණයේ හැටියට මිසිස් ජියෝන්ගෙ බැල්මට කලිසමේ සූ යන තත්ත්වයක් තිබ්බ නිසා කොල්ලා කලේ තමන්ට තියෙන අහිංසකම හිනාවත් දාන් ශේප් එකේ අප්ස්ටෙයා එකට යන්න හදපු එක උනත් කුක්ට ස්ටෙයාකේස් එක පැත්තට යන්න කියලා උස්සපු කකුල එහෙමම උස්සන් නතර වෙන්න උනේ මිසිස් ජියෝන්ගෙ කේන්තිය පිරුණ කටහඬ නිසා.
කවදාවත් නැතුව දෙවියොයි ගස් ගලුයි මලුයි පොහොට්ටුයි සේරම මතක් කරන් උස්සන් ඉන්න කකුලත් පහල දාපු කොල්ලා මිසිස් ජියෝන්ලා පැත්තට හැරුනෙ හරියට සිද්ද වෙන්නෙ මොකක්ද කියල නොතේරුනත් එයාගෙ ඔම්මට තමන් කරපු මොකක් හරි නසරානි වැඩක් මාට්ටු වෙලා කන පිරෙනකන් දිග.......ම දිග රැප් එකක් අහන්න වෙනවා කියලා ඉවෙන් වගේ තේරුන නිසා.
(Author - බොහොම කලාතුරකින් විතරක් කේන්ති යන මිසිස් ජියෝන්ට මල පැන්නම ආයෙ ජින්ගෙ රැප් එක පරාදයිලු ළමයි.. මං නෙමෙ කුක් කිව්වෙ o_O)
ඒත් හැරුනට පස්සෙයි කොල්ලා මිසිස් ජියෝන්ගෙ මූණෙ තිබුන පෙනුම හරියටම දැක්කෙ. ඒ එක බැල්මකින් උනත් ජංකුක්ට දහස් වතාවක් හිත රිද්ද ගන්න හේතු ඕන තරම් තිබ්බා. මොකද මිසිස් ජියෝන් කියන්නෙ කොච්චවත් ජංකුක්ගෙ නසරානිකමට බොරුවට කේන්ති අරන් කෑ ගැහුවත් එයාට ඇත්තටම කේන්ති යන්නෙ ගොඩක් කලාතුරකින්. පුංචි කාලෙ ඉදන් එයාගෙ ඔම්මගෙ ඇස් මේ තරම් කේන්තියකින් පිරිලා තියෙනවා එයා දැකලා තිබ්බෙ එකම එක පාරයි. ඒ එයාගෙ හොදම යාලුවා උන ආන්ටි හනාගෙ ඩිවෝස් එක දවසෙ. එදා එයාගෙ ඔම්මා ආන්ටි හනාගෙ එක්ස් හස්බන්ගෙ කන රත්වෙන්න පාරක් දුන්නු දවසෙත් එයාගෙ ඇස් මේ විදියටම කේන්තියෙන් පිරිලා තිබ්බා.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...