ඊළග දවසෙ කම්පැනි එකට යන්න මාශිට කොච්චර හදිස්සියක් තිබ්බද කියනව නම් කෙල්ලට හරියට නින්ද ගියෙත් නෑ.. වෙනදට වෙහිකල් එක එන්න පැය බාගයක් වෙනකන්ම නිදා ගන්න ආරාටත් අද පාන්දර පහට නැගිටින්න සිද්ද උනේ මාශි 4.30 ඉදන් එයාව නැගිට්ටවන්න නටන දහඅට වන්නමට පින් සිද්ද වෙන්න..
Ara - " යාහ්.. ඔන්නි තාම පහටත් නෑ.. නිදා ගන්නවකො වද නොදී... "
Mashi - " පිස්සුද මෙහ් දැනටමත් පහයි පහයි වෙලාව.. කෝ කෝ ඉක්මනින් ගිහින් වොශ් දාන් එන්න. මං බ්රෙක්ෆස්ට් රෙඩි කරනකන්. "
Ara - " හරී... 😪"
Mashi - " ආරාආආආ!!!! "
Ara - " ඔව් කෝ කෙහෙද බෝම්බයක්ද.. 😳 "
Mashi - " ඔව් මේ නිශ්ක්රීය කරන ගමන් ඉන්නෙ.. එතකන් ගිහින් වොශ් දාන් එනවකො.. "
උදේ පාන්දරම මාශිගෙ මුලු පරම්පරාවම ආදරෙන් මතක් කරන ගමන් ආරා වොශ් කරන්න ගියෙ එක්පාරටම මාශිට වැහිලා තියෙන යකා මොකාද කියලා කල්පනා කරන ගමන්.. කොහොමින් කොහොම හරි වෙහිකල් එක එන්න පැය බාගෙකට කලින් පාරට යන්න එයාලට පුළුවන් උනා. ඒ යනකනුත් ආරා කල්පනා කරේ මාශි ඇයි මෙච්චර හදිස්සියෙන් කම්පැනි එකට යන්න හදන්නෙ කියලා. මාශිගෙන් ඒ ගැන දැන් අහලා වැඩක් නැති නිසා කෙල්ල ඒ පස්සෙම අහනවා කියලා හිතා ගත්තා..
At jj,
වෙනදා වගේම කෙල්ල කම්පැනි එකට ගියපු ගමන් කරේ එදා දවසෙ සයින් කරන්න ඕන ෆයිල්ස් ටිකත් අරන් කුක්ගෙ කැබින් එකට ගියපු එක.
Mashi - " may i come in sir? "
පුරිදු විදියටම අවසර ගත්තු කෙල්ල ලොකූ හිනාවකින් මූණත් පුරවන් ඇතුලට ගියෙ කොල්ලව දකින්න ආසාවෙන් උනත් කෙල්ල ඇතුලට යනකොට කුක්ට අමතරව ඇතුලෙ තවත් කෙනෙක් ඉන්නවා දැකපු නිසා කෙල්ලගෙ හිනාව එහෙමම නැවතිලා ගියා..
ඒ වෙන කවුරුත් නෙමේ සුමී. මාශි දිහා බලලා ලස්සනට හිනා උන සුමීට ආපිට හිනා වෙන ගමන් කෙල්ල කුක් දිහා බැලුවෙ ආවා කියලා හොදටම දැනගෙන උනත් කොල්ලා නිකමටවත් ඔලුව උස්සලා බලන්න මහන්සි නොවුන නිසා.Jk - " සුමී.. ඔයා මිස් මාශිගෙ ෆයිල්ස් ටිකත් එක්කම ඕකත් රෙඩි කරලා මට දෙන්න.. "
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...