අහ්.. ම්ම්.. බ්..බුදාම්මෝ ටූ යූ ටූ.. ඔයාලගෙ රටේ ආචාර කරන විදිය ටිකක් වෙනස්නේ.."
නැත්තම් මන්චි ටිෆින්නෙ කන්නෙ ටිකක් වෙනස්. ඈහ් පොඩ්ඩක් ඉන්න දැන් ඒ කතා කරේ අර කලු කුමාර පැටියද එතකොට?? වොහ් මෙයා නම් අයිඩල් කෙනෙක්ම තමා. කටහඩේ ලස්සන. බ්ලැන්කට් එක චුට්ටක් පාත් කරලා මං එයා දිහා බලද්දි එයත් මං දිහා බලන් ඉන්නවා. මං එයා දිහා බලනවා දැක්කම එයා ආයෙත් කතා කරන්න ගත්තා.
" ඔහ් හායි.. මං ජිමින්. කොහොමද ඔයාට? ඔයා මොන රටේද? පේන විදියට නම් ඉන්දියන් වගේ. "
කෝච්චියක් ගිලලා වගේ මගෙන් අහපු ප්‍රශ්න ටිකට මාවත් හොල්මල් වෙලා ගියා. පොඩ්ඩක් ඉන්න මූ කිව්වෙ මං ඉන්දියන් වගේ කියලද?? මටත් ඉතින් මගෙ පොඩි පදුකෝන් අක්කගෙයි ප්‍රියංකා අක්කගෙයි කලවං ලුක් එකක් තියෙනවා කියලා ඒකාලෙ ඉදන් තේරිලා තමා තිබ්බෙ. හතර වටෙන් ඇස් ගැලවෙන සයිස් එකට වදින කැමරා ලයිට්ස් මැද්දෙන් රොනාල්ඩෝගෙ අතේ එල්ලිලා රෙඩ් කාපට් එකක යන ගමන් ඉද්දි එක පාරට අතක් මූණ ඉස්සරහින් පියෑබුවා.
පොඩ්ඩක් ඉන්න.. අතක් කොහොමද පියාබන්නෙ??
" හේයි.. කොහෙද අතරමං උනේ.. "
ආ..ශ් රෙදි නෑනෙ. මටමයි වෙන්නෙ. බාගෙට හේදුන නම්බුවේ ඉතුරු ටික හරි බේර ගන්න ඕනෙ නිසා මං ඔළුවත් වනලා කෙලින් වෙලා වාඩි උනා.
" අම්.. ස්..සොරි ජිමින්ශී... ඇත්තටම මං වෙන කල්පනාවක හිටියෙ. "
" මාත් දැක්කා ඒක නම්.. ඒක නෙමේ ඔයා ඉන්දියන්ද? "
" පිස්සුද මං සිරි ලංකන් යක්ක පුතෙක්. මේ පේන්නෙ නැද්ද??... "
මෙයා මොකද මේ සැරින් සැරේට ඉන්දියන්ද ඉන්දියන්ද කියලා අහන්නෙ.. ඇයි යකොව්. රටේ සතේ නැති උනාට ඉන්දියාවටවත් සෙකන්ඩ් වෙනවද අපි හුහ්.. යක්ක ලේ බොලව්.. හැබැයි ආපු කේන්තියට කියලා දැම්මට කිව්ව හරුපෙ මොකක්ද කියලා තේරුනේ එයා මං දිහා මේකිට පිස්සුද ලුක් එකකින් බලන් ඉන්නකොටයි. කිව්ව එක විතරක් නම් කමක් නෑ.. මං අත් දෙකත් දෙපත්‍තට උස්සන් ඉදලනේ.. නිකක් හල්ක්ගෙ නංගි වගේ පෙනුනද දන්නෑ මාව.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...