10

177 39 15
                                    

මං ආයෙ කැබින් එකට යද්දි හියොන්ලා සේරම එතන හිටියා. ඊට පස්සෙ හොබී හියොනුයි, යුන්ගි හියොනුයි අර ස්කොලර්ශිප් එකෙන් තේරුන ට්‍රේනීස්ල ගැන විස්තර තිබුණු ෆයිල් එකක් අපි හැමෝටම දුන්නා. මොකද ඉන්ටර්විව් එකට කලින් එයාල ගැන දැන ගන්න ඕනෙ දේවල් තියෙනවනේ..

ඔහ්.. මේ ඉන්නෙ අර කෝපි කෙල්ල නෙහ්. එතකොට එයත් ස්කොලර්ශිප් එකෙන් ආපු කෙනෙක්. පේන විදියට අත්ද්කීම් නැති උනත් කොලිෆිකේශන්ස් ගොඩක් තියෙනවා. බයෝඩේටා එකේ හැමදේම බලන් පහලට යද්දි රටේ නම වෙනුවට තිබ්බෙ මං මීට කලින් අහලම නැති රටක නමක්. ස්..ස්..සී... ආයිශ් මොකා මේ රටවල් වල නම් දානවද මන්දා.. සාමාන්‍යයෙන් ලෝකෙ තියෙන ගොඩාක් රටවල් වලට බිස්නස් ටුවර්ස් ගියත් ජීවිතේට මෙහෙම රටක් තියෙනවා කියලා දැක්කමයි.. ජිමින් හියොන්ගෙන් ඇහුවා නම් හරි. පෘථිවිවේ මිනිහා නොදන්න තැනක් තියෙනවා නම් ඒ ක්ශුද්‍ර ජීවී වාසස්ථානයක් තමා ඉතින්. මොකද ඇහුවොත් මේ මිනිහා බිස්නස් ටුවර් එකකනෙ..

" මෙහ් හියොන්.. මේ ස්..ස්.. "

Tae - " ඇයි මොකතේ.... අප්පා නයෙක්ත....? "

ආයිශ් මූ එක්ක බෑනෙ. ඉදපන්කො කරන්න..

" අහ් ටේ ටේ හියොන් මෙන්න මේ මගුලෙ රට කොහෙද තියෙන්නෙ කියලා දන්නවද?"

Tae - " මේ හියොන් දන්නෙ නැති රටක් ආයෙ පෘථිවියේ නම් තියෙන්න විදියක් නෑ කොල්ලො.. ආහ්.. මේකද?.. මේක.. මේක මේ රටක්.. ඕ රටක් තමා.. හේ හේ.. "

" ඒක මං දන්නවා පිටසක්වලයො. කොහෙද තියෙන්නෙ කියලා අහුවේ. "

Tae - " පෘථිවියෙනේ?..🙂 "

ඇත්තමයි මට හිතුනා අතේ තිබ්බ ෆයිල් එක හපන් මැරෙන්න.. තවත් මේ පිටසක්වලයගෙන් මේ ගැන අහලා වැඩක් නැති නිසා ටේ හියොන්ටත් රවාගෙනම ෆයිල් එක උදුරලා ගත්තු මන් අනිත් අයට කතා කලා..

" එහෙනම් අපි දැන් ඉන්ටර්විව් එක පටන් ගමු නේද? හොබී හියොන්, ඔයයි යුන්ගි හියොනුයි විතරක් නෙමේ මේ පාර ජිමින් හියොනුත් ඉන්ටව් බෝඩ් එකට දැම්මා. අපි ඉස්සරහට කතා කරන්න ඕනෙ දේවල් මේකෙන් පස්සෙ ඩිස්කස් කරමු. කොහොමටත් මේ පාර තේරිලා තියෙන ගර්ල්ස්ලා දෙන්නගෙම ගොඩක් හොද කොලිෆිකේශන්ස් තියෙන්නෙ. මතක ඇතුව හැම රූල් එකක්ම හොදට කියලා දෙන්න. මොකද මං කැමති නෑ මෙතන වැඩ කරන විදියෙ මොනම අව්ලක්වත් වෙනවට.. ඔයලගෙ වැඩෙන් පස්සෙ එයාලට අද හාෆ් ටයිම් යන්න පුළුවන් කියන්න. හෙට ඉදන් ඔෆීශියලි ට්‍රේනින් එක පටන් ගන්නවා. "

destiny Where stories live. Discover now