Ara - " ඔන්නියා මං යනවා එහෙනම්.. පරිස්සමින් ගිහින් එන්න. "
වෙනදා වෙලාවටම ඔෆිස් වෙහිකල් එක ඇවිත් තියෙද්දි ආරා මටත් අත වනාගෙනම පහළට ගියෙ එයා ලිෆ්ට් එකේ නොපෙනී යනකන්ම අත වන වන ඉදපු මං ආයෙම ඇතුලට ඇවිත් මං හද හද ඉදපු කෑම ටික හදන්න පටන් ගත්තෙ තව ටික වෙලාවකින් එයා එයි කියලා හිතුන නිසා..
උදේම එන නිසා එයාටත් එක්ක කෑම හදන්න මං තීරණය කලේ දැන් එයා ලංකාවෙ කෑම කන්න පුදුම පෙරේතයෙක් වෙලා ඉද්දි.. මෙහෙ ගොඩක් වෙලාවට කන්නෙ බත් එක්ක එක එක සයිඩ් ඩිශස් වෙන වෙනමනෙ. නැත්තම් රාමෙන් එකක්. ඒත් අපේ රටේ එහෙම නෙමේ මාලු පිලිත් ඔක්කොම එක කටට අනලා බත් ටික කන්නෙ.. ම්ම්.. මතක් වෙනකොටත් කටට කෙල උනනවා.. මන් මෙහෙ ආවත් හරි මට එහෙ මතක් වෙන දේකට කියලා තිබ්බෙ එහෙ කෑම විතරයි. මොකද මතක් උනා කියලා ඒ රහට හදන් කන්න මෙහෙ ඕන කරන බඩුවත් හොයා ගන්න අමාරුයිනෙ.
ඒ රසටම ගන්න බැරි උනත් ගොඩක් වෙලාවට මං ගෙදර ඉන්න දවස් වලට පුළුවන් පුළුවන් විදියට එහෙ කෑම හදනවා. සැර ජාති, තුනපහ එහෙම හරිම රසට නැතත් ලුනුයි වතුරෙනුයි හදන මෙහෙ කෑම වලට වඩා ඉදලා හිටලා හරි එහෙම කනකොට පුදුම රසක් දැනෙන්නෙ.. මං ඒ කිව්වෙ මෙහෙ කෑම රස නෑ කියලා නෙමේ.. ඒක අර පුරුද්ද..
ඉතින් අදත් මං මේ එයාගෙ ආසම කිරිබත් හදන ගමන්.. මං කිරිබත් කොහොමත් කන්න කැමති කෑලි කපලා නෙමේ.. උණුවෙන්ම තලිය වගේ තියෙනකොට. එතකොට ගොඩක්ම කිරි රහ දැනෙනවා. එයත් හරි ආසයි එහෙම කන්න.. කන්න කිව්වට ඒ මනුස්සයා ඉතින් අතින් කන්නෙ නැති නිසා හැමදාම වෙන්නෙ මට කවන්න තමා. එයා ගොඩක් සැර කන්නෙ නැති නිසා සැර ගානට ලුණු මිරිසක් ලූණු කෑලි හැපෙන්න හදලා මං වොශ් එකක් දාන් එන්න ගියෙ දැනටමත් වෙලාව අට පහුවෙලා තිබ්බ නිසා..
වොශ් එකක් දාන් එලියට එනකොටම වගේ මං දැක්කෙ ඩ්‍රෝවර් එක උඩ චාර්ජ් වෙන්න දාලා තිබ්බ ෆෝන් එකට ආව නෝටිෆිකේශන් එකක්.. කොණ්ඩෙත් පිහ පිහම එතනට ගිය මං ලොක් ස්ක්‍රීන් එක ඔන් කරලා ලයින් එකට ගියෙ මැසේජ් එක ඇවිත් තිබ්බෙ එයාගෙන් නිසා..
[ My love ❤️
ගුඩ් මෝර්නින් බබා.. තව ෆයිව් මිනිට්ස් වලින් මං ඔයාලගෙ ගේ ලග.. ]
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...