" අ.අහ් ඔව් මැඩම්.. ඉ...ඉන්න ඇයි ඕකි.. නෑ මං මේ කිව්වෙ එයා මොකක්ද කරපු වැරැද්ද?? ලව් හුටපටයක්වත්ද?? අනේ මැඩම් මං ඔය කෙල්ලව මගෙ මේ කුසෙන් නොවැදුවට මගෙම කෙල්ලට වගෙයි සැලකුවෙ. ඒත් ඉතින් ජම්ම පුරුදු අපිට නැති කරන්න...."
" අහ්.. අනේ නෑ නෑ.. යෙනුමිගෙ අම්මා.. එහෙම කිසිම ප්රශ්නයක් නෑ. ඇත්තටම ඉමාශි කියන්නෙ කොච්චර හොද ළමෙක්ද කියලා මුලු ඉස්කෝලෙම දන්නවනේ.. "
" අහ්... ඔ-ඔව් නේද? එහෙනම් මැඩම් එයාව හෙව්වෙ? "
" හරි.. මං කියන්නම්.. මුලින්ම එයාට එන්න කියන්න කියලා ඉන්නකො යෙනුමිගෙ අම්මා.. "
" මාශි... ඉමාශී.. දූ පොඩ්ඩක් මෙහෙට එන්න.. "
ඊට පස්සෙ මං ලෑස්ති කර ගත්තු බඩු ටික දාපු බෑග් එකත් තුරුල් කරන් හෙමි හෙමින් කුස්සියෙන් එලියට ආවෙ උඩ ඉදන් පහළටම මං දිහා බලන් කට ඇරන් ඉන්න නැන්දයි, මාමයි, යෙනුමියි දිහා බලන්නෙ නැතුව ඉන්න උපරිම උත්සහ කරන ගමන්.
මැඩම්ගෙ කතාව ඉවර වෙනකොට නැන්දාගෙයි ඒ වෙද්දි එතනට ඇවිත් හිටපු මාමගෙයි, යේහි ගෙයි කටවල් බාගෙට ඇරිලා තිබ්බෙ..
ඇත්තටම එහෙම නොව්නා නම් තමා පුදුම එක පාට්ට ඇවිත් වෙන රකට යනවා කිව්වම.. ඒකත් මේ අද හවස තියෙන ෆ්ලයිට් එකක..
" එහෙනම් මිසිස් කරුනාරත්න අපි ගිහින් එන්නම්... මං හිතනවා මං වගේම මායා ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. "
" මාශි දූ... එහෙනම් ආන්ටිලාට කතා කරලා එන්නකො මං කැබ් එකට යන්නම්."
හෙ හේ.. ගියා නේද? දැන් මං මොනා කියලා කතා කරන්නද??.
මැඩම් යනවත් එක්කම මං දිහා බලන් ඉදපු නැන්දයි මාමයි යෙනුමියි දිහා බලන් මං හිතුවෙ දැන් මේ මනුස්සයො මට මොනා කියයිද කියලා..
ඇත්තටම මං කරන්නෙ වැරැද්දක් කියලා හිතේ එක පැත්තකින් කියන්නෙ අම්මා නැති උන දවසෙ ඉදන් මට මගේ කියන්න පුළුවන් උන එකම පවුල මට මෙහෙම රවට්ටන්න උන එක නිසා.. ඒත් ජීවිතේ එකම එක පාරක් හරි මගේ සතුට ගැන හිතපු එක ගැන පොඩිම පසුතවීමක්වත් මට තිබ්බෙ නෑ.
එයාලගෙ මූණෙ ඒ වෙලේ ලියවිලා තිබ්බෙ මොන වගේ හැගීමක්ද කියන්න මට නොතේරුනත් ඒවල කිසිම සතුටක් නම් මං දැක්කෙ නෑ.
විනාඩි ගාණක් එහෙම ගෙවෙන්නැති.. කවුරුත්ම කාටවත්ම මුකුත් නොකියා එකිනෙකා දිහා බලන් ඉදපු. අන්තිමට මං තීරණේ කලා කතා කරන්න.. මොකද අනිවාරෙන්ම අද මං මේ දේවල් එයාලට කියන්න ඕනෙ
"ක්..කොහොමද.."
"ඇ..ඇත්තටම මට සමාවෙන්න මං මේ දේවල් ඔයාලගෙන් හැංගුවට. ඒ වගේම ඔයාලට ගොඩාක් පිං මාව අම්මා නැති උන දවසෙ ඉදන් බලාගත්තට.. ඔයාලා නැති වෙන්න සමහරවිට මං කාත් කවුරුත්ම නැති අනාතයෙක්. ඉතින් මං මෙහෙ ඉදපු කාලෙ මගෙන් ඔයාලගෙ හිත රිදෙන මොනා හරි උනා නම් මට ගොඩක් සමාවෙන්න. "
මන් ඒ ටික කියලා ඉවර වෙලා නැන්දගෙයි මාමගෙයි කකුල් අල්ලලා වැදලා යෙනුමි දිහා බලලා ගෙදරින් එලියට ආවෙ ඇත්තටම එතන තිබුණු නිහැඩියාව ගොඩාක් අපහසු උන නිසා.
අන්තිම පාරටත් නැන්දලගෙ ගෙවල් දිහා බලපු මං කැබ් එකට නැග්ගෙ මගෙ අලුත් ජීවිතේට යන ගමනෙදි හැමදේම හොදින් වෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන්.
++++++++++++++++💜️
බුහ්...
මේ ටික නම් කම්මැලී තමා... තව එක චැපියකින් වගේ ඒක නැති වෙයී.. බලමුකෝ..
සරංහෙයෝ 💟
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...