" මැනික... "
එයාට අඩි කීපයක් මෙහායින් නැවතුන මං කතා කරනකොට හරි හදිස්සියකින් වගේ කදුලු පිහිද ගත්තු එයා ඉක්මනින් පිටිපස්ස හැරිලා බැලුවා. අඩලම ඉදිමිලා තිබ්බ ඇස් වගේම ආයාසයෙන් පාලනය කරන් ඉන්න කදුලු බිංදුත් මගෙ මැනික මෙච්චර වෙලා කොයි තරම් අඩලා ඇතිද කියන්න මට හොදටම තේරුම් කෙරෙව්වා. එක පාරටම මාව දැක්ක ඒ ඇස් අගිස්සෙන් ආයෙමත් කදුලු බිංදුවක් පහල ගලන් යද්දි තවත් මට ඒ අහිංසක ඇස් දිහා ඈත ඉදන් බලන් ඉන්න පුළුවන් උනේ නෑ.
අපි අතර තිබ්බ ඉතුරු දුරත් නැති කරලා දාන ගමන් දුවලා ගියපු මං එයාව කිටි කිටියෙ මගෙ පපුවට තුරුල් කර ගත්තෙ ආයෙම කවදාවත් ඈතට යන්න දෙන්නෙ නෑ කියලා මටම පොරොන්දු වෙන ගමන්. මොකද විදින්නත්, විදවන්නත් මට මේ ලෝකෙ තියෙන එකම වටිනම දේ එයාගෙ ආදරේ නිසා.
ටික වෙලාවක් එහෙමම ඉදපු මං එයාගෙන් ටිකක් ඈත් වෙලා ඒ මූණ දිහා බැලුවෙ මගෙ හිතේ තියෙන හැමදේම කියන්න තිබ්බ ලොකු උවමනාවකින්. මං දන්නවා මොන විදියට මං මටම පොරොන්දු දී ගත්තත් පාලනය කර ගන්න බැරි මගෙ කේන්තිය නිසා ආයෙමත් දවසක මේ ඇස් මං කදුලින් පුරවන්න හොදටම ඉඩ තියෙනවා කියලා. ඒ නිසාමයි මගෙ මැනිකට මං මගෙ හිතේ තියෙන හැමදේම කියන්න තීරණය කරේ. මොකද මම හිතනවා බැදීමක් කියන්නෙම එකිනෙකා මත තියෙන විශ්වාසය වගේම තේරුම් ගැනීම කියලා. ලොකු කතාවකට මුල පුරන්න වගේ මං එයා දිහා බලන් ඉන්නකොට මගෙ අහිංසකීත් කෝපි පාට බෝල ඇස් වලින් මං දිහා බලන් හිටිය විදියට මට හිතුනෙම මාශි කියන්නෙ මුලු ලෝකෙන්ම හංගන් පරිස්සම් කරන්න ඕන පුංචි මලක් කියලා.
" මට ගොඩක් සමාවෙන්න මැනික... කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඔයාට අර විදියට කතා කරපු එකට... මං.. මට ඇත්තටම තේරෙන්නෙ නෑ ඇයි මං ඒ විදියට හැසිරුනේ කියලවත්. මං.. මං දන්න එකම දේ මං ඔයාට මහ හුගක් ආදරෙයි කියන එක විතරයි. මං ආදරෙයි මැනික. හුගක් ආදරෙයි. විදින්නත් විදවන්නත් මගෙ ළඟ තියෙන එකම දේ ඔයාගෙ ආදරේ විතරයි. අද මේ විදියට ඔයාගෙන් වැටුණ හැම කදුලකටම වැරදි කාරයා මන්. ඒ හැම කදුලක්ම වෙනුවෙන් ඔයාටත් වඩා ඇතුලින් මං මැරි මැරී ඉපදෙනවා මැනික. මේ ඇස් වලින් කදුලක් වැටෙන්නෙ දෙන්නෙ නැති තරම් පරිස්සම් කරනවා වගේ සුරංගනා ලෝකයක් ඔයා ඉස්සරහ මට මවලා දෙන්න බෑ. මොකද පිට අයටත් වඩා ඔයාගෙ ඇස් වලට කදුලු දෙන හේතුව ගොඩක් වෙලාවට මමම වෙන නිසා. මගෙ පාලනය කර ගන්න බැරි හැගීම් වෙන නිසා.. ඒත් මතක තියා ගන්න මේ ජොන් ජංකුක්ගෙ මුලු ලෝකෙම ඔයා විතරයි කියලා. මගෙ ජීවිතේට ආපු පලවෙනි වගේම අන්තිම කෙල්ල වෙන්නෙත් ඔයා විතරයි. ලෝකෙන්ම හංගන් පරිස්සම් කරන්න හිතෙන තරම් මට වටින මේ ලෝකෙ තියෙන එකම දේ ඔයා විතරයි. ආදරේ ගැන ලොකු ලොකු වචන කියලා සනසවන්න මට දැයෙන්නෙ නෑ මැනික. ඒත් මතක තියා ගන්න මේ පපුවෙ වැටෙන හුස්ම වල පවා අයිතිය තියෙන්නෙ ඔයාට විතරයි කියලා. කවදාවත් මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා මැනික.. ඒත්.. එ-ඒත් දවසක ඔයා මගෙන් ඈතට ගියොත් ආයෙ මේ හදවත ඔයා වෙනුවෙන් ගැහෙන එකක් නැති වෙයි. ආයෙම කවුරුත්ම වෙනු- "
ESTÁS LEYENDO
destiny
Fanficපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...