12

169 42 8
                                    

Next day morning

අදත් වෙනදා වගේම ජංකුක් එයාගෙ සුපුරුදු දින චර්යාවට අනුව ඔෆිස් එන්න ලෑස්ති උනා. ඒත් වෙනදා වගේ නෙමේ අද එයාගෙ හිතේ තිබ්බ අමුතුම සතුටකුත් එක්ක. වෙනදට ඉයුන් රූම් එකට ඇවිත් බ්‍රෙක්ෆස්ට් වලට එන්න කියනකන් රෙඩි වෙන කුක් අද ඉයුන් රූම් එකට එනකොටම වගේ රූම් එකෙන් එලියට යන්න ආවෙ වෙනදා නැති විදියෙ ලස්සන හිනාවකුත් මූණෙ තියන්.

" අහ් පිස්සි.. මොකෝ කට ඇරන්.. "

Eunha - " වාහ්.. ඔයා හිනා වෙනවා.. "

" අහ්ම්.. අහ්ම්.. නැහ් පිස්සුද? තමුසෙගෙ අර පොඩි කාලෙ වැටිච්ච නට් එක අහුල ගන්න කිව්වට ඇහුවෙ නෑනෙ.. මං කිව්වා පස්සට පසු තැවෙන්න වෙයි කියලා. "

Eunha - " ආ ඇත්තද මහත්තයෝ.. ඉන්නවකො පොඩ්ඩක්.. "

" යාහ්.. යාහ්.. තමුසෙ එන පොට නම් එච්චර හොද නෑ.. ඔම්මාහ්.. මෙන්න ඔයාගෙ චූටි පුතාව මේ යස්සනී කන්න හදන්නෙ.. ඔම්මාආආආ... "

කුක්ට ඉයුන් කියන්නෙ එයාගෙම පුංචි නංගි වගේ. තාමත් එයාලා මේ විදියට හැසිරෙන්නෙ ඒකයි. අන්තිමට පොඩි උන් දෙන්නෙක් වගේ ඩයිනින් ටේබල් එක වටේ අල්ලන සෙල්ලම් කරන ජෝඩුව දිහා බලන් ඉන්න බරිම තැන කිචන් එකේ හිටපු මිසිස් ජියෝන් ඇවිත් ඩබලගෙම කන් දෙකෙන් අල්ලලා දෙන්නගෙම සෙල්ලම නැවැත්‍තුවා.

Mrs. Jeon - " කවද්ද දෙයියනේ තමුන්ලා දෙන්නා වැඩිහිටියො විදියට හැසිරෙන්නෙ ආහ්?? "

Jk - " ඌහ් ඔම්මා මං නෙමේ මේ පිස්සිට කියන්න. අනික මන් කියලා නෑනෙ මෙයාට හැමදාම උදේට අපේ ගෙදර එන්න කියලාව්ව්ව් උහ් උහ් රිදෙනවා..."

Mrs jeon - " කට. කට වහගන්නවා. අමතක කරන්න එපා මේ ඉන්නෙ ඔයාගෙ ෆියොන්සෙ කියලා. "

වැඩිය හිතලා නොවුනත් කුක්ගෙ වචන ඉයුන්හාගෙ හිතට ගොඩාක් දැනුණා. ඒක ආයෙමත් එයාට මතක් කරලා දුන්නා තමන්ගෙ හිතේ පොඩි කාලෙ ඉදන්ම කුක් වෙනුවෙන් වෙන් උන ඒ විශේෂ ඉඩ දවසෙන් දවස ලොකු වෙලා මුලු හිතම ඒ හුරතල් මූණක් තියෙන කඩවසම් පිරිමියට අයිති උනත් ඒ හිතේ තමන් වෙනුවෙන් එදා වගේම තාමත් ඒ වගේ ඉඩක් වෙන් වෙලා නෑ කියන්න. මේ විදියට ඉයුන්හා කුක් කම්පැනි එකට යන්න කලින් උදේම මැන්ශන් එකට එන්නෙ කොල්ලව දකින්න තියෙන උවමනාවට. මොකද බ්‍රෙක්ෆස්ට් එක වෙලාවෙදි ඇරුනම කුක්ව එයාට දකින්න පුළුවන් වෙන්නෙ ෆැමිලි ෆන්ශන් එකක් වගේ විශේෂ අවස්ථාවකදි විතරයි.

destiny Where stories live. Discover now