Mashi's pov
වෙලාවකට මහ පුදුමයි කාලෙ ගෙවෙන වේගෙ දැක්කම. අදට මං jj එකට ඇවිත් මාස තුනක් කිට්ටු වෙන්න එනවා. මං හිතුව වගේම මට ලැබුන පළවෙනි සැලරි එකේ ඉදන් නැන්දලටයි, ජීවන්ති මැඩම්ටයි මේ ගෙව්න හැම මාසෙකම සල්ලි මට පුළුවන් විදියට යැව්වා. කම්පැනි එකෙන් ඉන්න තැනක් දීලා තියෙන නිසා ඉතුරු වෙන පොඩි ගාන මට ජීවත් වෙන්න හොදටම ඇති.. ආරා එක්ක ඇවිදින්න ගියොත් මිසක් මං වැඩිය එලියට යන්නෙ නැති නිසා මට ඒ තරම් වියදමක් යන්නෙත් නෑ. ඉතින් මැඩම්ටයි, නැන්දලටයි යැව්වට ඉතුරු වෙන ගාන මට වැඩිත් එක්ක.
මේ ටික කාලෙට නිවාඩුවක් ලැබුන හැම වෙලේම මං කලේ හන් ගඟ ලගට ගිහින් වාඩි වෙලා ඉන්න එක. වැඩ ගොඩක් තිබ්බ දවස් වල උනත් හවසට ඇවිත් වරු ගණන් මන් එහෙම ඉදලා ඇති. මොකද කිසිම සද්දයක් නැතුව එයාගෙ පාඩුවේ ගලන් යන හන් ගඟ ඉස්සරහ ඒ දවසෙ වෙච්ච හැම දේම දුක සතුට කියන්න මං පුදුම තරම් ලෝබ කලා. ඉස්සර මං ඒ හැමදේම කිව්වෙ ඈත අහසෙ ලස්සනට දිලිසෙන හදට උනත්, හද නැති අමාවකටත් මාව අහන් ඉන්න හන් ගගට පුළුවන් උනා. ඒ වගේම මේ කාලෙ ඇතුලත සිද්ද උන වැදගත්ම දේ ජංකුක් සර්ගෙ අමුතු හැසිරීම. ඒ මනුස්සයා දැන් එයාගෙ උදේට බොන කොෆි එකේ ඉදන් හැම පොඩි දෙයක්ම කර ගන්නෙ මට කියලා. ඇත්තටම මං මගෙ කැබින් එකට වඩා දවසින් වැඩි හරියක් ඉන්නෙ එයාගෙ කැබින් එකේ.
" මාශි මගෙ cappuccino එක ගේන්න. "
" මේක මිස්ටර් මින්ට දීල එන්න. විනාඩි පහෙන් මගෙ කැබින් එකේ ඉන්න ඕනෙ "
" මේ ෆයිල්ස් ටික චෙක් කරන්න.. "
ඇත්තමයි මේ මනුස්සයට මාව මොකා වගේ පේනවද දන්නෙ නෑ. එයාගෙ PS කරන්න ඕනෙ වැඩ ටිකත් කරන්නෙ මන් නිසා ඔෆිස් එකේ අනිත් අය විතරක් නෙමේ PS උන හනෙල් නූනත් මාත් එක්ක අවුලෙන් ඉන්නෙ. මං මැරෙන්න යෑ. අර මනුස්ස වේසෙන් ඉන්න හාවානෙ ඔක්කොම කරන්නෙ.
මට හැමදාම ගෙදර යන්න වෙන්නෙ ඔෆිස් එකේ මට තියෙන වැඩයි ජංකුක් සර් දෙන වැඩයි ඔක්කොම ඉවර කරලා නිසා මං යන වෙලාව සාමාන්ය අය යන වෙලාවට වඩා පැයක් දෙකක් පරක්කු වෙනවා. ඒ නිසා මං අපාර්ට්මන්ට් එකට එන ගොඩක් වෙලාවට ආරා මටත් එක්ක කෑම ලෑස්ති කරලා තියන නිසා ආපු ගමන් කාලා නිදා ගන්න එක තමා මේ දවස් ටිකට මං වැඩියෙන්ම් කරේ. හෙට අපේ කම්පැනි එකේ ලොකූ ප්රොජෙක්ට් එකක්. ඒ කිව්වෙ මේ පාර සමර් එකට එලියට දන්න තියෙන ඩෙසයින්ස් ටික ශූට් කරන්නෙ හෙට. ඒ නිසා modelsලා කීප දෙනෙක්ම එන නිසා ගොඩක් වැඩ වැඩී අපිට. එයාලගෙ හැම පහසුකමක්ම බලන්න තිබ්බෙ මටයි ආරටයි. ට්රේනීස්ලා නිසා මට ඒක ගොඩක් ලොකු වගකීමක් වගේ දැනෙන්නෙ අපෙන් වෙන පුංචිම වැරැද්දකින් උනත් ලොකු අවුලක් වෙන්න පුළුවන් නිසා.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...