17

161 38 23
                                    

Tae's pov

" සර්.. මේ තියෙන්නෙ ඩිසයිනින් සෙක්ශන් එකෙන් අපිට එවපු ෆයිනල්ස් ටික. "

Tae - " හ්ම්.. අහ් මිස් ලියා. වෙනදට මේ දේවල් කරන්නෙ මිස් ආරා නේද? "

" ඔව් සර්.. අද මිස් ආරා ලීව්. ඒ නිසයි මට එන්න උනේ... "

Tae - " හරි ඔයාට දැන් යන්න පුළුවන්. "

ඒ කියන්නෙ එයා තාමත් අසනීපෙන්ද?? යාහ් ටේ තමුසෙගෙ ඔලුව කොහෙ හරි වැදුනද? ඒ කෙල්ල තමුසෙගෙ ඔලුවටම වමනෙ දාපු විදිය මතක නැද්ද? බ්ලෑක්කා... මතක් වෙද්දිත් තව නාන්න ඕනෙ වගේ. බොන්න බැරි නම් මොන මගුලකට බිව්වද මන්දා. අර නසරානි කුක්කා මේක හියොන්ලගෙ කනේ තිබ්බොත් එහෙම රෙදි නෑ නේද කොල්ලො.. මුලු සෝල් වලම කෙල්ලො පිස්සු වට්ටන ප්‍රින්ස් කිම් ටේහ්‍යුන්ගෙ ඔලුවටම අර පිස්සු මැන්ටලේ කිසි අවුලක් නැතුව වමනෙ දාපු ලස්සන. ආයිශ් ඒත් ඇයි ඒ කෙල්ල ගැනම මට අමුතුවට දැනෙන්නෙ? පලවෙනි පාරට මං කවුද කියලා දැන දැනත් මට කිසිම ගරුත්වයක් නැතුව කතා කරපු එකම කෙනා එයා. වෙන කෙල්ලො මාව දැක්කම ඉගිල්ලෙන්නෙ නැති ටික විතරයි. ඒ කෙල්ලො අතරෙ දගම දඟ කටකාර මේ පිස්සිටම මගෙ හිත යන්නෙ ඇයි?? මීට කලින් එයාට වඩා ලස්සන කෙල්ලො කීයක් මං ඩේට් කරලා තියෙනවද? ඒත් ඒ එක්කෙනෙක්වවත් මට මේ විදියට දැනිලා නෑ... ආයිශ් කිම් ටේහ්‍යුන්.. දැන් නම් තමුසෙට හොදටම පිස්සු.. 

මගෙම හිතත් එක්කම ලොකු පටලැවිල්ලක හිටිය මං හරි සිහියට ආවෙ කවුරුහරි දොරට නොක් කරන හඬකින්.

Tae - " යුන්ගි හියොන්?? මං හිතන්නෙ ඔයා දැන් ඉන්න ඕනෙ ඔයා ඊයෙ ඉදන් යන්න පෙරුම් පුරන් හිටපු ඩේට් එකේ.. "

Yoongi - " ආශ්.. මතක් කරන්න එපා ඒක ගැන නම්... "

Tae - " ඔහ්.. හරි හරි අදත් නූනගෙ පේශන්ට්ලා ඉස්සරහා ඔයාගෙ සාගරේ වගේ ආදරේ බල්ලට.. නෑ මං මේ කිව්වෙ දෙවනි උනා නේහ්.. "

Yoongi - " හිනා වෙයන්කො.. තේරෙයි දවසක උබටත්.. "

යුන්ගි හියොන්ගෙ මූණ දැක්ක ගමන්ම කිව්ව හැකි අදත් කියුරි නූනාට ඉමර්ජන්සි කේස් එකක් වැටිලා කියලා. නූනා සෝල් නැශනල් හොස්පිට්ල් එකේ ඩොක්ටර්ට කෙනෙක්. ඒ නිසා එයාගෙ දවස ගොඩක් බිසී. හියොන්ට නූනාව හම්බෙලා තිබ්බෙ නම් පුදුම විදියට. පොඩි කාලෙ උන ඇක්සිඩන්ට් එකක් නිසා මීට ටික කාලෙකට උඩදි හියොන්ගෙ උරහිසේ සර්ජරි එකක් කරන්න උනා. ඉතින් ඒ සර්ජරි එක කරලා තිබ්බ ලස්සන ඩොක්ටර්ට අපේ හියොන් සිහිය ආපු පලවෙනි මොහොතෙම හාටුව පූජා කරලා. පස්සෙ මාස ගාණක් බොරු ලෙඩ අරන් නූනව බලන්න ගිහින් අන්තිමට ඒ අසරණීව කෝම හරි කැමති කරවගෙන. ඒත් දුක කියන්නෙ දෙන්නට දෙන්න ආදරේ කියාගෙන දැන් අවුරුද්දක් කිට්ටු වෙන්න ආවත් තාම ඩේට් එකකට ගිහින් නැති එක. ඒකට ලොකුම හේතුව නූනගෙ අදි කාර්‍යබහුලා ජීවිතේ තමා..

destiny Where stories live. Discover now