Mashi's pov,
සිද්ද උන දේත් එක්ක එයාට මූණ දෙන එක ගොඩක් අමාරු උනත් මං වචනයක්වත් කියන්න කලින් ලැබුන ඒ හාදුවට පුළුවන් උනා කලබල උන මගෙ හිත එක තැන නතර කරන්න. ආදරය, ආරක්ෂාව, විශ්වාසය, උනුසුම... මේ හැමදේම එක පුංචි හාදුවකට කැටි කරලා ලැබුන ඒ හැගීම මට වචනෙන් විස්තර කරන්න බෑ.
ඒක හරිම නුහුරු හැගීමක්... ආදරය.. ඔව් ඇත්තටම වචනෙන් විස්තර කරන්න බැරි හරි ලස්සන හැගීමක්.
Jk - " අයිස් ක්‍රීම් කන්න යමුද?? "
Mashi - " අහ්.. "
Jk - " ආයිශ්.. ඔය ටැප් එක වහන් මෙන්න මෙහෙ එනවා යන්න.. පිස්සි. "
මෙච්චර වෙලාවක් කුකීගෙ පපුව අස්සෙ මූණ ඔබන් ඉදපු මන් මේ ලෝකෙට ආවෙ ඒ වචන වලින්. පොඩ්ඩක් ඉන්න. මං හිතන්නෙ තාම අපි පරක්කු නෑ. මොකද කුකී මට රෙඩි වෙලා ඉන්න කිව්ව වෙලාවට වඩා පරක්කු වෙලා තිබ්බෙ පැය බාගයයි. ඉතින් ඇයි මෙයා මේ අයිස් ක්‍රීම් කන්න යන්න හදන්නෙ? ඔය ප්‍රශ්නෙ මූණෙ තියන්ම මං එයා දිහා බලද්දි එයා හිනා වෙලා මගෙ කන්මුලෙන් ඇද්දලා මාවත් ඇදන් දුවන්න ගත්තෙ මට වචනයක්වත් කියන්න ඉඩ නොදී...
Jk - " මොන ෆ්ලේවර් එකද බබා? "
කොහොම හරි අන්තිමට අපි හිටියෙ පාරෙ නවත්තලා තිබ්බ ලොකුම ලොකු අයිස් ක්‍රීම් වෑන් එකක් ළඟ. කාර් එක ඊට ටිකක් එහායින් පාක් කරපු එයා ඊළඟට මං දිහාට හැරුනෙ මෙච්චර වෙලා ඔඩොක්කුව දිහා බලන් අතේ ඇගිලි එක්ක සෙල්ලම් කර කර ඉදපු මං ඔලුව උස්සලා එයා දිහා බලද්දි.
Mashi - " ම්ම්..මි-මින්ට් චොකෝ.. "
Jk - " ඇහ් ?? "
කොරියා වලට ආව දවසෙ ඉදන් ආරත් එක්ක ඇවිදින්න යන හැම වෙලේම මගෙ ආසම අයිස් ක්‍රීම් ෆ්ලේවර් එක උනේ මින්ට් චොකලට්. මුලින්ම මං ආරත් එක්ක ගිහින් මින්ට් චොකෝ එකක් ගන්නකොට ආරගෙ කට බාගෙට ඇරුන විදියටම පොඩ්ඩක් වත් වෙනස් නැතුව සර්ගෙත් කට ඇරිලා තියෙන විදිය දැක්කම මන් හිනාව නවත්ත ගත්තෙ හෙන අමාරුවෙන්. ආරාගෙ බෝක්කු කට වගේ නම් නෙමේ හැබැයි කුකීගෙ චූටි හා දත් දෙක නිසා එයා හරිම කියූට් විදියටයි පෙනුණේ.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...