ඊට පස්සෙ ceo රූම් එක තනිකර ටොම් ඇන්ඩ් ජෙරී ශෝ එක ලයිව් පෙන්නනවා වගේ තමා තිබ්බෙ. ෆයිල්ස් උඩින් යනවා.. වාස් බිමින් යනවා... ටේ පාවෙනවා... පොඩ්ඩක් ඉන්න.. ටේ පාවෙනවා??? අහ් නෑ නෑ කොල්ලා පාවෙනවා නෙමෙ කුක්කා එවපු ට්රෝෆි එකකින් බේරෙන්න ටේබල් එක උඩින් පැන්න එක තමා පාවෙනවා වගේ පෙනිලා තියෙන්නෙ. හැබැයි මේ වෙලේ කුක්සන් අතට අහු උනා නම් ටිකක් නැතුව ගුවන් ගත වෙන්නත් තිබ්බා.
Tae - " යා යා.. බලු කුක්කා.. වදින්නං කොල්ලො ඕකෙන් නම් ගහන්න එපා.. "
Jk - " පිස්සුද හියොන් ගහන්නෑ ළගට වරෙන්කෝ.. "
[Author - සුවහසක් මව් වරුන්ගේ ඒ උදාන වාක්යයට උපහාරයක්ම වේවා..]
කොහොම හරි කුක් එයාගෙ අතේ තිබ්බ ජග් එක බර නිසා බිමින් තිබ්බා.. ඇත්තටම බර නිසාම නෙමේ ඕක කොහෙ හරි වැදිලා වතුර හැම තැනම විසික් වෙලා එයාගෙ ඔෆිස් රූම් එක ජරා වෙයි කියලා හිතුන නිසයි. කොහොම හරි අන්තිමට වටේම බලද්දි ඉතුරු වෙලා තිබ්බ අන්තිම ෆයිල් එක අතට ගත්ත කුක් මහසෝන් ලුක් එකක් එක්ක ආයෙමත් ටේ දිහා බැලුවෙ මේ පාර ඒ වර්ල්ඩ් මෝස්ට් හැන්ඩ්සම් ෆේස් එක ඇද කරනවාමයි කියල හිතාගෙන.
අන්තිමට ජේකේගෙ ඒ ආසාව සපල කරමින් ෆයිල් එක ගානට ඇවිත් මූණක පතිත උනා. ඊට තප්පර මිලි ගානකට පස්සෙ මුලු jj එකේම වහල උඩ යන සයිස් එකට ඇහුනෙ උච්ච ස්වර නාදයක්.
" යා....හ් ජොන් ෆකින් ජංකූඌඌඌක්... "
Jk - " හුටා ජින් හියොන්.. අද මං ඉවරයි. "
ඔව් කුකීගෙ සාර්ථක ප්රහාරය ඇවිත් අති සාර්ථක ලෙස වැදිලා තිබ්බෙ ජින්ගෙ මූණෙ. ඩෝ එක ළගම හිටිය ටේ ෆයිල් එක එනවත් එක්කම බිමට නැමෙනකොට එයාගෙ මොට්ට මල්ලි අද තිබ්බ ඩෙන්ටල් සෙශන් එකට යන්නෙ නැතුව උදේ ජිඑන්ටත් රටේම නැති බොරු කියලා ඔෆිස් එකට ගිහින් තිබ්බ නිසා එයාව බෙල්ලෙන් හරි ඇදන් ඩෙන්ටල් එකට එක්ක යන්න හිතන් ආපු ජින් ටේගෙ කැබින් එකේ එයා නැති නිසා අනිත් අතට කුක්ගෙ කැබින් එකට ආවෙ අනිවාරෙන් ටේ එතන ඉන්නවා කියලා දන්න නිසා. ඒත් ඩෝ එක අරිනවත් එක්කම හිතුවෙ වත් නැති විදියට එයාගෙ world wide handsome මූණ ඇද වෙන්න වැදුන පාරත් එක්ක ජින් ගෙදර තියලා ආව එයාගෙ යස්සයා ක්ෂණික කුකාගෙ කැබින් එකට ටෙලිපෝට් උනා. ටේ නැමිලා හිටපු නිසා ඇස් ඇරිය ගමන් එයා දැක්කෙ අසරණ කුක්ව විතරයි. මේ අස්සෙ ජින්ව දැකලා හොල්මන් වෙලා ඉන්න කුක් දිහායි දුම්මල වරම අතේ තියන් කුක් දිහා බලන් ඉන්න එයාගෙ ආදරණීය සහෝදරයා දිහායි බලපු ටේ ලොකූ කෙල ගුලියක් ගිලලා හිමීන් සැරේ එතනින් මාරු වෙන්න ගියාට,
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...