Memories 🥰💖 (part 12)

80 18 4
                                    

"අයිෂ් උඩ බලන්ද ඇවිදින්නේ.."

අනික් පැත්ත හැරුන මගේ ඇගේ වැදුන මනුස්සයෙක් පස්ස බිම ඇනන් එහෙම කියලා එයාගේ ෆෝන් එක අතට අරන් මන් දිහා බැලුවා..

"අයිම් සොරි..."

"සොරි කියලා හරියන්නෑ මට නැගිටින්න අත දෙනවා.."

මගේ දිහාට අත දික් කරන ගමන් එහෙම කිව්ව සන්ග්ලාස් කාරලා මන් එයාට අත දෙනකන් බලන් හිටියා..

"කෝ දෙනවා මට තමුන්ගේ අත..."

"එහෙම දෙන්න බෑ මගෙ අත කාටවත්...."

"මොකක්ද?"

"මගේ අත ගන්න පුලුවන් දවසක මන් මැරි කරන කෙනාට..ඉතින් තනියම නැගිටින්න"

බිම ඉදන් මගේ දිහාට අත දික් කරන් ඉන්න ආඩම්බරකාරයාට එහෙම කිව්ව මන් අනික් පැත්ත හැරිලා යන්න හැදුවත්,

"ඔයා නුදුන්නට මන් ඔයාගේ අතගන්නවා"

අනික් පැත්ත හැරුනු මගේ වම් අත දික් කරන් හිටි දකුනු අතින් අල්ලගත් එයා එහෙම කියලා මගේ අත අල්ලන් වැටුන තැනින් නැගිටලා මගේ ඉස්සරහට ආවා.

"දැන් ඉතින් ඔයාට මාව තමයි මැරි කරන්න වෙන්නේ..මාර වැඩේ..."

සන්ග්ලාස්කාරයා අල්ලන් හිටි මගේ අත පෙන්වන ගමන් එහෙම කියද්දි ඉක්මනින් අත අහකට ගත්තු මන් මූන පුම්බගෙන

"පාබෝ.."

කියලා කිව්වා..ඒකට එයාගේ තොල් අතරේ ඇදුන හිනාවනම් පට්ටයි කියලා මන් අනිවා කියන්න ඕනී..

"ඔයා නිසා තමයි ප්‍රින්සස්..."

"ඇස් පොට්ටද මන් කෙල්ලෙක් නෙමේ කොල්ලෙක්.."

"කොල්ලෙක් උනත් මොකෝ කෙල්ලෙක් උනත් මොකෝ...ඒ ඔයානේ..."

'ඒයි ජිමිනී පාබෝ...මන් තාම ලයින් එකේ ඉන්නවා..භූමී වන්දනාවයි පැනි හැලිල්ලයි ඉවර නැද්ද තාම...'

රත් වේගෙන එන මූන තව ටිකක් පුම්බන් මේ පිස්සට මන් හොදවෙන් දෙකක් කියන්න ගියත් එයාගේ ෆෝන් එක ඇතුලෙන් ආ කටහඩක් මට බාදාකලා..

"ඔන්න ඔයාගේ ප්‍රින්සස්ට තදවෙලා..ඔයා එහෙනම් එයාව ශේප් කරගන්නකෝ.."

කටකොනෙන් හිනාවෙලා ෆෝන් එක දිහාට බැල්මක් දැම්ම මන් එහෙම කියලා සන්ග්ලාස්කාරයාට එහෙම නැත්තන් ජිමින් පාබෝට ඇහැක් ගහන් එතනින් කැපුනා..

මගේ මතක ගොන්නෙන් තවත් වැදගත් මතකයක් උන මේ මතකය මන් අකුරු කරලා කුකීගේ ලෙටර් එක තිබුන කවරෙට දාලා අරන් තිබ්බේ සුපුරුදු පරිදි ෆොටෝ එක්කුත් ගහගෙනයි...

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now