Memories 🥰💖 (part 13)

80 19 4
                                    

අද මගේ බර්ත් ඩේ එක...

මගෙ බර්ත් ඩේ එක කියන්නේ ඉතින් කෝමත් විශේෂ දවසක්නේ..

ඉතින් මගේ ඔම්මයි අප්පයි මාව එක්කන් ශොපින් මෝල් එකට ගියේ මගෙ බර්ත් ඩේ පාර්ටි එකටයි නිව්ඉයර් එකටයි ඕනකරන ඇදුම් පැලදුම් ගන්න වගෙම අනෙක් දේවල් ගන්නයි.

ඔය වගේ ගමන් වලින් මන් කෝහොමත් වෙහෙසට පත්වෙන නිසා මන් ශොපින් මෝල් එකේ තර්ඩ් ෆ්ලෝ එකෙන් පස්සේ එක අඩියක් එහාටවත් මෙහාටවත් ගියේ නෑ..

ඉතින් මට ස්ටෝබරී මිල්ක් ශේක් එකක් අරන් දුන්න ඔම්මයි අප්පයි මට රෙස්ට් කරන්න කියලා එයාලගේ වැඩවලට ගියා.

එයාලා ගිය ගමන් ෆෝන් එක අතට ගත් මන් මට ඇවිත් තීන බර්ත් ඩේ විශස් වලින් හරියටම රෑ දොලහට ආව බර්ත් ඩේ විශස් වලට මුලින්ම අවදානය දුන්නා..

මින් යුන්ගී,කිම් නම්ජූන්...

ඒ දෙන්නගෙනුත් මට මුලින්ම මැසේජ් ඇවිත් තිබුනේ ජූන් හියුන්ගෙන් නිසා මන් ඉස්සෙල්ලම එයාට තෑන්ක් කරා..

ඊටපස්සේ මින් යුන්ගිට..ඊටත් පස්සේ යුනි එකේ යාලුවො දෙතුන් දෙනෙක්ට තෑන්ක් කල මට කුකීගේන් ඇවිත් තීන මැසේජ් දකින්න ලැබුනා..

එයාගෙන් ලැබුන ලියුමට පස්සේ~නෑ ඒ ලියුම කියවලා මන් එයාට දැම්ම මැසේජ් දෙකට ලැබුන ස්ටිකර් එකට පස්සේ මට එයාගෙන් ආව පලවෙනි මැසේජ් එක දකිද්දි මගේ හිත මොකක්ද උනා..

එයා එවලා තීන මැසේජ් එකට හරියන්න රිප්ලයි මැසේජ් එකක් දාලා ෆෝන් එක සාක්කුවට දාන් තර්ඩ් ෆ්ලෝ බැල්කනි එකට බරදීලා එන්ට්‍රස් එක දිහා බලන් සුසුමක් පාත දැම්මා..

දාපූ සුසුම ලත් තැනම ලොප් උනේ එන්ට්‍රස් එකෙන් ඇතුලට එන ඒන්ජල්ව දැක්කමයි..

                 "මගෙ දෙයියනේ..."

යාලුවා එක්ක හිනාවෙවී එක අතකින් කොන්ඩේ පිටිපස්සට කර කර එන්ට්‍රස් එකෙන් ඇතුලට එන ලස්සන කොල්ලා නිසා මගේ හදවත ටිකෙන් ටික සීතල වෙලා හිරි වැටිලා ගියේ මේ තමයි එයා කියලා මගේ මුලු හදවතම කෑගද්දියි...

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now