"ඒ මන් නිසා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ප්‍රින්සස්..."
ඒ කටහඩ...ප්‍රින්සස් කියන වචනේ නිසා ඒ කවුද කියලා මට තේරුන් යද්දි යටි තොල හපාගත්තු මන් එයා කියපු දේ නෑහුනා වගේ දිගටම එයාට පිටුපාලා හිටියා...
"මොකෝ ප්‍රින්සස් කලින් මන් දිහා කන්න වගේ බලන් ඉදලා දැන් අහක බලන් ඉන්නේ..අර මිල්කුව නිසා බඩපිරිලද..."
මට එහා පැත්තෙන් හිටගත්තු එයා මගේ කනට එහෙම මුමුනද්දි එයා දිහාට හැරුනු මන්,
"මන් කවදද ඔයා දිහා~ බ ල න් හි ටි යෙ.. අහම්.."
කෝච්චිය වගේ හොදවෙන් දෙකක් ජිමින් පාබොට කියන්න ගියත් මේ ඉන්නේ කලින් මන් දැක්ක ඒන්ජල් කියලා දැක්කම මන් ශොක් වුනා..
"මොකෝ ප්‍රින්සස්..ආයේ බඩගිනි උනාද "
ඇස් පිල්ලන් නොගහා එක දිගට ඒ මූන දිහා ඇස් ලොකු කරන් බලන් හිටි මන් ඒ වචන නිසා හරි සිහියට එද්දි එක දිගට ඇස් පිල්ලම් ගහලා අහක බලාගත්තේ මගේ මූන රතුවෙනවා කියලා මටම තේරුන් ගිය නිසයි...
"uww...දැන්නම් රසපාට ස්ටෝබරි ගෙඩියක් වගේ...දැක්කම කන්නමයි හිතෙන්නේ..."
ඒ වචන වලට මාව තවත් රතුවෙන්න ගද්දි මූන පුම්බන් එයාට ඔරවන් හිතාන එයා දිහාට හැරුනු මාව එයාගේ මූනේ ඇදිලා තිබුන හිනාව නිසා දියවෙන්න ගද්දි මන් මුකුත්ම නොකියා එයාගෙන් ඈතට යන්න හැදුවේ..ඒත්,
"කොහෙද මේ යන්නේ...චුට්ටක් ඔහොම ඉන්න..අපි තාම හරියට මුකුත් කතාකලේ නෑනේ.."
මගේ අත අල්ලන් මගෙ ඉස්සරහට ආව එයා එහෙම කියද්දිම මාව තනිකරලා ශොපින් කරන්න ගිය ඔම්මයි අප්පයි එතනට ආවා...
"බෙයාර්...!"
✍️taehyung-💗