park taehii...
මගේ ඩිග්‍රි එක නිසා පරක්කු වෙලා අපි ලගට ආ අපේ පුන්චි රෝස කැකුල..
එයා මගේ බඩට ඇවිත් දැන් මාස පහක් වෙනවා..එයා නිසා මගේ බඩ දැන් තරමක් ලොකු වෙලා..වගෙම මාත් චබි වෙලා..
ජිමිනිනම් කියන්නේ මන් ගොඩා......රියක් ලස්සන වෙලා කියලා..
කොහොමත් දූලා ලැබෙනකොට ලස්සන වෙනවා කියලා කතන්දරයක් තීන නිසා මන් එයා කියපු දේ එකහෙලා පිලිගත්තා.
හනේව්...මේ කාලේ පුරාවට ජිමිනි මාව අන්කවරදාටත් වඩා ආදරෙන් පරිස්සමෙන් බලාකියා ගත්තා..
කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දි මගේ බන්ඩිය ලොකුවෙලා කොන්දේ කැක්කුම එක්ක කකුල් ඉදිමිලා මට ඇවිදගන්න
අමාරුවෙද්දි බාම් ගාලා මගේ අත් කකුල් කොන්ද තවන ජිමිනි එක්සසයිස් වලදි මාව එයාගේ ඇගට වාරු කරන් මට බබාව දරාගන්න උදව් වුනා..ඒ විදහට මාස හතරක් ගෙවිලා ගිහින් නවවෙනි මාසේ අන්තිම සතියත් ආරම්භ වෙද්දි ජිමිනි මගේ හෙවනැල්ල වුනා..
දවසක් බැල්කනි එකේ ජිමිනිගේ උකුලේ ඉදන් සින්දුවක් අහ අහ ඉද්දි මගේ වෝටර් බෑග් එක කැඩුනම ඉක්මනින් පරිස්සමට මාව එක්කන් කාර් එක ඇතුලෙන් ගිහින් තිබ්බ ජිමිනි ඔම්මටයි අප්පටයි ඇදුම් බෑග් අරන් හොස්පිට්ල් එකට එන්න කියලා මාව එක්කන් හොස්පිට්ල් ගියා..
පැය කීපෙක මහන්සියෙන් මාස නමයක් මගේ බන්ඩිය ඇතුලේ පෝෂනය වුන චූටි පැටියා එලියට ඇවිත් අඩන්න ගත්තේ වේදනාව නිසා මගේ ඇස්වලින් ගැලුව කදුලු සතුටු කදුලු කරලයි...
"පුංචි රෝස මලක්.."
බබාව අත් අතර රදවන් හිටි ඩොක්ටර් එහෙම කියලා බබාව නර්ස් කෙනෙක් අතට දීලා මට ට්‍රීට්මන්ට් කලා..
ඊටපස්සෙ මාව ලේබර් රූම් එකෙන් නෝමල් රූම් එක්කට මාරු කරලා මට ජිමිනිව බලන්න ඉඩ දුන්නා..
"ප්‍රින්සස්..."
"ජිමිනියා..."
රූම් ඩෝර් එක ඇරන් කදුලු පිරුනු ඇස් එක්ක මන් ලගට ඇවිදන් ආ ජිමිනි මාව පරිස්සමට හග් කරගත්තා..
"මං ආදරෙයි මැනික....."
"මාත් ආදරෙයි රත්තරං...."
අඩන ජිමිනිගේ පිට ආදරෙන් පිරිමැද්ද මන් එයාගේ බෙල්ලෙන් මගේ තොල් තද කලා..
ඒ එක්කම රූම් ඩෝර් එක ඇරිලා බබාව අරන් නර්ස් කෙනෙක් ඇතුලට එද්දි මගේ ලගින් නැගිට්ට ජිමිනි නර්ස්ට තෑන්ක් කරලා හරිම පරිස්සමට බබාව එයා අතට ගත්තා...
"අපේ පුන්චි රෝස මල...මම් ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ.."
කිව්ව ජිමිනි පැටියගේ නලලින් හාදුවක් තවරලා පැටියවත් අරන් ඇවිත් මන් ලගින් වාඩිගත්තා..
"එයා ගොඩක් චූටියිනේ.."
"අදනේ එලියට ආවේ..."
චූටි පැටියගේ පුන්චි කෙස් ගස් එහා මෙහා කල ජිමිනි එහෙම කියලා පැටියව මගේ අතින් තියලා පැටියගේ චූටී අතක් එයාගේ තොල් වලට තද කරගත්තා..
"කිරි සුවදයි..."
"පැටියට තියන නම...?"
"ටේහී...පාර්ක් ටේහී...අපි කලින් කතාවුන විදිහටම පාර්ක් මගෙන් ටේහි ඔයාගෙන්..."
චූටී ඈනුම් යවන පුංචි පැටියාගේ චූටී අත අල්ලන් කෝලන් කරන ජිමිනි මගේ දිහා හිනාවකින් බලන් එහෙම කිව්වා..
"ටේහී..අපේ පුන්චි රෝස මල...."
ඇස් පියන් ඉන්න චූටි පැටිය දිහා බලන් ආදරේ පිරුනු වචන වලින් මන් එහෙම කියද්දි,
"ඔයා ඔයාගේ පපා වගෙම හුරුබුහුටි රෝසමල පැටියෝ..."
පුන්චි පැටියගේ කම්මුලක් ආදරෙන් සින්දුවට පිරිමැද්ද ජිමිනි එහෙම කියලා මගේ ඉනවටේ අතපටලන් මට තුරුලු වුනා...
පාර්ක් ජිමින් පාර්ක් ටේහියුන් පාර්ක් ටේහී,
~මං ආදරෙයි මගෙ පුංචි පවුලට මහ~ ගොඩක්...!!!
------------------------------------------------------------
500+ vote 😃💖