No one pov
"Shit Fucking alarm !!! පාන්දර ඇහැරින එක තරං එපා වෙන වැඩක්.."
උදේ පාන්දර හයට !! ඔව් හයයි කියන්නේ ඉර එලිය පොඩ්ඩක් වැටුනත් පාන්දරනේ..අවීන්ට ඒක එහෙමයි..පාන්දර දෙකට නැගිට්ටා වගේ එලාර්ම් එකේ සද්දෙට ඇහැරලා අවීන් කෑගැහුවත් සවුන්ඩ්පෲෆ් රූම් එකට පින්සිද්ද වෙන්න අවීන්ගේ දැහැමි වචන ටික එහා රූම් එකේ හිටපු එයාගේ චූටි නංගිට ඇහුනේ නෑ..තරහටම alarm එකත් off කරලා එකට ඇලවිලා වගේ තියෙන ඇස් දෙකත් ඇරගත්ත අවීන් අමාරුවෙන්ම වැනි වැනී එයාගේ රූම් එකේ බාතෲම් එකට ගියා..මාස තුනක් විතරම ගෙදර ඉදලා අද ඉස්කෝලේ යන දවස..ඕ ලෙවෙල් රිසාල්ට්වලට පස්සේ යන පලවෙනි දවස..ඉතිං මාස ගානක් උදේ හතට ඇහැරපු අවීන්ට ඊටවඩා පැයක් කලින් නැගිටිනවා කියන එකත් ගොඩක් අමාරු වැඩක් උනා..මූන හෝදගෙන එලියට ඇවිත් එයා නිදාගෙන් හිටපු ඇදත් හදලා බෙඩ්ශීට් එක ගුලි කරලා කොට්ටෙ යටින් දැම්මා..දැන් හරි..බෙඩ්ශීට් එක පේන්න තිබ්බොත්නේ ඒක නවලා නෑ කියලා පේන්නේ..අවීන් හැමදාම මෙහෙම ගුලි කරලා දාන බෙඩ්ශීට් එක හැමදාම ගෙදර එනකොට පිලිවෙලට නීට් එකට නවලා තිබ්බත් ඒක කවුද කරන්නේ කියලා එයාට හොයන්න උවමනාවක් තිබ්බේ නෑ..එක්කෝ අම්මා..එහෙමත් නැත්තන් නැනී..ඇදත් හැදුවට පස්සේ රූම් එකෙන් එලියට ඇවිත් අවීන් මුලින්ම කරේ එයාගේ චූටි නංගිව බලන්න ගිය එක..දෙක වසරේ ඉන්න එයාගේ නංගිට අවීන් දෙවෙනි අප්පච්චි කිව්වොත් හරි..චූටි නංගිත් ගෙදර ඔක්කොටොම වඩා එකතු උනේ අවීන්ට..පස්සත් උඩ දාගෙන නිදාගෙන ඉන්න චූටි නංගිගේ කම්බුලට කිස් එකක් දීලා අවීන් පහලට ආවේ එයාගේ උදේ කිරි එක ඉල්ලගන්න..
"අම්මා කෝ ??"
කිචන් එකට ඇවිත් වටපිට බලපු අවීන් අහද්දි මොනවහරි හදන ගමන් හිටපු නැනී ආන්ටිත් ගැස්සුනේ අවීන්ගේ ගැඹුරු කටහඩට පින්සිද්ද වෙන්න..
"ාහ්..ලොකු බේබි..නෝනා මොකක් හරි වැඩකට ගියා..මම කිරි එක හදන්නද?"
"එපා !!"
එක වචනෙන් උතතර දුන්න අවීන් ආයම එයාගේ රූම් එකට ගියේ තවත් ටිකක් තරහ ගිහින් ...මොකද එයාගේ කිරි එක හදන්න පුලුවන් අම්මට විතරයි..එයාට ඕන විදිහට සුදු කිරි එකට මයිලෝ දාලා ගානට හදන්න පුලුවන් අම්මට විතරයි..නෑ තව කෙනෙක්ට පුලුවන් ඒත් අවීන්ට ඒක අමතක වෙලා..රූම් එකට ඇවිත් නීට් එකට අයන් කරලා තිබුන එයාගේ uniform එක අරගෙන අවීන් කලබලයක් නැතුව හිමීට අදින්න ගත්තා..ඉස්කෝලෙට හත හමාරට ගියා නං ඇතිනේ..කලින් යන්න එයා අත් දිගට අදින කෙනෙක් නෙවෙයි..ඇගේ ගානට තියෙන school uniform එක ඇදගෙන අවීන් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් අඩුපාඩු ටික හදන්න ගත්තා..ඇත්තටම හරි නං ඇගට හිර වෙන්න uniform එක අදින්න බෑ විනයභාර සර් ඉන්නකං..ඒත් වෙන්න ඉන්න ඇමති කෙනෙක්ගේ පුතාට කවුද මොකුත් කියන්නේ. ??
එහෙමයි කියලා අවීන්ගේ ඇදුමට කාටවත් මොකුත් කියන්න බෑ..කාටවත් මොකුත් කියන්න බැරි තරං පිලිවෙලට එයාගේ uniform එක තියෙනවා..mirror table එක උඩ තිබුන school baj එක අරගෙන ශර්ට් එකේ තුන්වෙනි බොත්තමයි හතරවෙනි බොත්තමයි අතර ගහගත්ත අවීන් ඇවිස්සිලා තියෙන අකීකරු කොණ්ඩේ අතෙන් ටිකක් අවුස්සනවත් එක්කම රූම් එකේ දොර ඇරගෙන අවීන්ගේ අම්මා ශානි ආවේ smile කියලා කලු බෝල්ඩ් අකුරෙක් ගහලා තිබ්බ දුං දාන කිරි සුදු පාට මග් එකක් එක්ක..ශානි ඔය මග් එක ගෙනාවේ එයාගේ පුතාට හිනාවෙන්න මතක් වෙන්න නෙවෙයි කඩේ තිබ්බ එකම මග් එක හින්දලු..හිනාවෙලා ආව ශානි අවීන්ගේ උරහිසට කිස් එකක් දෙන ගමන් mirror table එකෙන් මග් එක තියලා අවීන්ව එයාගේ පැත්තට හරව ගත්තා..