සහශ්ර pov
"ලොකූ..ආවද ?? දෙයියනේ මං බය උන තරමක්..ඇයි පුතේ වාහනේ ආවේ නැත්තේ..දෙන්නා තනියම බස් එකේද ආවේ ?? "
අවීන් ගේ ඇතුලට යද්දිම නැන්දා ඉස්සරහට ඇවිත් අවීන්ගෙන් ඇහුවේ අවීන් ඔලුව විතරක් වනලා නිකන් ඉද්දි..අම්මා එක්කවත් එයා කතා කරන්නෑ වගේ..
"සුදු පුතේ..එන්න..අද අම්මලට පාර්ටි එකක් කියලා ඔයාව ගෙන්න ගන්න කිව්වා..පාඩම් වැඩත් තියෙනවනේ.."
නැන්දා මාවත් අඩගහගෙන සාලෙට ගියේ මාමාත් මග් එකක් අතේ තියාගෙන මොනවා හරි බොන ගමන් ටීවී එක බලද්දී
"දෙන්නම යාලුවොනේ ඉතිං..සහශ්ර පුතාටත් පුලුවන් නෙහ් අවීන්ගේ රූම් එකේ ඉන්න..දෙන්නා වොශ් දාලා පහලට එන්නකෝ කෑම කන්න.."
මාමායි නැන්දයි එක්ක කතා කරලා ඉවර උනාට පස්සේ මාමා කිවුවේ මට අපහසුවක් දැනෙද්දි..ඇයි අවීන්ගේ රූම් එකම..මේ ගෙදර කොච්චර රූම්ස් තියෙනවද තව..ඒත් මට මොකුත් කියන්න බැරි හින්දා ඔලුව වනලා අවීන්ගේ පස්සෙන් යනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බේ නෑ..
"වොශ් එකක් දාගන්නවා.."
රූම් එකට ඇවිත් එයා ඇදට ගිහින් ෆෝන් එක ඔබන ගමන් මට කිවුවේ මම බෑග් එක රූම් එකේ සෝෆා එක උඩින් තියද්දි..වොශ් එකක් දාගන්න කිව්වට කෝ ඇදුම් ??
"අවී...න්..."
"ම්ම්.."
"මට ඇදුමක් දෙන්නකෝ.."
"කබඩ් එකෙන් ගන්නවා.."
"ඔයාගේ ඇදුං මට ලොකුයිනේ.."
"ඉතිං උබට මහලා දෙන්නද දැං..තියෙන එකක් ඇදගනිං බන්..අලුත් ටවල් එකක් යටම එකේ ඇති.."
ආය පාරක් බැනුම් අහන්න ඕන්නැති හින්දම මම කබඩ් එක ඇරලා බැගී ටී ශර්ට් එක්කුයි මට ඇතියි කියලා හිතුන ශෝටකුයි අරගෙන බාටා එකට ගියා..
"අනේ මේක ලොකුයිනේ.."
බාතෲම් එකේ මිරර් එකෙන් බලන ගමන් මම ටී ශර්ට් එක කරෙන් උඩට කරගත්තේ ඒක පහලට වැටෙන හින්දා..කලිසමත් බුරුල් වගේ..වෙන කරන්න දෙයක් නැති හින්දා මම එලියට යද්දි අවීන් හිටියේ ඇදේ නිදාගෙන වගේ මූන ලගට වැලමිට තියාගෙන..එයා දිහා බලන ගමන්ම මම හිමින් හිමින් අඩිය තිබ්බේ එයාට ඇහැරෙයි කියලා..බෑග් එක ගාවට ගිහින් ඒ සෝෆා එකේම මම ඉදගත්තා..හයියෙන් ඉදගත්ත පාර මාව දෙපාරක් බම්ප් උනා..මම එහෙම්ම බැලුවේ අවීන් දිහා..තාම ක්ලාස් ඇදුම පිටින්..එයාව ඇහැරවන්න ඕනෙද ?? මාමා කෑම කන්නත් එන්න කිව්වනේ..ටිකක් වෙලා ඉදලා අවීන් නැගිටන පාටක් නැති හින්දා මම හිමීට අවීන් ගාවට ගියා..බැනුම් අහන්න වෙයිද මන්දා..ඒක ඉතිං කොහොමත් පුරුදුයිනේ කියලා මම අවීන්ට කතා කරා..
![](https://img.wattpad.com/cover/352965765-288-k248087.jpg)