අවීන් බයික් එකෙන් නොපෙනී යනකම්ම මම පාර දිහා බලන් ඉදලා ඇතුලට ආවා..අයියා සාලේ වාඩි වෙලා ඉද්දි මම කිචන් එකට ගියේ අස් කරලා නිදාගන්න යන්න..
''ඔයාට නං හොදටම පිස්සු අවීන්.."
මම කිවුවේ නූඩ්ල්ස් බෝල් එක දිහා බලාගෙන..ඇත්තටම ඒක එයාට රසයිද..ඒත් ඔච්චර ලුණු කන්නේ කොහොමද..පව්..
මට අවීන් ගැන දුක හිතුනා..කොච්චර කිව්වත් එයා තේරුම් ගන්නෑ..අයියා පරක්කු වෙන හැමදාම එයා ඒක දැනගෙන වාහනේට වෙලා ගේ ඉස්සරහ ඉන්නවා කියන්න මම දන්නවා..එයා මාව පරිස්සම් කරනවා එයාගෙන්ම..ඒත් මට මොන හේතුව හින්දවත් එයාට ලං වෙන්න බෑ..අයියා උනත් කොහොමත් අවීන්ට කැමති නෑ කියන්න මම දන්නවා..
"සිතූ..''
කල්පනා කර කරම භාජන හෝදන ගමන් හිටපු මම අයියගෙ සද්දෙට සිහියට එද්දි අයියා ඇවිත් ප්රැන්ටියට හේත්තු උනේ මොනවහරි කියන්න වගේ..
"ආය මට කියන්නැතුව මෝල් එකට යන්න එපා..මම දන්නෑ අවීන් කොහොම ඔයා එන එක දැනගත්තද කියන්න..ඒත් එයාව මීට් වෙන එක නවත්තන්න..පුලුවන් තරං එයාගෙන් ඈත් වෙන්න..."
"ඇයි අයියේ ??"
මම ඇහුවේ අයියා දිහා නොබලම..
"ඇයි අහන්නේ ?? මේ ඔයාමද සහශ්ර..බැරිවෙලාවත් ඔයා අවීන්ට ආදරේ කරන්න ගත්තොත් හිතන්න මේ අයියත් මැරුණා කියලා..ඌ උබව විනාස කරා..එදා මම නොඑන්න උබ අර බාතෲම් එකේම මැරිලා යන්න තිබ්බා..එතකොට ඌ කියන්නේ මිනීමරුවෙක්ගේ ලමයෙක් !! ඒක මතක තියාගන්න !!"
අයියා කෑ ගහලා යන්න යද්දි මම තද කරගෙන හිටපු ප්ලේට් එක අත්වලින් ලිස්සලා සද්දෙට සින්ක් එකට වැටුනේ මම ඔහේ බලාගෙන ඉද්දි..අවීන් මට ආදරේ කරනවා..මම දන්නවා..එදා මාව හිටපු තත්වෙටත් වඩා අන්තෙට වැටෙන්න තිබ්බා එයා මාව අතෑරලම දැම්මනං..ඒත් එයා හැමදවසෙම ඒක වෙනුවෙන් සමාව ඉල්ලුවා..පසුතැවුනා..මාව පොඩි එකෙක් බලාගත්තා..මගෙ අප්පච්චිටත් වඩා හොදට..එයාගේ ආදරේ මට නොදැනුනා නෙවෙයි..ඒත් දෙයියනේ කොහොමද මම හිත හදාගෙන එයාට ආදරේ කරන්නේ ??
අයියට පිටින් මට යන්න බෑ..මගෙ පවුලේ ඉන්න එකම කෙනාවත් මට නැති කරගන්න බෑ..මට තේරෙන්නෑ මොකක් කරන්නද කියලා..අවීන් ඉල්ලන එකම එක අවස්ථාව මම දෙන්නේ කොහොමද ??