"මම කිවුව විදිහට වෙන්න ඕනේ..අනිවාරෙන් එතන හොටෙල් ටෙන්ඩර් එක ඕපන් කරන්න..ගෙවල් හදලා දෙනවා හරි කියලා !! මට වැඩේ වෙන්න් ඕනේ එච්චරයි !! "
අවීන් ගේ ඇතුලට අඩිය තියනකොටම ඇහුනේ රහල් කෝල් එකකින් කාට හරිද කෑ ගහන සද්දේ වෙද්දි ඇමති පට්ටම ලැබුණ දවසේ ඉදන් රහල්ගේ කෑ ගැහිල්ල මේ ගෙදර අයට පුරුදු වෙලා..අවීන් සාලේ මැදින් යද්දි රහල් අවීන් දිහා හැරිලා බැලුවත් අවීන් පඩි නගින්න ගත්තේ රහල්ව නොපෙනුන ගානට..
"ලොකූ..මම එන්නද ?? "
බාතෲම් එකේ ඉදලා එලියට ආව අවීන්ට අම්මගේ සදෙව් ඇහෙද්දි කරේ තිබ්බ ටවල් එක රැග් එකට දාන ගමන් නිශාට ඇතුලට එන්න කිව්වේ ඇදෙන් ඉදගන්න ගමන් වෙද්දි නිශා ආවේ අවීන්ගේ මග් එක අතේ තියාගෙන..
"කොහොමද අද exam ලොකූ..හෙටින් ඉවරයි නේද ?? "
"ලොකු අවුලක් නෑ..හෙට එද්දි පරක්කු වෙයි.."
"සෙනුරිව හම්බෙන්නැද්ද පුතා දැං ?? "
නිශා අහද්දි අවීන් මග් එක අරගෙන ඇහිබැමක් උස්සන ගමන් නිශා දිහා බැලුවේ ඒ මොකටද අහන්න වගේ..
"ඔයලා ඉන්නේ එකම සෙක්ශන් එකේනේ..ඒකයි ඇහුවේ..හෙට ඔයාලා කොහෙහරි යනවද ??"
"ම්ම්.."
""රෑ වෙන්න කලිං එන්න ලොකූ..දන්නවනේ අප්පච්චිගේ හැටි..පරිස්සමෙන්.."
"මම එයාට බය නෑ !! "
"මම දන්නවා !! "
නිශා අවීන්ගේ කම්බුලෙන් කිස් එකක් තියලා ඔලුව අතගාන ගමන් කිවුවේ හිනාවෙවී..නිශා දන්නවා අවීන්ට රහල් එක්ක මොකක් හරිද ප්‍රශ්නයක් තියෙනවා කියලා..ඒත් ඒක මොකක්ද කියන්න දන්නේ අවීනුයි රහලුයිම තමයි..
"අනිද්දා යමල්ලා එහෙනම් ඈ..ටිකක් දුර උනාට එහෙ පට්ට බං !.."
"කවුරු කවුරුද යන්නේ දැං ??"
"අපි සෙට් එකයි..මස්සිනයි නැට්ටයි..ඒ ඇතිනේ..අවියා උබට වාහනේ සෙට් කරන්න පුලුවන්ද ?"
"හ්ම්ම්.."
අන්තිම පේපර් එකත් ලියලා එකතු කරාට පස්සේ කොල්ලෝ ටික ground එකට යන ගමන් කතා කරන්නේ ස්ට්‍රෙස් යන්නත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න..ඉතිං වාහන දායකත්වය මන්ත්‍රී පුතා භාරගද්දි අදීශ් තීරණේ කරා යන කට්ටිය කවුද කියලා..මෙයාලා යන්න හදන්නේ නුවරඑළියේ පසිදුලගේ නැන්දගේ ගෙදර..අවීන්ලගේ රෙසට් හවුස් එක්කුත් නුවරඑළියේ තියන හින්දා අවීන්ගෙත් අකමැත්තක් තිබ්බේ නෑ..